මට අවුරුදු හැටපහක් වයසැති මවක් සිටියි. ඇය අවුරුදු දහනවයක් පමණ කාලයක් තිස්සේ දරුවන් බිහි නොකළාය. දැන් ඇයට ලේ වැගිරී ඇත. අවුරුදු තුනක කාලයක් පමණ ඇයට එය වැළඳී ඇත. එය එම අවදියේ හට ගෙන ඇති රෝගයක් ලෙස පෙනේ. ඇය දැන් උපවාස කාලය බලාපොරොත්තුවෙන් සිටින බැවින් ඇයට ලබා දෙන උපදෙස කුමක් ද? මෙවන් අවස්ථාවක කටයුතු කළ යුත්තේ කෙසේ ද?
السؤال
ප්රශ්ණය 1.
මට අවුරුදු හැටපහක් වයසැති මවක් සිටියි. ඇය අවුරුදු දහනවයක් පමණ කාලයක් තිස්සේ දරුවන් බිහි නොකළාය. දැන් ඇයට ලේ වැගිරී ඇත. අවුරුදු තුනක කාලයක් පමණ ඇයට එය වැළඳී ඇත. එය එම අවදියේ හට ගෙන ඇති රෝගයක් ලෙස පෙනේ. ඇය දැන් උපවාස කාලය බලාපොරොත්තුවෙන් සිටින බැවින් ඇයට ලබා දෙන උපදෙස කුමක් ද? මෙවන් අවස්ථාවක කටයුතු කළ යුත්තේ කෙසේ ද?
س33: لي والدةٌ تبلغ من العمر خمسةً وستّين عامًا، ولها مدة تسع عشرة سنةً وهي لم تأت بأطفالٍ، والآن معها نزيف دمٍ، لها مدة ثلاث سنواتٍ، وهو مرضٌ -يبدو- أتاها في تلكم الفترة، ولأنها ستستقبل الصّيام، فكيف تنصحونها؟ وكيف يتصرف مثلها؟
الجواب
පිළිතුර 1:
මෙවන් රුධිර වහනයක් හට ගන්නා කාන්තාවගේ නීතිය වනුයේ: මෙය හට ගැනීමට පෙර සුපුරුදු පරිදි පූර්ව ඔසප් චක්රය හට ගත් කාලයට අනුගතව සලාතය හා උපවාසය අත්හැරිය යුතුය. එනම් උදාහරණයක් වශයෙන් සෑම මසකම ආරම්භයේ දින හයක් ඔසප් තත්ත්වය සුපුරුදු පරිදි හට ගෙන ඇත්නම්, ඇය සෑම මසකම ආරම්භයේ දින හයක කාලයක් සලාත් ඉටු නොකළ යුතු අතර උපවාසයේ නිරත වීමෙන් ද වැළකී සිටිය යුතුය. එම තත්ත්වය අවසන් වූ විට ඇය ස්නානය කර සලාත් හා උපවාසයේ නිරත වෙයි.
මැය හා මෙවන් කාන්තාවන් සලාතය ඉටු කරන ආකාරය වනුයේ: ඇය ඇයගේ ලිංගේන්ද්රිය සම්පූර්ණව සෝදා, එය හොදින් වෙළා, වුළූ ධෝවනය කර ගැනීමය. එය ඇය සිදු කළ යුත්තේ අනිවාර්යය සලාතයේ වේලාව පැමිණීමෙන් පසුවය. අනිවාර්යය නොවන කාලයන්හි අතිරේක සලාත් ඉටු කිරීමට ඇය අපේක්ෂා කරන්නී නම් ඇය කටයුතු කළ යුත්තේ ද මේ අයුරින්මය.
මෙවැනි තත්ත්වයක දී - අපහසුතාව සැලකිල්ලට ගෙන - ළුහර් සලාතය අසර් සලාතය සමගත්, මග්රිබ් සලාතය ඉෂා සලාතය සමගත්, එකතු කිරීමට ඇයට අවසරය ඇත. ඒ අනුව ඇය ළුහර් හා අසර් සලාත් දෙක එක් වාරයක ඉටු කරයි.
තවද, මග්රිබ් හා ඉෂා සලාත් දෙක ද එක් වාරයක ඉටු කරයි. ෆජ්ර් සලාතය එක් වාරයක ඉටු කරයි. එනම් පස්වරක් ඉටු කිරීමට නියම සලාතය තුන් වාරයකින් ඉටු කරයි.
මා දෙවන වතාවට නැවත පවසා සිටින්නේ: ඇය පිරිසිදු වීමට බලාපොරොත්තු වන්නේ නම් ඇයගේ ලිංගේන්ද්රිය (යෝනිය) හොඳින් සෝදා රෙදි කඩකින් හෝ පිට වන දෑ උරා ගන්නා ඒ හා සමාන යමකින් හෝ එය හොදින් වෙළා පසුව වුළූ ධෝවනය කර; ළුහර් රකආත් හතරක් ද අසර් රකආත් හතරක් ද මග්රිබ් රකආත් තුනක් ද ඉෂා රකආත් හතරක් ද ෆජ්ර් රකආත් දෙකක් ද සලාතය ඉටු කිරීමය. එනම් පොදු ජනතාව සිතන පරිදි කෙටි කිරීමකින් තොරව ඒවා ඉටු කිරීමය.
නමුත් ළුහර් සහ අසර් සලාත් දෙක ද, මග්රිබ් සහ ඉෂා සලාත් දෙක ද, එකාබද්ධ කර; ළුහර් සලාතය අසර් සලාතය සමග ප්රමාද කිරීමෙන් හෝ ඉදිරියට ගෙන එමින් හෝ, එලෙසම මග්රිබ් හා ඉෂා සමග ඒකාබද්ධ කර ඉදිරියට ගෙන එමින් හෝ ප්රමාද කරමින් හෝ මේ අයුරින් ඉටු කිරීමට ඇයට අවසර ඇත. එම වුළූ වාරයෙන්ම අතිරේක සලාත් ඉටු කිරීමට ඇය සිතන්නේ නම් ඇය කෙරෙහි වරදක් නැත.
ﺟ33: مثل هذه المرأة التي أصابها نزيف الدم حكمها: أن تترك الصلاة والصوم مدة عادتها السابقة قبل هذا الحدث الذي أصابها، فإذا كان من عادتها أن الحيض يأتيها من أول كلّ شهرٍ لمدة ستة أيامٍ مثلًا، فإنها تجلس من أول كلّ شهرٍ مدة ستة أيامٍ لا تصلّي ولا تصوم، فإذا انقضت اغتسلت وصلت وصامت.
وكيفية الصلاة لهذه وأمثالها: أنّها تغسل فرجها غسلًا تامًّا، وتعصبه، وتتوضأ، وتفعل ذلك بعد دخول وقت صلاة الفريضة، وكذلك تفعله إذا أرادت أن تتنفل في غير أوقات فرائض.
وفي هذه الحال -ومن أجل المشقة عليها- يجوز لها أن تجمع صلاة الظّهر مع العصر، وصلاة المغرب مع العشاء؛ حتى يكون عملها هذا واحدًا للصلاتين: صلاة الظّهر، والعصر.
وواحدًا للصلاتين: صلاة المغرب، والعشاء، وواحدًا لصلاة الفجر، بدلًا من أن تعمل ذلك خمس مراتٍ تعمله ثلاث مراتٍ.
وأعيده مرةً ثانيةً، فأقول: عندما تريد الطهارة تغسل فرجها، وتعصبه بخرقةٍ أو شبهها حتى يخف الخارج، ثم تتوضأ، وتصلّي الظّهر أربعًا، والعصر أربعًا، والمغرب ثلاثًا، والعشاء أربعًا، والفجر ركعتين، أي: أنها لا تقصر، كما يتوهمه بعض العامة،
ولكن يجوز لها أن تجمع بين صلاتي الظّهر والعصر، وبين صلاتي المغرب والعشاء، الظّهر مع العصر إمّا تأخيرًا أو تقديمًا، وكذلك المغرب مع العشاء إما تقديمًا أو تأخيرًا، وإذا أرادت أن تتنفل بهذا الوضوء فلا حرج عليها.