“සැබැවින්ම ප්‍රාර්ථනාව යනු, එයමය නැමදුමවේ
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසමින් නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“සැබැවින්ම ප්‍රාර්ථනාව යනු, එයමය නැමදුමවේ" යැයි පවසා මෙම (සූරා ගාෆිර්: 60 වැනි) පාඨය පාරායනය කළහ. "තවද නුඹලා මා අමතනු. මම නුඹලා(ගේ ප්‍රාර්ථනාව)ට පිළිතුරු දෙමි. නියත වශයෙන්ම මට ප්‍රාර්ථනා කිරීමෙන් (ඈත් වී) උඩඟුකම් පාමින් සිටියවුන් අවමානයට පත් වූවන් ලෙසින් නිරයට මතු පිවිසෙනු ඇත.” යැයි නුඹලාගේ පරමාධිපති පවසයි."
«الدُّعَاءُ هُوَ الْعِبَادَةُ»، ثُمَّ قَرَأَ: «{وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ} [غافر: 60]».
සැබැවින්ම ප්‍රාර්ථනාව යනු නැමදුමක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එය සම්පූර්ණයෙන් අල්ලාහ් වෙනුවෙන් පමණක් පිවිතුරු විය යුතුය. එය තමන්ට ප්‍රයෝනජවත් දෑ පිරිනමන මෙන් ද මෙලොව හා මතුලොව තමන්ට අත්වන හානියෙන් වළක්වන මෙන් ද පැතීමේ හා ඉල්ලීමේ ප්‍රාර්ථනාවක් වුව ද නැමදුම සම්බන්ධයෙන් වූ ප්‍රාර්ථනාවක් වුව ද එක සමානය. එනම් අල්ලාහ් ප්‍රිය කරන ඔහු තෘප්තියට පත්වන මානසික, ශාරීරික හා මූල්‍යමය, බාහිර හා අභ්‍යන්තර ක්‍රියා හා ප්‍රකාශ වේ. අනතුරුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එම ප්‍රකාශය සඳහා උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශයක් සාධක වශයෙන් ඉදිරිපත් කළහ. "තවද නුඹලා මා අමතනු. මම නුඹලා(ගේ ප්‍රාර්ථනාව)ට පිළිතුරු දෙමි. නියත වශයෙන්ම මට ප්‍රාර්ථනා කිරීමෙන් (ඈත් වී) උඩඟුකම් පාමින් සිටියවුන් අවමානයට පත් වූවන් ලෙසින් නිරයට මතු පිවිසෙනු ඇත.”
...:
නැමදුමෙහි මූලාම්භය ප්‍රාර්ථනාවයි. අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු වෙත එය යොමු කිරීම සුදුසු නැත.
ගැති භාවයේ සැබෑ යථාර්ථය, පරමාධිපතිගේ පොහොසත්කම හා ඔහුගේ හැකියාව පිළිගැනීම සහ ගැත්තා ඔහු වෙත අවශ්‍යතාවෙන් පෙළීම යනාදිය ප්‍රාර්ථනාව තුළ අන්තර්ගත වෙයි.
අල්ලාහ්ට නැමදුම් කිරීමට උඬඟු වීමේ හා ඔහුගෙන් ප්‍රාර්ථනා කිරීම අත්හැරීමේ ප්‍රතිවිපාක ගැන දැඩි අවවාදය. අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීමට උඩඟු වන්නන් වනාහි, ඔවුන් නින්දා සහගතව පහත් ලෙස අපා ගින්නට පිවිසෙනු ඇත.
සුනන් අබූ දාවූද් (2/ 603) (1479).
සුනන් අත් තිර්මිදි (5/ 292) (3247).
සුනන් ඉබ්නු මාජහ් (5/ 5) (3828).
මුස්නද් අහ්මද් (30/ 297) (18352).
තවත් බලන්න (8)
توضيح الأحكام من بلوغ المرام.
للبسام (7/ 546).
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (10/ 416).
فتح ذي الجلال والإكرام.
لابن عثيمين (6/ 480).
سبل السلام بشرح بلوغ المرام.
للصنعاني (2/ 707).