මේ ගැන ඔබේ අදහස කුමක් ද? නියම කරන ලද සලාත් ඉටු කර; රමළාන්හි උපවාස ශීලය රැක; අනුමත දෑ අනුමත කරගෙන; තහනම් දෑ තහනම් කරගෙන;
ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
සැබැවින්ම පුද්ගලයකු අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මෙසේ විමසීය. "මේ ගැන ඔබේ අදහස කුමක් ද? නියම කරන ලද සලාත් ඉටු කර; රමළාන්හි උපවාස ශීලය රැක; අනුමත දෑ අනුමත කරගෙන; තහනම් දෑ තහනම් කරගෙන; පසුව ඒවාට අමතරව වෙනත් කිසිවක් මා විසින් සිදු නොකළේ නම්, මම ස්වර්ගයට පිවිසෙන්නේ ද? එතුමාණෝ: "එසේය" යැයි පිළිතුරු දුන්හ. එවිට ඔහු: "අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කරමි. ඒවාට වඩා කිසිවක් මම අමතරව සිදු නොකරමි" යැයි පැවසීය.
أَنَّ رَجُلًا سَأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: أَرَأَيْتَ إِذَا صَلَّيْتُ الصَّلَوَاتِ الْمَكْتُوبَاتِ، وَصُمْتُ رَمَضَانَ، وَأَحْلَلْتُ الْحَلَالَ، وَحَرَّمْتُ الْحَرَامَ، وَلَمْ أَزِدْ عَلَى ذَلِكَ شَيْئًا، أَأَدْخُلُ الْجَنَّةَ؟ قَالَ: «نَعَمْ»، قَالَ: وَاللهِ لَا أَزِيدُ عَلَى ذَلِكَ شَيْئًا.
කවරෙකු අතිරේක සලාත් ඉටු නොකර, නියම කරන ලද පස්වාර සලාත් පමණක් ඉටු කළේ ද, අමතර උපවාසයේ නිරත නොවී රමළාන් උපවාස ශීලය පමණක් රැක්කේ ද, අනුමත දෑ අනුමත යැයි විශ්වාස කොට එය ඉටු කළේ ද, තහනම් දෑ තහනම් බව විශ්වාස කොට ඉන් වැළකී සිටියේ ද සැබැවින්ම ඔහු ස්වර්ගයට පිවිසෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙහි පැහැදිලි කර සිටියි.
...:
අනිවාර්යය කරන ලද දෑ සිදු කිරීම හා තහනම් කරන ලද දෑ අත්හැරීම සඳහා මුස්ලිම්වරයා උනන්දුව දක්වයි, ඔහුගේ අරමුණ විය යුත්තේ ස්වර්ගයට පිවිසීමය.
හලාල් හෙවත් අනුමත දෑ සිදු කිරීමේ හා එය අනුමත යැයි විශ්වාස කිරීමේ වැදගත්කම හා තහනම් දෑ තහනම් කිරීමේ හා එය තහනම් යැයි විශ්වාස කිරීමේ වැදගත්කම.
අනිවාර්යය කරන ලද දෑ ඉටු කිරීම හා තහනම් කරන ලද දෑ අත්හැරීම ස්වර්ගයට පිවිසීමට හේතු වේ.
සහීහ් මුස්ලිම් (1/ 44) (15).
තවත් බලන්න (3)
جامع العلوم والحكم (1/513).
شرح الأربعين النووية للعثيمين (ص: 215).
فتح القوي المتين في شرح الأربعين للعباد (ص 77).
පොත්වල උපුටා දක්වා ඇත
2 පොත්තවත් බලන්න (2)
- مجموعة زاد الحديث(2)1أَرَأَيْتَ إِذَا صَلَّيْتُ الصَّلَوَاتِ الْمَكْتُوبَاتِ، وَصُمْتُ رَمَضَانَ، وَأَحْلَلْتُ الْحَلَالَ، وَحَرَّمْتُ الْحَرَامَ، وَلَمْ أَزِدْ عَلَى ذَلِكَ شَيْئًا، أَأَدْخُلُ الْجَنَّةَ؟ قَالَ: «نَعَمْ»، قَالَ: وَالله لَا أَزِيدُ عَلَى ذَلِكَ
- مجموعة زاد الحديث(2)1(أَرَأَيْتَ إِذَا صَلَّيْتُ الصَّلَوَاتِ الْمَكْتُوبَاتِ...)