Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 4 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"මිනිසා මිය ගිය විටෙක, කරුණු තුනක් හැර ඔහුගේ සෙසු ක්‍රියාවන් ඔහුගෙන් විසන්ධි වී යනු ඇත. එනම්, සදාතනිකභාවයක් ඇති දානය, ප්‍රයෝජනය ලබන දැනුම, ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන දැහැමි දරුවා."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“සැබැවින්ම ප්‍රාර්ථනාව යනු, එයමය නැමදුමවේ" යැයි පවසා මෙම (සූරා ගාෆිර්: 60 වැනි) පාඨය පාරායනය කළහ. "තවද නුඹලා මා අමතනු. මම නුඹලා(ගේ ප්‍රාර්ථනාව)ට පිළිතුරු දෙමි. නියත වශයෙන්ම මට ප්‍රාර්ථනා කිරීමෙන් (ඈත් වී) උඩඟුකම් පාමින් සිටියවුන් අවමානයට පත් වූවන් ලෙසින් නිරයට මතු පිවිසෙනු ඇත.” යැයි නුඹලාගේ පරමාධිපති පවසයි."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
“අල්ලාහ් වෙත ප්‍රාර්ථනා කිරීම තරම් ගෞරවනීය දෙයක් තවත් නැත.”
හසන් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.
“මුස්ලිම් පුද්ගලයකු, තම සහෝදරයා වෙනුවෙන් ඔහු නැති අවස්ථාවක කරන ප්‍රාර්ථනාව පිළිගනු ලබන්නකි. නියම කරන ලද මලක්වරයකු ඔහුගේ හිස අසළ සිට තම සහෝදරයා වෙනුවෙන් යහපත පතන සෑම කලකම එසේ පත් කරන ලද මලක්වරයා ඒ වෙනුවෙන්, ‘ආමීන්. (පිළිගනිත්වා) ඔබට ද එසේම වේවා‘ යැයි පවසනු ඇත.“
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.