Skip to content

දරු ප්රසූතියෙන් පසු රුධිර වහනය වීමෙන් මාස දෙකක් ගත වූ කාන්තාවක්. ඇය පිරිසිදු වීමෙන් පසු කුඩා රුධිර බින්දු කිහිපයක් ඇයට දකින්නට ලැබුණේ නම්, ඇය උපවාසය අත්හළ යුතු ද? සලාතය ඉටු නොකළ යුතු ද? එසේ නැතහොත් ඇය සිදු කළ යුත්තේ කුමක් ද?

السؤال

ප්රශ්ණය 1.

දරු ප්රසූතියෙන් පසු රුධිර වහනය වීමෙන් මාස දෙකක් ගත වූ කාන්තාවක්. ඇය පිරිසිදු වීමෙන් පසු කුඩා රුධිර බින්දු කිහිපයක් ඇයට දකින්නට ලැබුණේ නම්, ඇය උපවාසය අත්හළ යුතු ද? සලාතය ඉටු නොකළ යුතු ද? එසේ නැතහොත් ඇය සිදු කළ යුත්තේ කුමක් ද?

س24: امرأةٌ بعد شهرين من النّفاس، وبعد أن طهرت بدأت تجد بعض النّقاط الصغيرة من الدم، فهل تفطر، ولا تصلّي؟ أو ماذا تفعل؟

الجواب

පිළිතුර 1:

ඔසප් තත්ත්වයේ පසුවන හා දරු ප්රසූතියෙන් පසු රුධිර වහනය වන කාන්තාවන් සම්බන්ධයෙන් වූ ප්රශ්ණ වෙරළක් නැති සාගරයක් බඳුය. ගර්භණී තත්ත්වය වළක්වාලන හා ඔසප් තත්ත්වය වළක්වාලන පෙති භාවිතය ද ඒ අතරිනි. මෙවැනි ආකාරයේ බොහෝ ප්රශ්ණ ජනයා දැන සිටියේ නැත.

දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ගේ දූත මෙහෙවරේ සිට, තවමත් ප්රශ්ණ පවතින බව සත්යයකි. මෙය කාන්තාවන් බිහි වූ දා පටන්ම පැවතුනි. නමුත් මිනිසා තම ප්රශ්න විසඳා ගැනීමේදී විමතියට පත්වන තරමට මේ අයුරින් බොහෝ සේ කටයුතු කිරීම දුකට කරුණකි.

නමුත් මෙම පොදු නීතිය අදාළ වනුයේ, කාන්තාව පිරිසිදු භාවයට පත් වී ඔසප් තත්ත්වයේදී හා පශ්චාත් ප්රසව තත්ත්වයේදී ස්ථීර පිරිසිදුකමක් දකින විටය.-ඔසප් තත්ත්වයක පිරිසිදුභාවය යනුවෙන් අදහස් කරනුයේ: සුදු විසර්ජනය සිදු වීමය. එනම් කාන්තාවන් පොදුවේ හඳුණන සුදු පැහැති ද්රාවණයයි. පිරිසිදු වීමෙන් පසු පවතින රක්තවර්ණය, හෝ කහ වර්ණය හෝ බිංදු කිහිපය හෝ තෙතමනය යනාදී සියල්ල ඔසප් තත්ත්වය ලෙස සැළකෙන්නේ නැත. එය සලාතයෙන් වළක්වන්නේ නැති අතර, උපවාසයෙන් වළක්වන්නේ ද නැත. එමෙන්ම ස්වාමි පුරුෂයා තම බිරිය සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම ද වළක්වන්නේ නැත. හේතුව එය ඔසප් තත්ත්වය නොවන නිසාවෙනි.

උම්මු අතිය්යා තුමිය මෙසේ පවසයි: කහ වර්ණය හෝ රක්තවර්ණය කිසිවක් ලෙස අපි ගණන් නොගත්තෙමු. මෙය බුහාරි විසින් වාර්තා කර ඇති අතර අබූ දාවූද් තුමා මීට අමතරව 'පිරිසිදු වීමෙන් පසු' යනුවෙන් ප්රකාශ කර ඇත. එහි වාර්තා දාමය සහීහ් ගණයට අයත්ය.

මේ අනුව අප පවසා සිටිනුයේ: ස්ථීර පිරිසිදු භාවයෙන් පසුව සිදුවන මෙවන් සියලු කරුණු කාන්තාවකට හානියක් සිදු කරන්නේ නැත. ඇයගේ සලාතයෙන් හෝ ඇයගේ උපවාසයෙන් හෝ ඇය තම සැමියා සමග ලිංගික පහස විදීමෙන් හෝ ඇයව වළක්වන්නේ නැත. නමුත් පිරිසිදුභාවය දකින තෙක් ඇය ඉක්මන් නොවීම අනිවාර්යය වන්නේය.

හේතුව ඇතැම් කාන්තාවෝ රුධිරය වියළී ගිය වහාම ඉක්මන් වී පිරිසිදුභාවය දකින්නට මත්තෙන් ස්නානය කර ගනිති.

සහාබාවරුන්ගේ බිරින්දෑවරු මුඃමින්වරුන්ගේ මාතාවක් වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය වෙත ලේ තැවරුනු කපු එවා ඇත්තේ එබැවිනි. ඉන් අදහස් කරනුයේ: ලේ තැවරුණු කපු රෙදි කැබැලි යන්නයි. පසුව 'ඇය සුදු විසර්ජනය දකින තෙක් ඔබලා ඉක්මන් නොවන්න' යැයි ඔවුනට පැවසුවාය.

ﺟ24: مشاكل النّساء في الحيض والنّفاس بحرٌ لا ساحل له، ومن أسبابه: استعمال هذه الحبوب المانعة للحمل والمانعة للحيض، وما كان الناس يعرفون مثل هذه الإشكالات الكثيرة،

صحيحٌ أن الإشكال ما زال موجودًا من بعثة الرسول ﷺ، بل منذ وجد النّساء، ولكن كثرته على هذا الوجه الذي يقف الإنسان حيران في حلّ مشاكله أمرٌ يؤسف له.

ولكن القاعدة العامة: أن المرأة إذا طهرت، ورأت الطّهر المتيقن في الحيض وفي النّفاس -وأعني بالطّهر في الحيض: خروج القصة البيضاء، وهو ماءٌ أبيض تعرفه النّساء- فما بعد الطّهر من كدرةٍ، أو صفرةٍ، أو نقطةٍ، أو رطوبةٍ، فهذا كلّه ليس بحيضٍ، فلا يمنع من الصلاة، ولا يمنع من الصّيام، ولا يمنع من جماع الرجل لزوجته؛ لأنه ليس بحيضٍ، قالت أمّ عطية:

«كُنَّا لَا نَعُدُّ الصُّفْرَةَ وَالْكُدْرَةَ شَيْئًا»

أخرجه البخاريّ[1]، وزاد أبو داود [2]:

«بَعْدَ الطُّهْرِ»

وسنده صحيحٌ.

[6] كتاب الحيض، باب الصفرة والكدرة في غير أيام الحيض (326).

[7] كتب الطهارة، باب في المرأة ترى الصفرة والكدرة بعد الطهر (307).

وعلى هذا نقول: كلّ ما حدث بعد الطّهر المتيقن من هذه الأشياء فإنها لا تضرّ المرأة، ولا تمنعها من صلاتها وصيامها ومباشرة زوجها إياها، ولكن يجب ألّا تتعجل حتى ترى الطّهر؛

لأن بعض النّساء إذا جف الدم عنها بادرت، واغتسلت قبل أن ترى الطّهر،

ولهذا كان نساء الصحابة يبعثن إلى أمّ المؤمنين عائشة رضي الله عنها بالكرسف، يعني: القطن فيه الدم، فتقول لهن:

«لَا تَعْجَلْنَ حَتَّى تَرَيْنَ القَصَّةَ البَيْضَاءَ»[3].

[8] أخرجه البخاري معلقًا، كتاب الحيض، باب إقبال الحيض وإدباره.