Skip to content

ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාව පිරිසිදු වී, ෆජ්ර් සලාතයෙන් පසුව ඇය ස්නානය කර, සලාතය ද ඉටු කර, එදින උපවාසය සම්පූර්ණ කළ විටෙක, එය නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය වන්නේ ද?

السؤال

ප්රශ්ණය 1.

ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාව පිරිසිදු වී, ෆජ්ර් සලාතයෙන් පසුව ඇය ස්නානය කර, සලාතය ද ඉටු කර, එදින උපවාසය සම්පූර්ණ කළ විටෙක, එය නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය වන්නේ ද?

س2: إذا طهرت الحائض، واغتسلت بعد صلاة الفجر، وصلت، وكملت صوم يومها، فهل يجب عليها قضاؤه؟

الجواب

පිළිතුර 1:

රමළාන් කාලයේ, අළුයම උදාවීමට එක් විනාඩියකට පෙර වුව ද ඔසප් කාන්තාව පිරිසිදු වූ විටෙක, තම පිරිසිදු භාවය පිළිබඳ ඇයට ස්ථීර නම්, උපවාසය ඇයට අනිවාර්යය වේ. එදින ඇයගේ උපවාසය වලංගු වන්නේය. ඇය පිරිසිදු තත්ත්වයේ සිටිය දී උපවාසය රැක ඇති බැවින් එය නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය නොවේ. අළුයම උදාවෙන් පසු ඇය ස්නානය කළ ද, එයින් වරදක් වන්නේ නැත.

එසේම, ලිංගික සම්බන්ධතා පැවැත් වූ හෝ නින්දෙන් ශුක්ර මෝචනයට පත් වූ පිරිමියකු අළුයම අවදි වී, සහර් ආහාරය ලබා ඇත්නම්, ඔහු අළුයම උදාවෙන් පසු ස්නානය කළ ද ඔහුගේ උපවාසය වලංගු වන්නේය.

මෙම අවස්ථාවේදී කාන්තාවන්ට තවත් කරුණක් පෙන්වා දීමට කැමැත්තෙමි. එදින උපවාසයේ යෙදුණු කාන්තාවට (රාත්රියේ) ඔසප් වීම පැමිණියේ නම්, එනම් ඇය උපවාසයෙන් මිදුනු පසු ඉෂා සලාතයට පෙර ඔසප් තත්ත්වයට පත්ව ඇත්නම්, එදින උපවාසය අවගංගු යැයි ඇතැම් කාන්තාවන් සිතති.

මෙය කිසිදු පදනමක් නැති මතයකි. හිරු අවරට ගොස් මොහෙතකින් පසු වුවද ඔසප් තත්ත්වය ඇයට පැමිණියේ නම් ඇයගේ උපවාසය සම්පූර්ණය, වලංගුය.

ﺟ2: إذا طهرت الحائض قبل طلوع الفجر ولو بدقيقةٍ واحدةٍ، ولكن تيقنت الطّهر، فإنه إذا كان في رمضان فإنه يلزمها الصوم، ويكون صومها ذلك اليوم صحيحًا، ولا يلزمها قضاؤه؛ لأنها صامت وهي طاهرٌ، وإن لم تغتسل إلا بعد طلوع الفجر فلا حرج،

كما أن الرجل لو كان جنبًا من جماعٍ أو احتلامٍ، وتسحر، ولم يغتسل إلا بعد طلوع الفجر، كان صومه صحيحًا.

وبهذه المناسبة أودّ أن أنبّه إلى أمرٍ آخر عند النّساء إذا أتاها الحيض وهي قد صامت ذلك اليوم، فإن بعض النّساء تظنّ أن الحيض إذا أتاها بعد فطرها قبل أن تصلّي العشاء فسد صوم ذلك اليوم،

وهذا لا أصل له، بل إن الحيض إذا أتاها بعد الغروب ولو بلحظةٍ فإن صومها تامٌّ وصحيحٌ.