මස්ජිදුල් හරාම් ශුද්ධ වූ මක්කා දේවස්ථානයේ දේශනා හා හදීස් ඇසීම සඳහා, ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවක් එහි රැඳී සිටීමේ නීතිය කුමක් ද?
السؤال
ප්‍රශ්ණය 1.
මස්ජිදුල් හරාම් ශුද්ධ වූ මක්කා දේවස්ථානයේ දේශනා හා හදීස් ඇසීම සඳහා, ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවක් එහි රැඳී සිටීමේ නීතිය කුමක් ද?
س34: ما حكم وجود المرأة في المسجد الحرام وهي حائضٌ؛ لاستماع الأحاديث والخطب؟
الجواب
පිළිතුර 1:
ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවකට ශුද්ධ වූ මස්ජිදුල් හරාම් හි හෝ වෙනත් මස්ජිද්වල හෝ රැදී සිටින්නට අවසර නැත. නමුත් මස්ජිදය හරහා ගමන් කරන්නට, ඉන් යම් අවශ්‍යතාවක් ලබන්නට හා එවැනි යම් අවශ්‍ය කටයුත්තක් සඳහා පියනගන්නට ඇයට අවසර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එක් අවස්ථාවක (සලාතය ඉටු කරන) 'හුඃම්රා' -(1) පොරෝණය ගෙන එන මෙන් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියට නියෝග කළ විට ඇය: "එය මස්ජිදයේ ඇත. මම ඔසප් තත්ත්වයේ සිටිමි" යැයි පැවසුවාය. එවිට එතුමාණෝ: "ඔබේ ඔසප් තත්ත්වය ඔබේ අතේ නැත."යැයි පැවසූහ.
ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවක්, මස්ජිදයේ රුධිරය නොවැටෙනු සේ ඇය සුරක්ෂිත නම්, එය ඇයට වරදක් වන්නේ නැත.
(1) 'හුඃම්රා' යනු සලාත් ඉටු කරන්නා නළල බිම තබා සලාත් ඉටු කිරීම සඳහා භාවිත කරන ඇතිරිල්ලකි. එයට හුඃම්රා (පොරෝණය) යනුවෙන් නම් තබා ඇත්තේ එය මුහුණ පොරවන බැවිණි. එනම් එය එයින් වසන බැවිනි.
නමුත් ඇය එහි පිවිස වාඩි වන්නට සිතන්නේ නම්, මෙය ඇයට අනුමත නැත.
ඒ සඳහා වන සාධකය වනුයේ: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඊද් අවුරුදු සලාතයේදී උත්සව සලාතය ඉටු කරන බාහිර ස්ථානය වෙත කාන්තාවන්ටත් (වැඩිවියට පත් වූවන්, කන්‍යාවියන් හා ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවන්ට) යන මෙන් නියෝග කර ඇති බැවිනි. නමුත් ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවන් සලාත් ඉටු කරන ස්ථානයෙන් ඉවත්ව සිටින මෙන් එතුමාණෝ ඔවුනට අණ කළහ.
ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවන් දේශනාවට සවන් දීම සඳහා හෝ පාඩම් හා හදීස්වලට සවන් දීම සඳහා හෝ මස්ජිදයේ රැඳී සිටීමට ඇයට අවසරයක් නැති බව මෙය පෙන්වා දෙයි.
ﺟ34: لا يجوز للمرأة الحائض أن تمكث في المسجد الحرام ولا غيره من المساجد، ولكن يجوز لها أن تمر بالمسجد، وتأخذ الحاجة منه وما أشبه ذلك؛ كما قال النبيّ ﷺ لعائشة حين أمرها أن تأتي بالخمرة[1]، فقالت: إنها في الـمسجد، وإنّي حائضٌ، فقال:
«إِنَّ حَيْضَتَكِ لَيْسَتْ فِي يَدِكِ» [2]،
فإذا مرت الحائض في المسجد، وهي آمنةٌ من أن ينزل دمٌ على المسجد، فلا حرج عليها.
[14] الخمرة: هي السجادة يسجد عليها المصلي، وسميت خمرة؛ لأنها تخمر الوجه، أي: تغطيه.
[15] مسلم، كتاب الحيض، باب جواز غسل الحائض رأس زوجها وترجيله (11) (298).
أما إن كانت تريد أن تدخل وتجلس فهذا لا يجوز.
والدليل على ذلك: أن النبي ﷺ أمر النّساء في صلاة العيد أن يخرجن إلى مصلى العيد -العواتق، وذوات الخدور، والحيض- إلا أنه أمر أن يعتزل الحيض المصلى [3]،
فدل ذلك على أنّ الحائض لا يجوز لها أن تمكث في المسجد لاستماع الخطبة، أو استماع الدرس والأحاديث.
[16] البخاري، كتاب العيدين، باب خروج النساء والحيض (974)، ومسلم، كتاب العيدين، باب ذكر إباحة خروج النساء في العيدين إلى المصلى (10) (890).
من أحكام الطهارة في الصلاة