Skip to content

මා සහ මාගේ පවුලේ අය 'යන්බූ' සිට උම්රා ඉටු කිරීම සඳහා පැමිණියෙමු. නමුත් ජිද්දා වෙත ළඟා වෙත්ම මාගේ බිරිය ඔසප් තත්ත්වයට පත්වූවාය. නමුත් මාගේ බිරිය නොමැතිව මම උම්රාව තනිව ඉටු කළෙමි. මේ සම්බන්ධයෙන් මාගේ බිරියට සතු නීතිය කුමක් ද?

السؤال

ප්රශ්ණය 1.

මා සහ මාගේ පවුලේ අය 'යන්බූ' සිට උම්රා ඉටු කිරීම සඳහා පැමිණියෙමු. නමුත් ජිද්දා වෙත ළඟා වෙත්ම මාගේ බිරිය ඔසප් තත්ත්වයට පත්වූවාය. නමුත් මාගේ බිරිය නොමැතිව මම උම්රාව තනිව ඉටු කළෙමි. මේ සම්බන්ධයෙන් මාගේ බිරියට සතු නීතිය කුමක් ද?

س55: لقد قدمت من ينبع للعمرة أنا وأهلي، ولكن حين وصولي إلى جدة أصبحت زوجتي حائضًا، ولكنّي أكملت العمرة بمفردي دون زوجتي، فما الحكم بالنّسبة لزوجتي؟

الجواب

පිළිතුර 1:

ඔබේ බිරිය සම්බන්ධයෙන් වූ නීතිය නම්: ඇය පිරිසිදු වන තෙක් රැඳී සිටිය යුතු වේ. පසුව ඇයගේ උම්රාව ඉටු කළ යුතුයි.

සෆිය්යා (රළියල්ලාහු අන්හා) තුමිය ඔසප් තත්ත්වයට පත්වූ කල නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ විමසා සිටයහ. "ඇය අප නතර කරන්නට බලන්නී ද?" එවිට ඔවුහු, "සැබැවින්ම ඇය තවාෆුල් ඉෆාළා ඉටු කර ඇත්තාහ."යැයි පැවසුවෝය. එවිට එතුමා "ඇය ඉවත්ව සිටිනු මැනව" යයි කීහ.

"ඇය අප නතර කරන්නට බලන්නී ද? යන (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්රකාශය වනාහි, -තවාෆුල් ඉෆළා ඉටු කිරීමට පෙර ඔසප් තත්ත්වයට පත් වූ විටෙක- ඇය පිරිසිදු වී පසුව තවාෆ් ඉටු කරන තෙක් නැවතී සිටිය යුතු යැයි පෙන්වා දෙයි.

උම්රාහි තවාෆ් ද තවාෆුල් ඉෆාළා හා සමානය. එය උම්රාවෙහි එක් අනිවාර්යය අංගයකි. උම්රා ඉටු කරන්නියක් තවාෆ් ඉටු කිරීමට පෙර ඔසප් තත්ත්වයට පත්වූ විටෙක, ඇය පිරිසිදු වී තවාෆ් ඉටු කරන තෙක් පොරොත්තුවෙන් සිටිය යුතු වේ.

ﺟ55: الحكم بالنّسبة لزوجتك: أن تبقى حتى تطهر، ثم تقضي عمرتها؛ لأن النبي ﷺ لـما حاضت صفية رضي الله عنها قال:

«أَحَابِسَتُنَا هِيَ؟» قَالُوا: إِنَّهَا قَدْ أَفَاضَتْ. قَالَ: «فَلْتَنْفِرْ إِذًا» [1]،

فقوله ﷺ: «أحابستنا هي؟» دليلٌ على أنه يجب على المرأة أن تبقى -إذا حاضت قبل طواف الإفاضة- حتى تطهر، ثمّ تطوف.

[27] تقدم تخريجه.

وكذلك طواف العمرة مثل طواف الإفاضة؛ لأنه ركنٌ من العمرة، فإذا حاضت المعتمرة قبل الطواف انتظرت حتى تطهر، ثم تطوف.