Skip to content

ප්රශ්න අංක 12: ආහාර ගැනීමේදී පවත්වා ගත යුතු ආචාර විධි මොනවාද?

الباب / الفصل
قسم الآداب الإسلامية

السؤال

س12: ما هي آداب الطعام؟

ප්රශ්න අංක 12: ආහාර ගැනීමේදී පවත්වා ගත යුතු ආචාර විධි මොනවාද?

الجواب

ج:1. أنوي بأكلي وشربي التقوِّي على طاعة الله عَزَّ وَجَلَّ.

  1. غسل اليدين قبل الأكل.
  • لحديث أم المؤمنين عائشة رضي الله عنها كان رسول الله صلى الله عليه وسلم:

«إذا أراد أن يأكل ويشرب يغسل يديه ثم يأكل ويشرب»

رواه أحمد.

  1. أقول: "بسم الله"، وآكل بيدي اليمنى ومما يليني، ولا آكل من وسط الأطباق، أو من أمام غيري.
  • لحديث:

«يا غلام، سم الله، وكل بيمينك، وكل مما يليك»

متفق عليه.

  1. إذا نسيت التسمية أقول: " بسم الله أوله وآخره ".
  • لحديث أم المؤمنين عائشة رضي الله عنها، قالت: قال رسول الله صلى الله عليه وسلم:

«إذا أكل أحدكم طعامًا، فليقل باسم الله، فإن نسي في أوله، فليقل باسم الله في أوله وآخره»

رواه الترمذي وأحمد.

  1. أرضى بالموجود من الطعام، ولا أعيب الطعام، إن أعجبني أكلته، وإن لم يعجبني تركته.
  • لحديث أبي هريرة رضي الله عنه، قال:

«ما عاب النبي صلى الله عليه وسلم طعامًا قط، إن اشتهاه أكله وإلا تركه»

  1. آكل بضع لقيمات، ولا آكل كثيرًا.
  • في الحديث:

«ما ملأ آدمي وعاءً شرًّا من بطن، حسب الآدمي لقيمات يقمن صلبه، فإن غلبت الآدمي نفسه، فثلث للطعام، وثلث للشراب، وثلث للنفس»

رواه الترمذي وابن ماجه.

  1. لا أنفخ في الطعام أو الشراب وأتركه حتى يبرد.

«نهى رسول الله صلى الله عليه وسلم عن النفخ في الطعام والشراب»

رواه أحمد وابن ماجه.

  1. أجتمع مع غيري في الطعام مع الأهل أو الضيف.
  • حديث أن رجلًا قال للنبي صلى الله عليه وسلم: إنا نأكل وما نشبع، قال:

«فلعلكم تأكلون مفترقين، اجتمعوا على طعامكم واذكروا اسم الله تعالى عليه يبارك لكم فيه»

رواه أبو داود وابن ماجه.

  1. لا أبدأ بالطعام قبل غيري ممن هو أكبر مني.
  2. أسمي الله عندما أشرب، وأشرب جالسًا وعلى ثلاث دفعات، ولا أتنفس في الإناء.

«إذا شرب أحدكم فلا يتنفس في الإناء»

  • ولحديث أنس رضي الله عنه،

«أن النبي صلى الله عليه وسلم زجر عن الشرب قائمًا»

رواه مسلم.

  • ولحديث:

«كان رسول الله صلى الله عليه وسلم يتنفس في الشراب ثلاثًا»

  1. أحمد الله عندما أنتهي من الطعام أو الشراب.

«إن الله ليرضى عن العبد أن يأكل الأكلة فيحمده عليها، أو يشرب الشربة فيحمده عليها»

පිළිතුර 1. බලවත් වූ සහ උත්තරීතර අල්ලාහ්ට යටහත් පහත් භාවය දැක්වීම වස් ආහාර පාන ගැනීමේදී භියබැති කම මුල්කරගෙන චේතනාව පිහිටුවා ගනිමි.

  1. ආහාර අනුභව කිරීමට පෙර, අත් දෙක මැණික් කටුව ඇතුළුව සේදීම.
  • එය දේවත්වය විශ්වාස කරන්නන්ගේ මාතාවක් වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ හදීසයකට අනුවය. එනම්, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන්:

«ආහාර අනුභව කිරීමට හා පානය කිරීමට සිතූ විට තම දෑත් සෝදා, පසු ව ආහාර අනුභව කර පානය කරයි.»

ඉමාම් අහ්මද් විසින් මෙය වාර්තා කර ඇත.

  1. මම "අල්ලාහ්ගේ නාමයෙන්" යැයි කියමි, මම මගේ දකුණු අතෙන් සහ මට සමීපව ඇති ආහාර අනුභව කරමි, මම පිඟානයේ (බන්දේසියේ) මැද ඇති දේ හෝ වෙනත් කෙනෙකු ඉදිරියේ ඇති දෑ අනුභව කරන්නේ නැත.

එය මෙම හදීසයට අනුව වේ:

දරුව! ඔබ අල්ලාහ්ගේ නාමය පවසන්න. ඔබේ දකුණතින් අනුභව කරන්න. ඔබට අසළින් ඇති දෑ අනුභව කරන්න.

බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.

  1. "අල්ලාහ්ගේ නාමයෙනි" යැයි කීමට මට අමතක වුවහොත්, මම මෙසේ කියමි: "අල්ලාහ්ගේ නාමයෙන්, එහි ආරම්භය සහ අවසානය දක්වා."
  • ඊට සාධක වශයෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව දේවත්වය විශ්වාස කරන්නන්ගේ මෑණියක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කළ හදීසය වනුයේ මෙසේය:

«ඔබ අතරින් කිසිවකු හෝ ආහාර ගන්නා විටක "බිස්මිල්ලාහ්" (අල්ලාහ්ගේ නාමයෙනි) යනුවෙන් කිව යුතුය. එහි ආරම්භයේදී එසේ කීමට අමතක වූ විට "බිස්මිල්ලාහි ෆී අව්වලිහි වආහිරිහි" (එහි ආරම්භයේදීත් අවසානයේදීත් අල්ලාහ්ගේ නාමයෙන්) යනුවෙන් කිව යුතුය.»

මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු විසින් දන්වා ඇත.

  1. ආහාරවලින් ලැබෙන දෙයින් මම සෑහීමකට පත්වන අතර, මම ආහාරයේ වරදක් නොදකිමි. මම එයට කැමති නම්, මම එය අනුභව කරමි, මම එයට අකමැති නම් මම එය අත්හැර දමමි.
  • අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

“නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කිසිදු විටෙක ආහාරයකට අඩුපාඩු පවසා නැත. එයට එතුමා කැමති වූයේ නම් එය අනුභව කළහ. එසේනැතිනම් එය අතහැර දැමූහ.”

  1. මම ආහාර කට කිහිපයක් අනුුුභව කරමි, නමුත් අධිකව ගන්නේ නැත.

හදීසයේ මෙසේ සඳහන් වේ:

"«මිනිසා තම කුසට වඩා නරක ලෙස පුරවන වෙනත් කිසිදු භාජනයක් නැත. මිනිසාට තම කොඳු ඇට පෙළ ඍජුව තබා ගන්නා තරමට ආහාර කටවල් කිහිපයක් අනුභව කිරීම ප්‍රමාණවත්ය. මිනිසාගේ ආශාව ඔහුව අභිබවා යන්නේ නම්, තුනෙන් එකක් ආහාර සඳහා ද තුනෙන් එකක් බීම සඳහා ද ඉතිරි තුනෙන් එක හුස්ම සඳහා ද විය යුතුය.»"

මෙය ඉමාම් තිර්මිදි, හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.

  1. මම ආහාර හෝ පානය මත පිඹින්නේ නැත, එහි උණුසුම අඩුවන තුරු ඉවසා සිටිමි.

“ආහාර හා පාන වල පිඹීමෙන් අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වැළැක්වූහ.”

මෙය ඉමාම් අහමද් හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.

  1. මම ආහාර අනුභව කරන විට පවුලේ අය සමග හෝ ආගන්තුකයන් සමඟ හෝ වෙනත් අය සමඟ එකතු වී ආහාර අනුභව කරමි.
  • කෙනෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට මෙසේ පවසා සිටි බවට හදීසයක සඳහන් වේ: "සැබැවින්ම අපි ආහාර ගන්නෙමු, නමුත් කුස පිරෙන්නේ නැත." එවිට එතුමාණෝ මෙසේ පැවසූහ:

"«ඔබ වෙන් වෙන්ව ආහාර ගන්නා විය හැක, ඔබේ ආහාරය ගන්නා විට ඔබ එක්රැස් වී උත්තරීතර අල්ලාහ්ගේ නාමය සිහිපත් කර ආහාරය ගන්න. එය ඔබට සමෘද්ධිමත් කරනු ලබනු ඇත.»"

මෙය අබූ දාවුද් හා ඉබ්නු මාජා යන ඉමාම්වරු වාර්තා කොට ඇත.

  1. මට වඩා වැඩිමල් කෙනෙකුට ටපර මම කෑම අනුභව කරන්න පටන් ගන්නේ නැත.
  2. මම කිසිවක් පානය කරන විට "අල්ලාහ්ගේ නාමයෙන්" යැයි කියන අතර, මම වාඩි වී උගුරු තුනක් පානය කරමි, තවද බඳුන තුළට හුස්ම ගන්නේ නැත.

"“කෙනෙකු පානය කරන විට භාජනය තුළ හුස්ම නො හැරිය යුතු ය.”"

  • තවද අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ මෙම හදීසයට අනුව ද වේ:

""සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සිටගෙන පානය කිරීමට විරුද්ධව තරවටු කර ඇත.""

මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.

තවද එය එක් හදීසයකට අනුවය:

“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ජලය බොන විට, එතුමාණෝ තෙවරක් හුස්ම හරිමින් (උගූරු තුනකින්) බීවේය.”

  1. මම ආහාර අනුභව කර හෝ පානය කර අවසන් වූ විට "අල්හම්දු ලිල්ලාහ්" යනුවෙන් අල්ලාහ්ට ස්තුති කරමි.

"ආහාරය අනුභව කර ඒ සඳහා තමන්ට ප්‍රශංසා කරන, බීම පානය කර ඒ සඳහා තමන්ට ප්‍රශංසා කරන ගැත්තා ගැන සැබැවින්ම අල්ලාහ් තෘප්තියට පත් වන්නේය."