Skip to content

සලාතයේ වේලාව පැමිණීමෙන් පසු කාන්තාවට ඔසප් තත්ත්වය ඇති වූ විටෙක එහි නීතිය කුමක් ද? ඇය පිරිසිදු වූ විට ඇය එය නැවත ඉටු කළ යුතු ද? සලාතයේ වේලාව ඉවත්ව යෑමට පෙර ඇය පරිසිදු වුවා නම් එලෙසම ද?

السؤال

ප්රශ්ණය 1.

සලාතයේ වේලාව පැමිණීමෙන් පසු කාන්තාවට ඔසප් තත්ත්වය ඇති වූ විටෙක එහි නීතිය කුමක් ද? ඇය පිරිසිදු වූ විට ඇය එය නැවත ඉටු කළ යුතු ද? සලාතයේ වේලාව ඉවත්ව යෑමට පෙර ඇය පරිසිදු වුවා නම් එලෙසම ද?

س31: ما الحكم إذا حاضت المرأة بعد دخول وقت الصلاة؟ وهل يجب عليها أن تقضيها إذا طهرت؟ وكذلك إذا طهرت قبل خروج وقت الصلاة؟

الجواب

පිළිතුර 1:

පළමුව: වේලාව පැමිණීමෙන් පසු - එනම්, සලාතයේ වේලාව පැමිණීමෙන් පසු - කාන්තාව ඔසප් තත්ත්වයට පත් වූ විට, ඇය කවර වේලාවක ඔසප් තත්ත්වයට පත් වූයේ ද, එම වේලාවේ නියමිත සලාතය ඊට පෙර පිරිසිදුව සිටි තත්ත්වයේ ඉටු කර නොමැති නම්, පසුව ඇය පිරිසිදු තත්ත්වයට පත් වූ විටෙක එය නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය වන්නේය.

එය දේව දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශයට අනුවය:

සලාතයෙන් එක් රකඅතයක් (වාරයක්) කෙනෙකු ලබන්නේ ද ඔහු සලාතය සම්පූර්ණයෙන් හිමි කර ගත්තේය.

සලාතයෙන් එක් රකආතයක ප්රමාණයක් වටහා ගන්නා කාන්තාව, සලාතය ඉටු කිරීමට පෙර ඇය ඔසප් තත්ත්වයට පත්වූවා නම් ඇය පිරිසිදු වූ විටෙක එය නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය වේ.

දෙවැන්න: සලාතයේ වේලාව ඉවත්ව යන්නට මත්තෙන් ඔසප් තත්ත්වයෙන් මිදී ඇය පිරිසිදු වූ විටෙක, එම සලාතය නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය වන්නේය. එසේම එක් රකආතයක තරම් ප්රමාණයක් තිබියදී හිරු උදා වීමට පෙර ඇය පිරිසිදු වූවා නම් ෆජ්ර් සලාතය නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය වේ.

එමෙන්ම, එක් රකආතයක තරම් ප්රමාණයක් තිබිය දී හිරු අවරට යෑමට පෙර ඇය පිරිසිදු වූවා නම්, අසර් සලාතය ඉටු කිරීම ඇයට අනිවාර්යය වේ.

එමෙන්ම, මධ්යම රාත්රියට පෙර එක් රකආතයක තරම් ප්රමාණයක් තිබිය දී ඇය පිරිසිදු වූවා නම් ඉෂා සලාතය නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය වේ.

නමුත්, මධ්යම රාත්රියෙන් පසුව ඇය පිරිසිදු තත්ත්වයට පත්වූවා නම්, ඉෂා සලාතය ඉටු කිරීම ඇයට අනිවාර්යය වන්නේ නැත. ෆජ්ර් වේලාව පැමිණි විටෙක ඇය එම ෆජ්ර් සලාතය ඉටු කිරීම අනිවාර්ය වේ.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "නුඹලා (බිය තත්වයෙන් මිදී ) සැනසුමට පත් වූයෙහු නම්, දැන් නුඹලා සලාතය (පූර්ණ ව) ඉටු කරනු. සැබැවින්ම සලාතය දේව විශ්වාසීන් කෙරෙහි නිශ්චිත වේලාවක නියම කරනු ලැබූවකි." (අන්-නිසා: 103)

එනම්: නිශ්චිත වෙලාවකින් කල් නියම කළ නියමයකි. එම වේලාවෙන් අදාළ සලාතය ඉවත් කිරීම හෝ එම වේලාවට පෙර එය ආරම්භ කිරීමට හෝ පුද්ගලයකුට අනුමත නැත.

ﺟ31: أولًا: المرأة إذا حاضت بعد دخول الوقت -أي: بعد دخول وقت الصلاة- فإنه يجب عليها إذا طهرت أن تقضي تلك الصلاة الّتي حاضت في وقتها، إذا لم تصلّها قبل أن يأتيها الحيض،

وذلك لقول الرسول ﷺ:

«مَنْ أَدْرَكَ رَكْعَةً مِنَ الصَّلَاةِ فَقَدْ أَدْرَكَ الصَّلَاةَ» [1]،

فإذا أدركت المرأة من وقت الصلاة مقدار ركعةٍ، ثم حاضت قبل أن تصلّي، فإنها إذا طهرت يلزمها القضاء.

[11] تقدم تخريجه.

ثانيًا: إذا طهرت من الحيض قبل خروج وقت الصلاة فإنه يجب عليها قضاء تلك الصلاة، فلو طهرت قبل أن تطلع الشمس بمقدار ركعةٍ وجب عليها قضاء صلاة الفجر،

ولو طهرت قبل غروب الشمس بمقدار ركعةٍ وجبت عليها صلاة العصر،

ولو طهرت قبل منتصف الليل بمقدار ركعةٍ وجب عليها قضاء صلاة العشاء،

فإن طهرت بعد منتصف الليل لم يجب عليها صلاة العشاء، وعليها أن تصلّي الفجر إذا جاء وقتها، قال الله سبحانه وتعالى:

﴿...فَإِذَا ٱطۡمَأۡنَنتُمۡ فَأَقِيمُواْ ٱلصَّلَوٰةَۚ إِنَّ ٱلصَّلَوٰةَ كَانَتۡ عَلَى ٱلۡمُؤۡمِنِينَ كِتَٰبٗا مَّوۡقُوتٗا﴾

[النساء:103]،

أي: فرضًا مؤقتًا بوقتٍ محدودٍ، لا يجوز للإنسان أن يخرج الصلاة عن وقتها، ولا أن يبدأ بها قبل وقتها.