Skip to content
البَقَرَة /

වැකිය 233

2 : 233

වැකිය 233 of البَقَرَة (2 : 233). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

البَقَرَة වැකි 286
2 : 233

۞ وَٱلۡوَٰلِدَٰتُ يُرۡضِعۡنَ أَوۡلَٰدَهُنَّ حَوۡلَيۡنِ كَامِلَيۡنِۖ لِمَنۡ أَرَادَ أَن يُتِمَّ ٱلرَّضَاعَةَۚ وَعَلَى ٱلۡمَوۡلُودِ لَهُۥ رِزۡقُهُنَّ وَكِسۡوَتُهُنَّ بِٱلۡمَعۡرُوفِۚ لَا تُكَلَّفُ نَفۡسٌ إِلَّا وُسۡعَهَاۚ لَا تُضَآرَّ وَٰلِدَةُۢ بِوَلَدِهَا وَلَا مَوۡلُودٞ لَّهُۥ بِوَلَدِهِۦۚ وَعَلَى ٱلۡوَارِثِ مِثۡلُ ذَٰلِكَۗ فَإِنۡ أَرَادَا فِصَالًا عَن تَرَاضٖ مِّنۡهُمَا وَتَشَاوُرٖ فَلَا جُنَاحَ عَلَيۡهِمَاۗ وَإِنۡ أَرَدتُّمۡ أَن تَسۡتَرۡضِعُوٓاْ أَوۡلَٰدَكُمۡ فَلَا جُنَاحَ عَلَيۡكُمۡ إِذَا سَلَّمۡتُم مَّآ ءَاتَيۡتُم بِٱلۡمَعۡرُوفِۗ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ

තවද කිරි දීම සම්පූර්ණ කිරීමට අපේක්ෂා කළ අයෙකු වෙනුවෙන් මව්වරු තම දරුවන්ට සම්පූර්ණ දෙවසරක් කිරි පොවන්නෝ ය. ඔවුන්ගේ පෝෂණයත් ඔවුන්ගේ වස්ත්‍රයත් යහ අයුරින් පිරිනැමීම දරුවාගේ පියා සතු වගකීම ය. කිසිඳු ආත්මයක් එහි ශක්තියේ ප්‍රමාණය අනුව මිස පවරනු නො ලැබේ. මව තම දරුවා හේතුවෙන් හා දරුවා සතු අය (පියා) තම දරුවා හේතුවෙන් පීඩා කරනු නො ලැබේ. මෙලෙස උරුමක්කරුටත් (වගකීම) පැවරේ. ඔවුන් දෙදෙනාගේ සාකච්ඡාව හා පිළිගැනීම අනුව මව් කිරි නතර කිරීමට අපේක්ෂා කළේ නම් එසේ සිදු කිරීම ඔවුන් දෙදෙනාට වරදක් නැත. නුඹලාගේ දරුවන්ට කිරි පොවා ගැනීමට නුඹලා අපේක්ෂා කළේ නම් නුඹලා යහපත් අයුරින් දෙන දෑ නුඹලා ලබා දී එසේ සිදු කර ගැනීම නුඹලා වෙත වරදක් නැත. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. නුඹලා කරමින් සිටින දෑ පිළිබඳව අල්ලාහ් සර්ව නිරීක්ෂක බව ද නුඹලා දැන ගනු.