Skip to content

"ෆජ්ර්" අළුයම උදා වෙත්ම කාන්තාව පිරිසිදු තත්ත්වයට පත් ව සිටියේ නම්, එදින (උපවාසය කඩ කරන කරුණුවලින්) වැළකී සිට උපවාසය ඇය රැකිය යුතු ද? එදින ඇයට වලංගු වන්නේ ද? එදින සඳහා නැවත (උපවාසය) ඉටු කිරීම ඇය මත පැවරෙන්නේ ද?

السؤال

ප්රශ්ණය 1.

"ෆජ්ර්" අළුයම උදා වෙත්ම කාන්තාව පිරිසිදු තත්ත්වයට පත් ව සිටියේ නම්, එදින (උපවාසය කඩ කරන කරුණුවලින්) වැළකී සිට උපවාසය ඇය රැකිය යුතු ද? එදින ඇයට වලංගු වන්නේ ද? එදින සඳහා නැවත (උපවාසය) ඉටු කිරීම ඇය මත පැවරෙන්නේ ද?

س1: إذا طهرت الـمرأة بعد الفجر مباشرةً فهل تمسك وتصوم هذا اليوم، ويكون يومها لها، أو عليها قضاء ذلك اليوم؟

الجواب

පිළිතුර 1:

අළුයම උදාවීමෙන් පසු කාන්තාව එසේ පිරිසිදු තත්ත්වයට පත් ව සිටියේ නම්, එදින ඇය (ආහාර ගැනීම වැනි උපවාසය කඩ කරන කරුණුවලින්) වැළකී සිටීම සම්බන්ධයෙන් විද්වතුන් අතර ප්රකාශ දෙකක් පවතී.

පළමු ප්රකාශය: එදින ඉතිරි කාලය (උපවාසය කඩ කරන ක්රියා වලින්) වැළකී සිටීම ඇයට අනිවාර්යය වේ. නමුත්, එය ගණන් ගනු ලබන්නේ නැත. නැවතත් එය(උපවාසය) ඉටු කිරීම ඇයට අනිවාර්යවේ. ඉමාම් අහ්මද් තුමාගේ නිගමනයට අනුව වඩාත් ප්රචලිත මතය මෙයයි.

දෙවැනි ප්රකාශය: එදින ඉතිරි කාලය එසේ වැළකී සිටීම ඇයට අනිවාර්යය නැත. හේතුව, ඇයගේ උපවාසය එදිනට වලංගු නොවන බැවිනි. ඇය එදින ආරම්භයේ ඔසප් තත්ත්වයේ පසු වීම හේතුවෙන් උපවාස ශීලය රකින්නන් අතරින් තැනැත්තියක් නොවූ බැවිනි. වලංගු නොවූ විටෙක එසේ (උපවාසය කඩ කරන ක්රියාවලින්) වැළකී සිටීමෙන් කිසිදු ඵලක් අත් වන්නේ නැත. මෙම කාලය, ඇය ගරු කිරීමට අවශ්ය නොවන කාලයකි. හේතුව දහවල් ආරම්භයේ ඉන් මිදෙන මෙන් වූ නියෝගය ඇයට සිදු කර ඇති බැවිනි. ඒ අනුව දහවල් ආරම්භයේදීම උපවාසය රැකීම ඇවට තහනම් කරුණක් වේ.

ඉස්ලාමීය පිළිවෙත අනුව උපවාසය යනු: අළුයම උදාවේ සිට හිරු අවරට යන තුරුම, සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ් වෙනුවෙන් ඉටු කරන නැමදුමක් ලෙස, උපවාසය කඩ කරන කරුණුවලින් වැළකී සිටීමය.

අප අදහස් කරන පරිදි- මෙම ප්රකාශය එසේ (උපවාසයෙන්) වැළකී සිටීම අනිවාර්යය වේ යන ප්රකාශයට වඩා උචිත බවයි. මෙම ප්රකාශ දෙකෙහිම එදින උපවාසය නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය කර ඇත.

ﺟ1: إذا طهرت المرأة بعد طلوع الفجر فللعلماء في إمساكها ذلك اليوم قولان:

القول الأول: أنه يلزمها الإمساك بقية ذلك اليوم، ولكنه لا يحسب لها، بل يجب عليها القضاء، وهذا هو المشهور من مذهب الإمام أحمد رحمه الله.

والقول الثاني: أنه لا يلزمها أن تمسك بقية ذلك اليوم؛ لأنه يومٌ لا يصحّ صومها فيه؛ لكونها في أوله حائضًا ليست من أهل الصّيام، وإذا لم يصح لم يبق للإمساك فائدةٌ، وهذا الزمن زمنٌ غير محترمٍ بالنّسبة لها؛ لأنها مأمورةٌ بفطره في أول النهار، بل محرمٌ عليها صومه في أول النهار،

والصوم الشرعيّ: هو الإمساك عن المفطّرات تعبّدًا لله عز وجل من طلوع الفجر إلى غروب الشمس.

وهذا القول -كما تراه- أرجح من القول بلزوم الإمساك، وعلى كلا القولين يلزمها قضاء هذا اليوم.