ප්‍රතිඵල පෙරන්න
කාඩ්පත් 339
الموضوعات
الموضوعات (13)
التصنيف الشرعي
Filter ▾
حجم المحتوى4
පිළිතුර -1- මට වේදනාව දැනෙන විට;මම මගේ දකුණු අත එම ස්ථානය මත තබා, මම තුන් වරක් මෙසේ කියමි: "අල්ලාහ්ගේ නාමයෙනි", තවද මම මෙසේ කියමි: "මට වැළඳී ඇති සහ මා පරෙස්සම් විය යුතු "නපුරෙන් අල්ලාහ්ගේ මහිමයෙන් සහ බලයෙන් මම රැකවරණය පතමි." යනුවෙන් හත්වතාවක් කියමි.
- අල්ලාහ් නියම කර ඇති දෙයින් තෘප්තිමත් වෙමි. තවද ඉවසිලිවන්ත වෙමි.
තමන් රෝගී වී සිටියදී අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම සුවදුක් විමසීමට පැමිණ මෙසේ ප්‍රකාශ කළ බවට උම්මුල් අලා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කළ හදීසයක මෙසේ සඳහන් වෙයි:
“අහෝ උම්මුල් අලා, ඔබ සතුටු වන්න; මන්ද මුස්ලිම්වරයකුට රෝගයක් ඇති වූ විටෙක, ඒ හේතුවෙන් ගින්න මගින් රන් හා රිදීවල අපද්‍රව්‍ය ඉවත් කරන්නාක් සේ අල්ලාහ් ඔහුගේ පාපකම් මකා දමන්නේය.”
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
- මම මගේ අසනීප තත්වයෙන් පසුවන සහෝදරයා බැලීමට ඉක්මනින් යමි. ඔහු වෙනුවෙන් දුආ අයැද සිටිමි. ඔහු සමඟ වැඩි වේලාවක් ගත නොකරමි.
- ඔහු මගෙන් ඉල්ලා සිටින තුරු බලා නොසිට, මම ඔහු වෙනුවෙන් ආගමානූකූලව මතුරමි.
- මම ඔහුට ඉවසිලිවන්තව සිටින ලෙසටත්, (අල්ලාහ්ගෙන්) කන්නලව් කරන ලෙසටත්, යාච්ඥා කරමින්, හැකි පමණින් තමන් පවිත්‍රව සිටින ලෙසටත් උපදෙස් දෙමි.
- රෝගියකුට කරනු ලබන ප්‍රාර්ථනාව:
"අස්අලුල්ලාහල් අළීම් රබ්බල් අර්ෂිල් අළීම් අය් යෂ්ෆීක" හත් වතාවක්. තේරුම: උත්තරීතර අර්ෂයෙහි පරමාධිපති වන සර්වබලධාරී අල්ලාහ්ගෙන් මම ඔබට සුවය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.
පිළිතුර - 1- සර්වබලධාරී අල්ලාහ් කෙරෙහි අවංක චේතනාව පිහිටුවා ගැනීම.
හදීසයේ මෙසේ සඳහන් වේ:
"«කවරෙකු එමගින් විද්වතුන් ඉදිරියේ පුරසාරම් දොඩනු පිණිසත්, එමගින් අඥානයින් සමග තර්ක කරනු පිණිසත්, එමගින් මිනිසුන්ගේ අවධානය තමන් වෙත යොමු කරවා ගනු පිණිසත් ශිල්පය හදාරන්නේ ද, අල්ලාහ් ඔහුව නිරයට ඇතුළු කරනු ඇත.»"
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.
- මම ඉගෙන ගත් දැනුම ක්‍රියාවට නංවමි.
"“ගැත්තෙකුගෙන් කරුණු හතරක් ගැන, -එයින් සඳහන් කළේය- ඔහුගේ දැනුම ගැන, එය කවර විෂයක ක්‍රියා කළේ යැයි ද විමසනු ලබන තෙක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ දෙපා ඉවත්ව නොයන්නේමය.”"
මෙය ඉමාම් තිර්මිදි හා ඉමාම් දාරමී විසින් වාර්තා කර ඇත.
- මම ගුරුවරයාට ඔහු ඉදිරියේදී සහ ඉදිරියේ නොමැති විටක ඔහුට ගරු කරමි.
- ඔහු ඉදිරියෙහි ආචාරශීලීව අසුන් ගනිමි.
- මම ඔහුට හොඳින් සවන් දෙන අතර, ඔහුගේ පාඩමක් උගන්වන අතර තුරදී බාධා නොකරමි.
- මම ප්රශ්නය ඇසීමේදී ආචාරශීලී වෙමි.
- මම ඔහුට ඔහුගේ නම කියා කතා නොකරමි.
“ඉඳුණු කෙස් සහිත මුස්ලිම්වරයාට හා අල් කුර්ආනය උසුලන්නාට ගරු කිරීම නියත වශයෙන්ම අල්ලාහ්ගේ අභිමානයෙන් වූවකි.”
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
පිළිතුර - 1- මම සභාවට සහභාගි වී සිටින අයට සලාම් කියා ආචාර කරමි.
- මා සහභාගි වී සිටින සභාව අවසන් වන තුරු මම එහි වාඩි වී සිටිමි, මම අදාල සභාවෙන් කිසිවකු නැගිට්ටවන්නේ හෝ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඔවුන්ගේ අවසරයකින් තොරව අසුන් නොගනිමි.
- සභාවේ වෙනත් කෙනෙකුට වාඩි වීමට ඉඩ සළසා දෙමි.
- මම සභාවේ පවත්වනු ලබන කතා බහට බාධා නොකරමි.
- මම සභාවෙන් පිටවීමට පෙර අවසර ඉල්ලා සිටින අතර ඉන් පසු සලාම් කියා පිටත් වෙමි.
- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී:
"“පුද්ගලයෙකු සභාවෙන් නැගිට්ටවා එහි වෙනත් කෙනෙකු අසුන් ගැනීම එතුමාණන් තහනම් කළහ. එහෙත් නුඹලා ඉඩ සළසා දෙන්න, තවද ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්න.”"
(මූලාශ්‍රය: බුහාරි)
හදීසයේ මෙසේ සඳහන් වේ:
"ඔබ අතරින් කිසිවකු හෝ සභාවකට ගිය විට, ඔහු (ඔවුනට) සලාම් පැවසිය යුතුය. ඔහු නැගිට යන්නට සිතූ විට ද සලාම් පැවසිය යුතුය. පළමුව අවසාානට වඩා උතුම් වන්නේ නැත."
මෙය ඉමාම් තිර්මිදි හා ඉමාම් අබූ දාවුද් විසින් දැනුම් දී ඇත.
- සභාවේ කටයුතු අවසන් වීමෙන් පසු මම සභාව වෙනුවෙන් සමාව අයද සිටීමේ (දුආ) ප්‍රාර්ථනාව කියමි. එනම්:
‘සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලා අන්ත අස්තග්ෆිරුක වඅතූබු ඉලයික.’ (යා අල්ලාහ් ඔබගේ ප්‍රශංසාව තුළින් ඔබ සුවිශුද්ධ විය. ඔබ හැර නැමදුමට කිසිවකු නොමැති බව මම සාක්ෂි දරමි. මම ඔබෙන් පව් සමාව අයැදිමි. තවද ඔබ වෙත පසුතැවිලි වී හැරෙමි.)
පිළිතුර -1 මම කල් වෙලාවට නිදාගනිමි.
එය මෙම හදීසයට අනුව වේ:
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉෂා සලාතයට පෙර නින්දට යාමත්, ඉන්පසුව කතා කිරීමත් පිළිකුල් කළ බව අබූ බර්සා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
(මූලාශ්‍රය: බුහාරි)
- මම පිරිසිදු වීමෙන් පසු නිදාගනිමි.
- මම මූනින් අතට හැරී නිදා නොගනිමි.
- මම දකුණු පැත්තට ඇලවී නිදාගනිමි.මගේ දකුණු අත මගේ දකුණු කම්මුලට යටින් තබා ගනිමි.
- මම මගේ ඇඳ (එහි ඇතිරිලි) ගසා ගනිමි.
හදීසයේ මෙසේ සඳහන් වේ:
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අල් බරා ඉබ්නු ආසිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
“ඔබ නින්දට යන්නට පෙර වුදු කර ගනු. පසුව ඔබේ දකුණු පැත්තට ඇල වී නිදා ගනු” මූලාශ්‍ර බුහාරි සහ මුස්ලිම්.
- අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, මිනිසෙකු තම උදරය මත වැතිර සිටිනු දැක ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"“සැබවින්ම මෙය අල්ලාහ් ප්‍රිය නොකරන වැතිරීමේ ඉරියව්වකි.”"
මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු විසින් දන්වා ඇත.
තවද මුහම්මද් තුමා මෙසේ දෙසූහ:
«ඔබ අතරින් කිසිවකු හෝ නින්දට යන විට, තම ඇඳුමහි දාරයෙන් ඔහුගේ නිදියහන තට්ටු කරත්වා. හේතුව සැබැවින්ම ඔහු ගිය පසු එම ස්ථානයේ පවතින දෑ ඔහු නොදන්නා බැවිනි.»
- ආයතුල් කුර්සී, සූරතුල් ඉහ්ලාස් සහ අල් මුඅව්විදතයින් සුරාවන් වැනි පාරායන නින්දට යන විට තුන් වරක් කියවමි. තවද මම මෙසේ කියමි. "දෙවියනි! ඔබගේ නාමයෙන් මම මිය යන්නෙමි. කවද ජීවත් වන්නෙමි."
බිස්මිකල්ලාහුම්ම අමූතු වඅහ්යා. තේරුම- යා අල්ලාහ් ඔබේ නාමයෙන් මරණය (හෙවත් නින්ද) ට පත්වෙමි. ඔබේ නාමයෙන්ම නැවත ජීවය ලබන්නමි.
- මම ෆජ්ර් සලාතය සඳහා නැගිටිමි.
- මම අවදි වූ පසු මෙසේ කියමි.
අල්හම්දු ලිල්ලාහිල්ලදී අහ්යානා බඃද මා අමාතනා ව ඉලෙයිහින් නුෂූර්. තේරුමඃ අප මරණයට පත්කළ, පසුව අපට ප්‍රාණය ලබාදුන් අල්ලාහ්ටම සියලූ ප්‍රසංශා හිමිවේවා. තවද ඔහු වෙතය අපි නැවත යා යුත්තේ.
පිළිතුර 1. බලවත් වූ සහ උත්තරීතර අල්ලාහ්ට යටහත් පහත් භාවය දැක්වීම වස් ආහාර පාන ගැනීමේදී භියබැති කම මුල්කරගෙන චේතනාව පිහිටුවා ගනිමි.
- ආහාර අනුභව කිරීමට පෙර, අත් දෙක මැණික් කටුව ඇතුළුව සේදීම.
- එය දේවත්වය විශ්වාස කරන්නන්ගේ මාතාවක් වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ හදීසයකට අනුවය. එනම්, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන්:
«ආහාර අනුභව කිරීමට හා පානය කිරීමට සිතූ විට තම දෑත් සෝදා, පසු ව ආහාර අනුභව කර පානය කරයි.»
ඉමාම් අහ්මද් විසින් මෙය වාර්තා කර ඇත.
- මම "අල්ලාහ්ගේ නාමයෙන්" යැයි කියමි, මම මගේ දකුණු අතෙන් සහ මට සමීපව ඇති ආහාර අනුභව කරමි, මම පිඟානයේ (බන්දේසියේ) මැද ඇති දේ හෝ වෙනත් කෙනෙකු ඉදිරියේ ඇති දෑ අනුභව කරන්නේ නැත.
එය මෙම හදීසයට අනුව වේ:
දරුව! ඔබ අල්ලාහ්ගේ නාමය පවසන්න. ඔබේ දකුණතින් අනුභව කරන්න. ඔබට අසළින් ඇති දෑ අනුභව කරන්න.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
- "අල්ලාහ්ගේ නාමයෙනි" යැයි කීමට මට අමතක වුවහොත්, මම මෙසේ කියමි: "අල්ලාහ්ගේ නාමයෙන්, එහි ආරම්භය සහ අවසානය දක්වා."
- ඊට සාධක වශයෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව දේවත්වය විශ්වාස කරන්නන්ගේ මෑණියක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කළ හදීසය වනුයේ මෙසේය:
«ඔබ අතරින් කිසිවකු හෝ ආහාර ගන්නා විටක "බිස්මිල්ලාහ්" (අල්ලාහ්ගේ නාමයෙනි) යනුවෙන් කිව යුතුය. එහි ආරම්භයේදී එසේ කීමට අමතක වූ විට "බිස්මිල්ලාහි ෆී අව්වලිහි වආහිරිහි" (එහි ආරම්භයේදීත් අවසානයේදීත් අල්ලාහ්ගේ නාමයෙන්) යනුවෙන් කිව යුතුය.»
මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු විසින් දන්වා ඇත.
- ආහාරවලින් ලැබෙන දෙයින් මම සෑහීමකට පත්වන අතර, මම ආහාරයේ වරදක් නොදකිමි. මම එයට කැමති නම්, මම එය අනුභව කරමි, මම එයට අකමැති නම් මම එය අත්හැර දමමි.
- අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
“නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කිසිදු විටෙක ආහාරයකට අඩුපාඩු පවසා නැත. එයට එතුමා කැමති වූයේ නම් එය අනුභව කළහ. එසේනැතිනම් එය අතහැර දැමූහ.”
- මම ආහාර කට කිහිපයක් අනුුුභව කරමි, නමුත් අධිකව ගන්නේ නැත.
හදීසයේ මෙසේ සඳහන් වේ:
"«මිනිසා තම කුසට වඩා නරක ලෙස පුරවන වෙනත් කිසිදු භාජනයක් නැත. මිනිසාට තම කොඳු ඇට පෙළ ඍජුව තබා ගන්නා තරමට ආහාර කටවල් කිහිපයක් අනුභව කිරීම ප්රමාණවත්ය. මිනිසාගේ ආශාව ඔහුව අභිබවා යන්නේ නම්, තුනෙන් එකක් ආහාර සඳහා ද තුනෙන් එකක් බීම සඳහා ද ඉතිරි තුනෙන් එක හුස්ම සඳහා ද විය යුතුය.»"
මෙය ඉමාම් තිර්මිදි, හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.
- මම ආහාර හෝ පානය මත පිඹින්නේ නැත, එහි උණුසුම අඩුවන තුරු ඉවසා සිටිමි.
“ආහාර හා පාන වල පිඹීමෙන් අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වැළැක්වූහ.”
මෙය ඉමාම් අහමද් හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.
- මම ආහාර අනුභව කරන විට පවුලේ අය සමග හෝ ආගන්තුකයන් සමඟ හෝ වෙනත් අය සමඟ එකතු වී ආහාර අනුභව කරමි.
- කෙනෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට මෙසේ පවසා සිටි බවට හදීසයක සඳහන් වේ: "සැබැවින්ම අපි ආහාර ගන්නෙමු, නමුත් කුස පිරෙන්නේ නැත." එවිට එතුමාණෝ මෙසේ පැවසූහ:
"«ඔබ වෙන් වෙන්ව ආහාර ගන්නා විය හැක, ඔබේ ආහාරය ගන්නා විට ඔබ එක්රැස් වී උත්තරීතර අල්ලාහ්ගේ නාමය සිහිපත් කර ආහාරය ගන්න. එය ඔබට සමෘද්ධිමත් කරනු ලබනු ඇත.»"
මෙය අබූ දාවුද් හා ඉබ්නු මාජා යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
- මට වඩා වැඩිමල් කෙනෙකුට ටපර මම කෑම අනුභව කරන්න පටන් ගන්නේ නැත.
- මම කිසිවක් පානය කරන විට "අල්ලාහ්ගේ නාමයෙන්" යැයි කියන අතර, මම වාඩි වී උගුරු තුනක් පානය කරමි, තවද බඳුන තුළට හුස්ම ගන්නේ නැත.
"“කෙනෙකු පානය කරන විට භාජනය තුළ හුස්ම නො හැරිය යුතු ය.”"
- තවද අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ මෙම හදීසයට අනුව ද වේ:
""සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සිටගෙන පානය කිරීමට විරුද්ධව තරවටු කර ඇත.""
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
තවද එය එක් හදීසයකට අනුවය:
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ජලය බොන විට, එතුමාණෝ තෙවරක් හුස්ම හරිමින් (උගූරු තුනකින්) බීවේය.”
- මම ආහාර අනුභව කර හෝ පානය කර අවසන් වූ විට "අල්හම්දු ලිල්ලාහ්" යනුවෙන් අල්ලාහ්ට ස්තුති කරමි.
"ආහාරය අනුභව කර ඒ සඳහා තමන්ට ප්‍රශංසා කරන, බීම පානය කර ඒ සඳහා තමන්ට ප්‍රශංසා කරන ගැත්තා ගැන සැබැවින්ම අල්ලාහ් තෘප්තියට පත් වන්නේය."
පිළිතුර 1- මම මගේ ඇඳුම දකුණු පැත්තෙන් පැළඳීමට පටන් ගනිමි, ඒ සඳහා "අල්හම්දු ලිල්ලාහ්" යනුවෙන් අල්ලාහ්ට ස්තුති කරමි.
- අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“නුඹලා අදින විට ද වුළූ ධෝවනය කරන විට ද නුඹලාගේ දකුණු පැත්තෙන් ආරම්භ කරන්න.”
අබූ දාවූද් සහ අහ්මද් එය වාර්තා කර ඇත
- ඇඳුම, වළලුකරට වඩා පහළට නොපළදමි.
හදීසයේ මෙසේ සඳහන් වේ:
"වළලු කරට පහළින් ඇති පහළ ඇඳුම අපා ගින්න තුළය."
(මූලාශ්‍රය: බුහාරි)
වළලු කර යනු පාදයේ දෙපස නෙරා පවතින අස්ථි දෙකය.
- පිරිමි ළමයින් ගැහැණු ළමයින්ගේ ඇඳුම් නොඅඳින අතර ගැහැණු ළමයින් පිරිමි ළමයින්ගේ ඇඳුම් අඳින්නේ නැත.
“කාන්තා ඇඳුම් අඳින පිරිමියාටත් පිරිමි ඇඳුම් අඳින කාන්තාවටත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් ශාප කළහ."
- දේව විශ්වාස නොකරන්නන්ගේ හෝ අශිෂ්ඨ, අශීලාචාර පුද්ගලයින් අනුකරණය කරමින් ඔවුන්ගේ විලාසිතා ඇඳුම් අනුකරණය නොකිරීම.
එය මෙම හදීසයට අනුව වේ:
කවරෙකු යම් සමාජයකට ආවේනිකව කටයුතු කරන්නේ ද ඔහු ඔවුන් අතුරින් කෙනෙකි.
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
- ඇඳුම් ගලවන විට "බිස්මිල්ලාහ්" අල්ලාහ්ගේ නාමයෙන් යැයි කීම.
«ආදම්ගේ පුතණුවන්ගේ රහස්‍ය පෙදෙස් හා ජින්වරුන් අතර ආවරණය වනුයේ, නුඹලා අතුරින් යමෙකු තම ඇඳුම ඉවත් කරන විට 'බිස්මිල්ලාහ්' යැයි පැවසීමය.»
මෙය තබරානී හා ඉබ්නු අබී ෂයිබා යන ඉමාම්වරුන් විසින් වාර්තා කර ඇත.
- පළමුව දකුණු පාදයට පාවහන් පැළඳීම, (පාවහන් ගලවන විට) වම් පාදයේ පාවහන් (පළමුව) ඉවත් කිරීම.
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලද මෙම හදීසයට අනුව වේ:
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාවහන් පැළඳීමේ දී ද හිසකෙස් සැකසීමේ දී ද පිරිසිදු කිරීමේ දී ද එතුමාණන්ගේ සෙසු සියලු කටයුතු වල දී ද එතුමාණෝ දකුණත ප්‍රිය කරන්නෙකු වූහ.”
පිළිතුර 1 මම "බිස්මිල්ලාහ්" අල්ලාහ්ගේ නාමයෙනි, "අල්හම්දු ලිල්ලාහ්" සියලු ප්‍රශංසා අල්ලාහ්ටම හිමි වේවා! යනුවෙන් පවසමි.
"සුබ්හානල්ලදී සහ්හර ලනා හාදා වමා කුන්නා ලහූ මුක්රිනීන්" 13 - තේරුම; මෙය (වාහනය) අප වෙත ලබාදුන් ඔහු (අල්ලාහ්) සුවිශුද්ධය. මේ සඳහා වූ ශක්තිය අප සතුව තිබුනේ නැත.
තවද නියත වශයෙන් ම අපි අපගේ පරමාධිපති වෙත හැරී යන්නෝම ය.
(අස්-සුහ්ඃරුෆ් :13-14)
- මම මුස්ලිම්වරයෙකු පසුකර ගියහොත්; ඔහුට "සලාම්" (සාමය ඇති වේවා!) යනුවෙන් පවසමි.
පිළිතුර- 1. මම ඇවිදීමේදී මධ්‍යස්ථ සහ නිහතමානී වෙමි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
තවද මහපොළොවේ උඩඟුවෙන් ගමන් නො කරනු. නියත වශයෙන් ම නුඹට මහපොළොව හාරා ගමන් කළ නො හැක්කේ ම ය. තවද උසින් කඳුවලට ළං විය නො හැක්කේ ම ය.
(අල් ඉස්රාඃ: 57)
- සලාම් පැවැසූ තැනැත්තාට සලාම් (සාමය වේවා! යනුවෙන්) පවසමි.
- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන්: ‘ඉස්ලාමයේ කවර කරුණක් උතුම් වන්නේදැ?’යි විමසා සිටියේය. එතුමා පවසා සිටියහ:
“ආහාර සැපයීම, හඳුනන අයට හා නාඳුනන අයට ඔබ සලාම් පැවසීම”
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
- මගේ බැල්ම බිම හෙළා ගනිමි, කිසිවෙකුට හිරිහැර නොකරමි.
4-යහපත අණ කර අයහපත වළක්වමි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයක මෙසේ සඳහන් වේ.
“මාර්ගයට එහි අයිතිය පිරිනමනු” යැයි පැවසූහ. ඔවුහු: මාර්ගයේ අයිතිය කුමක්දැයි විමසුවෝය. එතුමා: “බැල්ම පහත හෙළීම, හානිය වළක්වා ගැනීම, සලාමයට පිළිතුරු දීම, යහපත විධානය කිරීම හා අයහපතින් වැළැක්වීම වේ” යැයි පිළිතුරු දුන්හ.
- හානි සිදු කරන දෑ මාර්ගයෙන් ඉවත් කරමි.
හදීසයේ මෙසේ සඳහන් වේ:
“හානි සිදු කරන දෑ මාර්ගයෙන් ඉවත් කිරීම ද සදකාවකි.”
පිළිතුර- 1මම මගේ වම් පාදය පිටතට තබා මෙසේ කියමින් පිටත්වෙමි.
"බිස්මිල්ලාහි තවක්කල්තු අලල්ලාහි වලාහව්ල වලාකුව්වත ඉල්ලා බිල්ලාහ්, අල්ලාහුම්ම ඉන්නී අවූදු බික අන් අදිල්ල අව් අදිල්ල අව් අසිල්ල අව් අසිල්ල අව් අද්ලිම අව් උද්ලම අව් අජ්හල අව් යුජ්හල අලෙයිය." තේරුම-අල්ලාහ්ගේ නාමයෙන් (පිටත්වෙමි,) මගේ කාර්යයන් සියල්ල සම්පූර්ණයෙන් අල්ලාහ් වෙත භාරකර ඔහුවම විශ්වාස කරමි. තවද අල්ලාහ් හැර වෙනත් කිසිදු ශක්තියක් හෝ බලයක් නැත. යා අල්ලාහ් මා මංමුළාවීම හෝ මා අවමානයට ලක්වීම හෝ අසාධාරණය කිරීම හෝ මා අසාධාරණයට ලක්වීම, මා මන්ද බුද්ධිකයකු වීම හෝ මන්ද බුද්ධිකයකු බවට පත්කරනු ලැබීම යනාදියෙන් මාව ආරක්ෂා කරනු මැන.
2-මම මගේ දකුණු පාදය තබා මෙසේ කියමින් නිවස තුලට ඇතුල් වෙමි.
"බිස්මිල්ලාහි වලජ්නා වබිස්මිල්ලාහි හඃරජ්නා වඅලල්ලාහි රබ්බිනා තවක්කල්නා." යැයි අල්ලාහ් වෙත පවරා) විශ්වාසය තබමු.
සිවාක් කිරීම ආරම්භ කරමි. පසුව නිවසේ සිටින සියලු දෙනාට සලාම් කියමි.
හදීසයේ මෙසේ සඳහන් වේ:
«නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නිවසට ඇතුළු වන විට මුළින්ම සිවාක් (කට පිරිසිදු) කර ගන්නෙකු වූහ.»
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.
පිළිතුර- 1මම මගේ වම් පාදය ඇතුලට තබා මෙසේ කියමින් ඇතුල් වෙමි.
- ඇතුල්වීමට පෙර මෙසේ කියමි.
"බිස්මිල්ලාහි, අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් හුඃබ්සි වල් හඃබාඉසි." තේරුම:-අල්ලාහ්ගේ නාමයෙන් ඇතුල් වෙමි. යා අල්ලාහ්! කාන්තා හා පිරිමි නරක ජින්වරුන්ගේ හානියෙන් මා ඔබගෙන් ආරක්ෂාව පතමි.
- අල්ලාහ් සිහි කිරීමට අදාල කිසිවක් මා එයට ඇතුල් වීමේදී රැගෙන නොයමි.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම මෙසේ පැවසීය:
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැසිකිළියට පිවිසෙන විට එතුමාණන්ගේ මුද්ද ගලවා තබන්නෙකු වූහ.
මෙය අබූ දාවුද් හා ඉබ්නු මාජා යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
- ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීමේදී එම ස්ථානය වසා ගනිමි.
හදීසයේ මෙසේ සඳහන් වේ:
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අවශ්‍යතාවය ඉටු කිරීමේ දී ආවරණය වීම සඳහා වඩාත් ප්‍රිය කළ දැය වූයේ උස් බිමක් හෝ ඉඳි ගස් ගොමුවකි.”
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
- ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීමේ ස්ථානයේදී කතා නොකරමි.
- මම මුත්‍රා කරන විට හෝ මළපහ කරන විට කිබ්ලාව දෙසට හැරී හෝ ඒ පෙදෙසට පිටු පස ප්‍රෙද්ශ හරවා නොසිටිමි.
නබිවරයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා) මෙසේ පවසා ඇත්තෝය.
“මල පහ කිරීමේ දී හෝ මූත්‍රා කිරීමේ දී හෝ කිබ්ලාවට ඔබ මුහුණ නොලන්න. නමුත් නැගෙනහිරට හෝ බටහිරට මුහුණ ලන්න.”
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
- අපිරිසිදු දෑ ඉවත් කිරීමට මම මගේ වම් අත භාවිතා කරන අතර මගේ දකුණු අත භාවිතා නොකරමි.
එය මෙම හදීසයට අනුව වේ:
«සැබවින්ම ඔහු අපට තහනම් කළේය… දකුණතින් පිරිසිදු වීමට»
- මම මිනිසුන් ගමන් කරන මාර්ගයේ හෝ ඔවුන් (විවේක ගන්නා) සෙවණැලි යට මගේ ශාරීරික අවශ්‍යතා ඉටු නොකරමි.
- අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
ශාපයට ලක්වන කරුණු දෙකක් පිළිබඳ නුඹලා බියවනු. ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! ශාපයට ලක්වන කරුණු දෙක මොනවාද?” යැයි විමසුවෝය. එතුමා: “ජනයාගේ මාර්ගයේ හෝ ඔවුන්ගේ හෙවණෙහි වැසිකිලි කැසිකිලි යාම” යැයි පැවසූහ.
- මම ශාරීරික අවශ්‍යතා ඉටු කිරීමෙන් පසුව මගේ අත් සෝදා ගනිමි.
ජරීර් (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසයෙහි මෙසේ සඳහන් වේ: මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමඟ සිටියෙමි. එවිට එතුමාණන් වැසිකිළියට පිවිස, ශරීර කෘත්‍යය ඉටු කර ගත්හ. පසුව එතුමා මෙසේ ප්‍රකාශ කළහ:
«අහෝ ජරීර්, පිරිසිදු වීම සඳහා ජලය ගෙන එනු.» එවිට මම එතුමාණන් වෙත ජලය ගෙන ආවෙමි. පසුව එතුමාණන් ජලයෙන් ඉස්තින්ජා කර, තම අතින් (මෙසේ) කර, එය (තම අත) පොළොවේ අතුල්ලා ගත්තේය.
ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත.
- මම මගේ වම් පාදය පිටතට තබා“ගුෆ්රානක” තේරුම- ඔබෙන් සමාව අයද සිටිමි යැයි කියමි.
පිළිතුර 1- මස්ජිදය තුලට ඇතුල් වීමේදී මගේ දකුණු පාදය එහි තබා මෙසේ කියමි.
"බිස්මිල්ලාහි අල්ලාහුම්මෆ්තහ්ලී අබ්වාබ රහ්මතික." තේරුම - අල්ලාහ්ගේ නාමයෙන් ඇතුල් වෙමි’යා අල්ලාහ් ඔබේ කරුණාවේ දොරටු මා කෙරෙහි විවෘත කරනු මැනවි.
- සුන්නත් වූ රකඅත් දෙකක් ඉටු කිරීමෙන් පසු එහි වාඩිවෙමි.
එය මෙම හදීසයට අනුව වේ:
ඔබ අතුරින් කිසිවෙකු හෝ මස්ජිදය ට පිවිසියේ නම් රකආත් දෙකක් සලාතයට ඉටු කරන තෙක් වාඩි නොවන්න.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
- සලාත් කරමින් සිටින්නන් අතරින් ගමන් නොකරමි. මස්ජිදය තුල විකිණීම් සහ මිලදී ගැනීම් වල නිරත නොවෙමි.
එතුමාණෝ (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය හිමි වේවා) මෙසේ දෙසූහ.
«සලාත් ඉටු කරන්නෙකු ඉදිරිපිටින් ගමන් කරන පුද්ගලයා තමා දරන වරදෙහි තරම දැන සිටියේ නම්, ඔහු ඉදිරියෙන් ගමන් කිරීමට වඩා හතළිහක් සිටගෙන සිටීම ඔහුට උතුම් වනු ඇත.»
තවද අල්ලාහ්ගේ දූතයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පවසා ඇත:
කවරෙකු හෝ නැති වුණු දෙයක් ගැන මස්ජිදයේ බෙරිහන් දෙමින් සිටින මිනිසෙකු දුටුවේ නම් "ලා රද්දහල්ලාහු අලෙයික" (ඔබ ට අල්ලාහ් එය නැවත ලබා නොදෙත්වා) යනුවෙන් පවසත්වා! සැබැවින්ම මස්ජිදයන් ඒ සඳහා ඉදි කරනු නොලැබුවේය.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
- හදීසයේ මෙසේ සඳහන් වේ:
මස්ජිදයේ (ව්‍යාපාරයේ නිරත වන) විකුණන්නෙකු හෝ මිල දී ගන්නෙකු ඔබ දුටුවෙහු නම් ‘ලා අබ්රහල්ලාහු තිජාරක‘-ඔබේ ව්‍යාපාරයෙ හි අල්ලාහ් ලාභය ඇති නොකරත්වා- යනුවෙන් පවසත්වා!
මෙය ඉමාම් තිර්මිදි හා ඉමාම් දාරමී විසින් වාර්තා කර ඇත.
- මස්ජිදයේ පිරිසිදුකම පිළිබඳව සැලකිලිමත් වීම.
- හදීසයක දේව විශ්වාසීන්ගේ මෑණිය වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
නිවෙස් පිහිටා ඇති ප්‍රදේශයන්හි මස්ජිද් ඉදි කර ගැනීම ද එය පිරිසිදු කරනු ලැබීම ද එයට සුවඳ විලවුන් ගල්වනු ලැබීම ද අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අණ කළහ.
මෙය තිර්මිදි, අබූ දාවුද්, හා අහ්මද් යන ඉමාම්වරු විසින් දන්වා ඇත.
- මම මගේ වම් පාදය මස්ජිදයෙන් පිටතට තබා පිටත් වන විට මෙසේ කියමි,
"අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆද්ලික" - තේරුම, යා අල්ලාහ් ඔබගේ ආශිර්වාදය ඉල්ලා සිටිමි.
පිළිතුර 1- මම මුස්ලිම්වරයෙකු මුණගැසුණු විට, « අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු » යනුවෙන් අමතමි. ඒ හැර වෙන කිසිවකින් ආරම්භ නොකරමි, සහ මම මගේ අතින් පමණක් ඇඟිල්ල දිගු නොකරමි. සලාම් වෙනුවට අතෙන් සංඥා නොකරමි.
2-- මා විසින් සලාම් කියන තැනැත්තාට සිනහමුසු මුහුණින් එසේ සලාම් කියා ආචාර කරමි.
හදීසයේ මෙසේ සඳහන් වේ:
යහපත් කටයුතු අතරින් කිසිවක් ඔබ හෙළා නොදකින්න. එය ඔබේ සහෝදරයාව සිනහමුසු මුහුණින් හමුවීම වුවද විය හැක.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
3-මගේ දකුණතින් අතට අතදී ආචාර කරමි.
- යමෙක් මට සුබපැතුම් පිරිනමන්නේ නම්, මම ඔහුට ඉතා වඩා හොඳ ආකාරයට සලාම් කියා ආචාර කරමි, නැතහොත් ඔහු සුබ පැතූ ආකාරයටම සුබ පතමි.
අල්ලාහ් මෙසේ පවසයි.
සුබ පැතුමකින් නුඹලා සුබ පතනු ලැබූ විට නුඹලා ද ඊට වඩා අලංකාර ලෙසින් සුබ පතනු. එසේ නැතහොත් එයම ආපසු ප්‍රතිචාර ලෙස දක්වනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ ගණනය කරන්නා ය.
(අන් නිසා 4:80)
5-මම දේව විශ්වාස නොකරන කෙනෙකුට සලාම් කියා සුබපැතුම් පිරිනැමීම ආරම්භ නොකරමි, ඔහු මට ආචාර කරන්නේ නම් මම ඔහුට 'වඅලයිකුම්' (ඔබටත් එසේම වේවා) යන පැතුමෙන් ප්‍රතිචාර දක්වමි.
එය මෙම හදීසයට අනුව වේ:
“යුදෙව්වන් හා කිතුනුවන්ට නුඹලා සලාම් පවසා ආරම්භ නොකරනු.”
- වයසින් බාල වූවන් වැඩිමහල් තැනැත්තාටද, (වීදියක හෝ) පදික වේදිකාව මත ගමන් කරන තැනැත්තාට, වාහනයෙන් ගමන් කරන්නාද, වාඩි වී සිටින තැනැත්තාට ඒ හරහා ගමන් කරන්නාද සලාම් කියා ආචාර කළ යුතුයි. එමෙන්ම, සුළු පිරිසක් විශාල පිරිසට සලාම් කියා ආචාර කළ යුතුයි.
අල්ලාහ්ගේ දූතයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පැවසූහ.
“වාහනයේ ගමන් කරන්නා පා ගමනින් යන්නාටත්, පා ගමනින් යන්නා වාඩි වී සිටින්නාටත්, සුළු පිරිස බහුතර පිරිසටත් සලාම් පවසනු ඇත.”*
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
- මහ්රම් නොවන පිටස්තර කාන්තාවකට අතට අත නොදීම.
- හදීසයක දේව විශ්වාසීන්ගේ මෑණිය වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
«අල්ලාහ් මත දිවුරා පවසමි, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ගේ දෑත කිසි විටෙක ස්ත්‍රියක් ස්පර්ශ කළේ නැත.»
පිළිතුර -1. මම අදාල ස්ථානයට ඇතුළු වීමට පෙර අවසර ඉල්ලා සිටිමි.
2.මම තුන් අවස්ථාවේ අවසර ඉල්ලා සිටින අතර, අවසර නොලැබුනු විටක මම ආපසු හැරී යමි.
හදීසයේ මෙසේ සඳහන් වේ:
"«ඔබ අතරින් කෙනෙකු තුන්වරක් අවසර ඉල්ලා සිටි විට, ඔහුට අවසර නොලැබුණේ නම් ඔහු ආපසු හැරී යා යුතුය.»"
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
3.මම දොරට මෘදු ලෙස තට්ටු කරමි, දොර ඉදිරිපිට නොසිට, එහි දකුණු පැත්තෙන් හෝ වම් පැත්තෙන් සිටගෙන සිටිමි. තවද "අස්සලාමු අලෛකුම්" (ඔබට සාමය ඇති වේවා!) යනුවෙන් පවසමි.
එය මෙම හදීසයට අනුව වේ:
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කිසියම් පිරිසකගේ දොරටුවක් වෙත පැමිණි විට, දොරටුවට කෙළින්ම මුහුණලා නොසිට, එහි දකුණු දෙසට හෝ වම් දෙසට වී "අස්සලාමු අලයිකුම්, අස්සලාමු අලයිකුම්" යැයි පවසන්නෙකු වූහ.
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
- මම මගේ පියා, මගේ මව හෝ වෙනත් කිසිවකුගේ අවසරයකින් තොරව ඔවුන්ගේ කාමරවලට ඇතුළු නොවෙමි. විශේෂයෙන්ම අලුයමට පෙර, දහවල් නින්දේ වේලාවට සහ සවස් කාලයේ සලාතයෙන් පසුව අවසරයකින් තොරව එසේ ඇතුල් නොවමි.
අල්ලාහ් මෙසේ පවසයි.
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ දකුණත් හිමිකරගත් (හෙවත් නුඹලාගේ පාලනය යටතේ සිටින වහල්) අය ද වැඩිවියට ළඟා නො වූ අය ද නුඹලාගෙන් (අවස්ථා) වාර තුනක් අවසර පැතිය යුතු ය. එනම් ෆජ්ර් සලාතයට පෙර ද, මධ්‍යහන කාලයේ නුඹලාගේ ඇඳුම් නුඹලා ලිහා තබන අවස්ථාවේ ද, ඉෂා සලාතයෙන් පසු ද වේ. නුඹලාට එය පෞද්ගලික අවස්ථා තුනකි. ඒවාට පසුව නුඹලා කෙරෙහි හෝ ඔවුන් කෙරෙහි හෝ දොසක් නොමැත. නුඹලා වෙත නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු අතර නිතර සැරිසරන්නෝ වෙති. අල්ලාහ් නුඹලාට එම වදන් පැහැදිලි කරනුයේ එලෙස ය. තවද අල්ලාහ් සර්වඥානී ය; මහා ප්‍රඥාවන්ත ය.
(අන්-නූර්: 62)
මට රෝහලක් හෝ වෙළඳ සැල් වැනි ස්ථාන වලට අවසරයකින් තොරව ඇතුළු විය හැක.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
නුඹලාට අවශ්‍යතා ඇති එහි කිසිවකු වාසය නො කරන නිවෙස්වලට නුඹලා ඇතුළු වීම නුඹලා කෙරෙහි වරදක් නො වේ. තවද නුඹලා හෙළි කරන දෑ ද නුඹලා වසන් කරන දෑ ද අල්ලාහ් දනියි.
පිළිතුර 1- සත්වයාට ආහාරය හා ජලය සපයමි.
හදීසයේ මෙසේ සඳහන් වේ:
ඔවුහු: අල්ලාහ්ගේ දූතයාණනි! සතුන් විෂයයෙහි පවා අපට ආනිශංසා තිබේදැ?යි විමසුවෝය. එතුමාණෝ: ‘සජීවී සෑම දෙයකටම පිහිට වීමෙන් කුසලක් ඇත.’යැයි පැවසූහ.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
- තම පිට උදරය සමග ඇලී පැවති ඔටුවකු අසළින් අල්ලාහ්ගේ දූතයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) ගමන් කළහ. එවිට එතුමා මෙසේ පැවසූහ:
""මෙම සත්වයින් සම්බන්ධයෙන් අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්න.""
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
- දයානුකම්පාව සහ කරුණාව දැක්වීම සහ ඔහුට දරාගත නොහැකි බර ඔහු මත නොපැටවීම.
- හදීසයේ: මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ:
"මෙම ඔටුවාගේ හිමිකරු කවුද? මෙම ඔටුවා කාගේද?" එවිට අන්සාර්වරුන්ගෙන් වූ තරුණයෙකු පැමිණ: "අල්ලාහ්ගේ දූතයාණනි! එය මාගේය" යැයි පැවසුවේය. එවිට එතුමාණෝ: "අල්ලාහ් ඔබට හිමිකර දුන් මෙම සත්ත්වයා පිළිබඳව ඔබ අල්ලාහ්ට බිය බැතිමත් වන්නේ නැද්ද? නියත වශයෙන්ම ඔබ ඌව සාගින්නේ තබන බවත් ඌව වෙහෙසට පත් කරන බවත් ඌ මා වෙත පැමිණිලි කළේය" යැයි පැවසූහ.
අබූ දාවූද් සහ අහ්මද් එය වාර්තා කර ඇත
ඔහුව විඩාවට පත් කරයි: එනම් ඔහුව වෙහෙසට පත් කරයි.
- මම සතුන්ට කිසිම ආකාරයක වධයක්, හානියක් හෝ හිංසාවක් නොකරමි.
- ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයක: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුහුණෙහි පච්ච කොටන ලද බූරුවකු අසළින් ගමන් ගත්තේය. එවිට එතුමා:
«සතෙකුගේ මුහුණට පච්ච කෙටූ හෝ එහි මුහුණට පහර දුන් අයට මා ශාප කළ බව ඔබ වෙත ළඟා වූයේ නැද්ද?» එබැවින් එතුමා එය තහනම් කළහ.
මෙය ඉමාම් මුස්ලිම් සහ ඉමාම් අබූ දාවූද් යන අය විසින් වාර්තා කොට ඇති අතර මෙහි සඳහන් පද පෙළ ඉමාම් අබූ දාවූද් තුමාට අයත් වේ.
පිළිතුර 1. අල්ලාහ්ට කීකරු වීම සඳහා, සහ ඔහුගේ තෘප්තිය ලබා ගැනීම සඳහා ක්‍රීඩා කටයුතුවලදී භියබැති කම උදෙසා චේතනාව ඇති කර ගනිමි.
- සලාත් වේලාවන්හිදී ක්‍රීඩා නොකරමි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා!
ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳව සැලකිල්ලක් දක්වන්නෝ නො වූවෝ ය.
(අල් මාඌන්:4,5)
- පිරිමි ළමයින් ගැහැණු ළමයින් සමඟ ක්‍රීඩා නොකරයි.
- මම මගේ නිරුවත වැසෙන පරිදි ක්‍රීඩා නිල ඇඳුමක් භාවිතා කරමි.
- මුහුණට පහර දීම සහ ශරීර රහස්‍ය පෙදෙස් හෙළි කිරීම වැනි තහනම් ක්‍රීඩා වලින් මම වැළකී සිටිමි.
හදීසයේ මෙසේ සඳහන් වේ:
“ඔබ අතරින් කිසිවෙකු හෝ තම සහෝදරයා සමඟ සටන් කරන විට මුහුණට පහර දීමෙන් වැළකිය යුතුය.”
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
පිළිතුර -1. විහිළුව බොරුවක් නොවිය යුතු අතර එහි අවංකභාවයක් තිබිය යුතුයි.
හදීසයේ මෙසේ සඳහන් වේ:
“එතුළින් ජනයා සිනහසීම සඳහා බොරු කතා කරන්නන්හට විනාශයක්ම වේවා! ඔහුට විනාශය අත්වේවා! ඔහුට විනාශය අත්වේවා!”
මෙය අබූ දාවූද්, අහ්මද්, හා තිර්මිදි යන ඉමාම්වරු විසින් දන්වා ඇත.
- විහිළුවක් හුදෙක්ම සමච්චලයෙන්, උපහාසයෙන්, අපයෝජනයෙන් සහ බිය ගැන්වීම් වලින් තොර විය යුතුයි.
එතුමාණෝ (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය හිමි වේවා) මෙසේ දෙසූහ.
"මුස්ලිම්වරයෙකුට තවත් මුස්ලිම්වරයෙකු බිය ගැන්වීම අනුමත නොවේ."
අබූ දාවූද් සහ අහ්මද් එය වාර්තා කර ඇත
- අනවශ්‍ය විහිළු අවශ්‍ය නැත.
«අධික ලෙස සිනහ නොවන්න; මක්නිසාදයත් අධික ලෙස සිනහවීම හදවත මරා දමයි.»
මෙය ඉමාම් තිර්මිදි, හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.