2 : 84
وَإِذۡ أَخَذۡنَا مِيثَٰقَكُمۡ لَا تَسۡفِكُونَ دِمَآءَكُمۡ وَلَا تُخۡرِجُونَ أَنفُسَكُم مِّن دِيَٰرِكُمۡ ثُمَّ أَقۡرَرۡتُمۡ وَأَنتُمۡ تَشۡهَدُونَ
තවද නුඹලා නුඹලාගේ රුධිරය නො හළනු. තවද නුඹලා අතුරින් වූවන්ව නුඹලාගේ නිවෙස්වලින් බැහැර නො කරනු යැයි නුඹලාගෙන් අප ප්‍රතිඥා ගත් සැටි සිහිපත් කරනු. එවිට නුඹලා (එයට) සාක්ෂි දරමින් ම එය සනාථ කළෙහු ය.