මම උම්රා ඉටු කිරීම සඳහා ගියෙමි. මීකාත් හෙවත් සීමා මායිම වෙත යද්දී ඔසප් තත්ත්වයට භාජනය වූයෙමි. පසුව මම ඉහ්රාම් චේතනාව නොතැබුවෙමි. පිරිසිදු වන තෙක්ම මක්කාවේ රැඳී සිටියෙමි. ඉන්පසු මක්කාවේ සිට මම ඉහ්රාම් චේතනාව තැබුවෙමි. එය සුදුසු ද? එසේ නැතහොත් මා කුමක් සිදු කළ යුතු ද? මා වෙත අනිවාර්යය වන්නේ කුමක් ද?
السؤال
ප්‍රශ්ණය 1.
මම උම්රා ඉටු කිරීම සඳහා ගියෙමි. මීකාත් හෙවත් සීමා මායිම වෙත යද්දී ඔසප් තත්ත්වයට භාජනය වූයෙමි. පසුව මම ඉහ්රාම් චේතනාව නොතැබුවෙමි. පිරිසිදු වන තෙක්ම මක්කාවේ රැඳී සිටියෙමි. ඉන්පසු මක්කාවේ සිට මම ඉහ්රාම් චේතනාව තැබුවෙමි. එය සුදුසු ද? එසේ නැතහොත් මා කුමක් සිදු කළ යුතු ද? මා වෙත අනිවාර්යය වන්නේ කුමක් ද?
س54: أنا ذاهبةٌ للعمرة، ومررت بالميقات وأنا حائضٌ، فلم أحرم، وبقيت في مكة حتّى طهرت، فأحرمت من مكة، فهل هذا جائزٌ؟ أو ماذا أفعل؟ وما يجب عليّ؟
الجواب
පිළිතුර 1:
එය සුදුසු ක්‍රියාවක් නොවන්නේය. උම්රා කිරීමට සිතන කාන්තාවක් ඇය ඔසප් තත්ත්වයේ පසු වුව ද ඉහ්රාම් චේතනාව කිරීමෙන් මිස මීකාත් සීමා මායිම තරණය කිරීම සුදුසු වන්නේ නැත. එහෙයින් ඇය ඔසප් තත්ත්වයේ සිටියදීම ඉහ්රාම් චේතනාව තැබිය යුතු වේ. ඇයගේ ඉහ්රාමය ක්‍රියාත්මක වන අතර එය නිවැරදි වන්නේය.
ඒ සඳහා වන සාධකය වනුයේ: අබූ බක්ර් (රළියල්ලාහු අන්හු) තුමාගේ බිරිය වන අස්මා බින්ත් උමෙයිස් දරුවකු ප්‍රසූත කළාය. ඒ වන විට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම අවසන් හජ් කර්තව්‍යය ඉටු කිරීමේ අපේක්ෂාවෙන් දුල් හුලෙයිෆාවට ගොඩ බැස සිටියහ. "මා කෙසේ කටයුතු කළ යුතු දැයි විමසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පණිවිඩියක් යැව්වෙමි". එතුමාණෝ: "ඔබ ස්නානය කර ගන්න. රෙදි කඩකින් ආවරණය කර, ඉහ්රාම් චේතනාව තබන්න." යැයි පැවසූහ.
ඔසප් රුධිරය දරු ප්‍රසූතියෙන් පසු වහනය වන රුධිරය හා සමානය.
එබැවින් ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාව උම්රා හෝ හජ් ඉටු කිරීමේ අපේක්ෂාවෙන් මීකාත් හෙවත් සීමා මායිම පසු කර යන විට අප ඇයට පවසා සිටිනුයේ: 'ඇය ස්නානය කර; රෙදි කඩකින් වෙළාගෙන, ඉහ්රාම් චේතනාව තැබිය යුතු' බවයි.
වෙළා ගැනීම යන්නෙහි අර්ථය: ඇය ඇයගේ ලිංගෙන්ද්‍රිය (යෝනිය) රෙදි කඩකින් තදින් වෙළා ගැනීම, ගැට ගසා ගැනීමය. පසුව ඇය හජ් හෝ උම්රා සඳහා ඉහ්රාම් චේතනාව තබයි. නමුත් ඇය ඉහ්රාම් චේතනාව තබා මක්කාවට ළඟා වූවා නම් ඇය පිරිසිදු වන තෙක් ශුද්ධවූ නිවසට නොයා යුතු අතර තවාෆ් ඉටු නොකළ යුතුය.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය උම්රා කර්තව්‍යය ඉටු කරන අතර වාරයේ ඔසප් තත්ත්වයට පත් වූ විට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එතුමියට මෙසේ පැවසූහ. "හජ් වන්දනාකරු ඉටු කරන දෑ ඔබ ද ඉටු කරන්න. නමුත් ඔබ පිරිසිදු වන තෙක් දේව නිවසෙහි තවාෆ් ඉටු නොකරන්න." මෙය බුහාරි හා මුස්ලිම්හි සඳහන් වාර්ථාවකි.
සහීහ් අල් බුහාරි හි තවදුරටත් මෙසේ සඳහන් වේ. ආඉෂා තුමිය මෙසේ සඳහන් කර සිටියාය. ඇය පිරිසිදු වූ කල්හි දේව නිවස තවාෆ් කළා මෙන්ම සෆා හා මර්වා හි සඃයි කළාය.
කාන්තාව ඔසප් තත්ත්වයේ පසුවන විට හජ් හෝ උම්රා සඳහා ඉහ්රාම් චේතනාව තැබූ විට හෝ තවාෆ් කිරීමට පෙර ඔසප් තත්ත්වය ඇය පත් වූ විට හෝ ඇය පිරිසිදු වී ස්නානය කරන තෙක් තවාෆ් ඉටු නොකළ යුතු අතර ද සඃයි ද ඉටු නොකළ යුතුය.
ඇය පිරිසිදු තත්ත්වයේ තවාෆ් ඉටු කරමින් සිටියදී තවාෆය අවසන් වීමට මත්තෙන් ඔසප් තත්ත්වය ඇති වූයේ නම්, එසේ ඔසප් තත්ත්වයට ඇය පත්ව සිටිය ද, ඇය දිගටම තවාෆය ඉටු කරන අතර ඇය සඃයි ද ඉටු කරයි. එමෙන්ම ඇයගේ හිසකෙස් කොට කර ගෙන ඇයගේ උම්රාව අවසන් කරයි. ඊට හේතුව සෆා මර්වා අතර සඃයි කිරීම සඳහා පිරිසිදුකම කොන්දේසියක් නොවන බැවිනි.
ﺟ54: هذا العمل ليس بجائزٍ، والمرأة الّتي تريد العمرة لا يجوز لها مجاوزة الميقات إلا بإحرامٍ حتى لو كانت حائضًا، فإنها تحرم وهي حائضٌ، وينعقد إحرامها، ويصحّ،
والدليل لذلك: أن أسماء بنت عميسٍ زوجة أبي بكرٍ رضي الله عنهما ولدت، والنبيّ ﷺ نازلٌ في ذي الحليفة، يريد حجة الوداع، فأرسلت إلى النبيّ ﷺ: كيف أصنع؟ قال:
«اغْتَسِلِي، وَاسْتَثْفِرِي بِثَوْبٍ، وَأَحْرِمِي» [1]،
ودم الحيض كدم النّفاس.
[24] تقدم تخريجه.
فنقول للمرأة الحائض إذا مرت بالميقات، وهي تريد العمرة أو الحج نقول لها: اغتسلي، واستثفري بثوبٍ، وأحرمي،
والاستثفار معناه: أنها تشدّ على فرجها خرقةً، وتربطها، ثم تحرم، سواء بالحجّ أو بالعمرة، ولكنها إذا أحرمت ووصلت إلى مكة لا تأتي إلى البيت، ولا تطوف به حتى تطهر، ولهذا قال النبيّ ﷺ لعائشة حين حاضت في أثناء العمرة، قال لها:
«افْعَلِي مَا يَفْعَلُ الْحَاجُّ، غَيْرَ أَلَّا تَطُوفِي فِي الْبَيْتِ حَتَّى تَطْهُرِي» [2]،
هذه رواية البخاريّ ومسلمٍ، وفي «صحيح البخاريّ» أيضًا،
«ذَكَرَتْ عَائِشَةُ أَنَّهَا لَمَّا طَهُرَتْ طَافَتْ بِالْبَيْتِ، وَبِالصَّفَا وَالْمَرْوَةِ» [3]،
فدل هذا على أن المرأة إذا أحرمت بالحجّ أو العمرة وهي حائضٌ، أو أتاها الحيض قبل الطواف، فإنها لا تطوف ولا تسعى حتى تطهر وتغتسل.
[26] البخاري، كتاب العمرة، باب عمرة التنعيم (1785).
[25] رواه البخاري، كتاب الحج، باب تقضي الحائض المناسك كلها إلا الطواف بالبيت (1650)، ومسلم، كتاب الحج، باب بيان وجوه الإحرام (120) (1211).
أما لو طافت وهي طاهرٌ، وبعد أن انتهت من الطواف جاءها الحيض، فإنها تستمرّ، وتسعى ولو كان عليها الحيض، وتقصّ من رأسها، وتنهي عمرتها؛ لأنّ السعي بين الصفا والمروة لا يشترط له الطهارة.