කාන්තාවකට උතුම් වනුයේ රමාළාන් රාත්රි කාලයන්හි තම නිවසේ සලාත් ඉටු කිරීම ද, නැතහොත් දේවස්ථානයේ සලාත් ඉටු කිරීම ද? විශේෂයෙන් එහි දේශනා සහ උපදෙස් තිබේ නම්, කෙසේ වන්නේ ද? මස්ජිද් වල සලාත් ඉටු කරන කාන්තාවන්ට ඔබ ලබා දෙන මඟපෙන්වීම කුමක් ද?
السؤال
ප්රශ්ණය 1.
කාන්තාවකට උතුම් වනුයේ රමාළාන් රාත්රි කාලයන්හි තම නිවසේ සලාත් ඉටු කිරීම ද, නැතහොත් දේවස්ථානයේ සලාත් ඉටු කිරීම ද? විශේෂයෙන් එහි දේශනා සහ උපදෙස් තිබේ නම්, කෙසේ වන්නේ ද? මස්ජිද් වල සලාත් ඉටු කරන කාන්තාවන්ට ඔබ ලබා දෙන මඟපෙන්වීම කුමක් ද?
س26: أيّهما أفضل للمرأة: أن تصلّي في ليالي رمضان في بيتها، أو في المسجد، وخصوصًا إذا كان فيه مواعظ وتذكيرٌ؟ وما توجيهك للنّساء اللاتي يصلّين في المساجد؟
الجواب
පිළිතුර 1:
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පොදු ප්රකාශයකට අනුව ඇය තම නිවසේ සලාත් ඉටු කිරීම වඩාත් උතුම්ය.
කාන්තාවන්ට " ඔවුන්ගේ නිවෙස් ඔවුනට යහපත්ය."
කාන්තාවන් බැහැර ව යාම යනු, බොහෝ අවස්ථාවන්හි එමගින් ඔවුනට අත්වන අර්බුදවලින් ආරක්ෂාව සැලසෙන්නේ නැත. මස්ජිදයේ සලාත් ඉටු කිරීම සඳහා පිටත්ව යාමට වඩා ඇයගේ නිවසේ නතර වී සිටීම ඇයට යහපත් වන්නේය. උපදෙස්, දේශනා, අනුසාසනා වැනි දෑ හඬපටි මගින් ලබන්නට දැන් හැකියාව ඇත.
මස්ජිද්වල සලාත් ඉටු කරන කාන්තාවන් සඳහා මාගේ මගපෙන්වීම නම්, ඔවුන් අලංකාර ඇඳුමින් සැරසීමෙන් තොරව, සුවඳ විළවුන් ගැල්වීමෙන් තොරව, නිවෙස්වලින් ඔවුන් බැහැර යා යුතුය.
ﺟ26: الأفضل أن تصلّي في بيتها؛ لعموم قول النبيّ ﷺ:
«وَبُيُوتُهُنَّ خَيْرٌ لَهُنَّ» [1]،
ولأن خروج النّساء لا يسلم من فتنةٍ في كثيرٍ من الأحيان، فكون المرأة تبقى في بيتها خيرٌ لها من أن تخرج للصلاة في المسجد، والمواعظ والحديث يمكن أن تحصل عليها بواسطة الشريط.
[9] رواه أبو داود، كتاب الصلاة، باب ما جاء في خروج النساء إلى المساجد (567).
وتوجيهي للاتي يصلّين في المسجد: أن يخرجن من بيوتهن غير متبرّجاتٍ بزينةٍ، ولا متطيّباتٍ.