Skip to content

ප්‍රශ්න අංක 21: සත්ව සුභසාධනයේ ආචාර විධි මොනවාද?

الباب / الفصل
قسم الآداب الإسلامية

السؤال

س21: ما آداب الرفق بالحيوان؟

ප්‍රශ්න අංක 21: සත්ව සුභසාධනයේ ආචාර විධි මොනවාද?

الجواب

ج:1. أطعم الحيوان وأسقيه.

  • في الحديث:

قالوا: يا رسول الله، وإن لنا في البهائم أجرًا؟ قال: «في كل كبد رطبة أجر»

متفق عليه.

  • ومر رسول الله صلى الله عليه وسلم ببعير قد لحق ظهره ببطنه، فقال:

«اتقوا الله في هذه البهائم»

رواه أبو داود.

  1. الرحمة والشفقة وعدم تحميله ما لا يطيق.
  • في الحديث: قال عليه الصلاة والسلام:

«من رب هذا الجمل؟ لمن هذا الجمل؟ فجاء فتى من الأنصار فقال: لي يا رسول الله. فقال: أفلا تتقي الله في هذه البهيمة التي ملكك الله إياها؛ فإنه شكا إليَّ أنك تجيعه وتدئبه»

رواه أبو داود وأحمد.

تدئبه: أي تتعبه.

  1. لا أعذب الحيوان بأي نوع من العذاب والأذى.
  • في الحديث عن جابر رضي الله عنه، أن النبي صلى الله عليه وسلم مر عليه بحمار قد وسم في وجهه، فقال:

«أما بلغكم أني قد لعنت من وسم البهيمة في وجهها، أو ضربها في وجهها؟» فنهى عن ذلك.

رواه مسلم وأبو داود واللفظ له.

පිළිතුර 1- සත්වයාට ආහාරය හා ජලය සපයමි.

හදීසයේ මෙසේ සඳහන් වේ:

ඔවුහු: අල්ලාහ්ගේ දූතයාණනි! සතුන් විෂයයෙහි පවා අපට ආනිශංසා තිබේදැ?යි විමසුවෝය. එතුමාණෝ: ‘සජීවී සෑම දෙයකටම පිහිට වීමෙන් කුසලක් ඇත.’යැයි පැවසූහ.

බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.

  • තම පිට උදරය සමග ඇලී පැවති ඔටුවකු අසළින් අල්ලාහ්ගේ දූතයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) ගමන් කළහ. එවිට එතුමා මෙසේ පැවසූහ:

""මෙම සත්වයින් සම්බන්ධයෙන් අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්න.""

ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

  1. දයානුකම්පාව සහ කරුණාව දැක්වීම සහ ඔහුට දරාගත නොහැකි බර ඔහු මත නොපැටවීම.
  • හදීසයේ: මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ:

"මෙම ඔටුවාගේ හිමිකරු කවුද? මෙම ඔටුවා කාගේද?" එවිට අන්සාර්වරුන්ගෙන් වූ තරුණයෙකු පැමිණ: "අල්ලාහ්ගේ දූතයාණනි! එය මාගේය" යැයි පැවසුවේය. එවිට එතුමාණෝ: "අල්ලාහ් ඔබට හිමිකර දුන් මෙම සත්ත්වයා පිළිබඳව ඔබ අල්ලාහ්ට බිය බැතිමත් වන්නේ නැද්ද? නියත වශයෙන්ම ඔබ ඌව සාගින්නේ තබන බවත් ඌව වෙහෙසට පත් කරන බවත් ඌ මා වෙත පැමිණිලි කළේය" යැයි පැවසූහ.

අබූ දාවූද් සහ අහ්මද් එය වාර්තා කර ඇත

ඔහුව විඩාවට පත් කරයි: එනම් ඔහුව වෙහෙසට පත් කරයි.

  1. මම සතුන්ට කිසිම ආකාරයක වධයක්, හානියක් හෝ හිංසාවක් නොකරමි.
  • ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයක: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුහුණෙහි පච්ච කොටන ලද බූරුවකු අසළින් ගමන් ගත්තේය. එවිට එතුමා:

«සතෙකුගේ මුහුණට පච්ච කෙටූ හෝ එහි මුහුණට පහර දුන් අයට මා ශාප කළ බව ඔබ වෙත ළඟා වූයේ නැද්ද?» එබැවින් එතුමා එය තහනම් කළහ.

මෙය ඉමාම් මුස්ලිම් සහ ඉමාම් අබූ දාවූද් යන අය විසින් වාර්තා කොට ඇති අතර මෙහි සඳහන් පද පෙළ ඉමාම් අබූ දාවූද් තුමාට අයත් වේ.