Skip to content

“සෑම යහපත් කටයුත්තක්ම පුණ්‍ය කර්මයකි.”

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

“සෑම යහපත් කටයුත්තක්ම පුණ්‍ය කර්මයකි.”

«كُلُّ مَعْرُوفٍ صَدَقَةٌ».

ජාබීර්ගේ හදීසය තුලින් බුහාරි වාර්තා කර ඇති අතර, හුදයිෆාගේ හදීසයෙන් මුස්ලිම් වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ වේවා සැබැවින්ම අන් අයට ප්‍රයෝජනවත් වන සෑම යහපත් ක්‍රියාවක්ම - කීවත් හෝ කළත් - එය පුණ්‍ය කර්මයක් බවත් ඒ සඳහා විපාක ඇති බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.

වචනාර්ථ

معروف : المعروف اسم جامع لكل ما فيه نفع للآخرين من قول أو فعل.

හදීසයෙන් උගත හැකි පාඩම්

සැබැවින්ම සදකාව යනු පුද්ගලයෙක් තම ධනනේ යමක් නිකුත් කිරීමට පමණක් සීමා වන්නේ නැත. අන්අයට යහපත ගෙන දෙන පරිදි මිනිසා කරන සෑම යහපත් ක්‍රියාවක්ම එසේ නැතිනම් පවසන සෑම ප්‍රකාශයක්ම එහි ඇතුළත් වන්නේය.

අන් අයට සෙත සළසන සෑම කටයුත්තක් ගැනම හා ඉටු කරන සෑම යහපත් ක්‍රියාවක් ගැනම මෙහි උනන්දු කරවා ඇත.

කිසියම් යහපත් ක්‍රියාවක් වේවා, එය අල්ප වුව ද ඒ ගැන හෑල්ලුවෙන් නොබැලිය යුතුය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (8/ 11) (6021).

සහීහ් මුස්ලිම් (2/ 697) (1005).

තවත් බලන්න (4)

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (10/ 117).

توضيح الأحكام من بلوغ المرام.

للبسام (7/ 341).