ප්‍රතිඵල පෙරන්න
කාඩ්පත් 339
الموضوعات
الموضوعات (13)
التصنيف الشرعي
Filter ▾
حجم المحتوى4
පිළිතුර- සලාතයක අනිවාර්ය කරුණු අටකි. ඒවා පහත සඳහන් වේ.
- ආරම්භක තක්බීරය හැර සලාතයේ පවසනු ලබන සෙසු තක්බීරයන්.
- සමිඅල්ලාහු ලිමන් හමිදහ් (අල්ලාහ් ව ප්‍රශංසා කළ අයට ඔහු සවන් දුන්නේය) යැයි පැවසීම.මෙය ඉමාම් හා තනි ව සලාතය ඉටු කරන්නා වෙත පැවරෙන වගකීමකි.
3-රබ්බනා වලකල් හම්දු (අපගේ පරමාධිපතියාණනි! ඔබටමය සියලු ප්‍රශංසා) යැයි පැවසීම.
- සුබ්හාන රබ්බියල් අළීම් (සර්වබලධාරී මාගේ පරමාධිපති පිවිතුරුය) යැයි රුකූඋ ඉරියව්වෙහි එක් වරක් පැවසීම අනිවාර්යය වේ.
- සුබ්හාන රබ්බියල් අඃලා (අති උත්තරීතර මාගේ පරමාධිපති පිවිතුරුය) යැයි සුජූද් හි එක් වරක් පැවසීම අනිවාර්යය වේ.
- සජදා දෙක අතර එක් වරක් රබ්බිග් ෆිර්ළී (මාගේ පරමාධිපතියාණනි! මට සමාව දෙනු මැනව!) යනුවෙන් පැවසීම.
- ප්‍රථම තෂහ්හුදය පැවසීම.
- ප්‍රථම තෂහ්හුදය වෙනුවෙන් වාඩිවීම.
පිළිතුර- කරුණු 11ක් ඇත. ඒවා පහත සඳහන් වේ.
1-පළමු තක්බීරයෙන් පසු, 'සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික වතබාරක අස්මුක වතආලා ජද්දුක වලා ඉලාහ ගයිරුක.' යනුවෙන් පැවැසීම. තේරුම: යා අල්ලාහ්! ඔබේ ප්‍රශංසාව තුලින් ඔබ පිවිතුරුය. ඔබේ නාමය සමෘද්ධිතය. ඔබේ කීර්තිය උත්තරීතරය. ඔබ හැර වෙනත් දෙවිඳෙකු නොමැත. මෙම ප්‍රාර්ථනාව ආරම්භක ප්‍රාර්ථනාව යනුවෙන් ද කියනු ලැබේ.
- ආරක්ෂාව පැතීම. (අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම් යනුවෙන් පැවසීම )
3-බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් යැයි පැවසීම.
4-(සූරතුල් ෆාතිහා ව පාරායනය කර, එය අවසන් වූ වහාම) ආමීන් යැයි පැවැසීම.
5-සූරතුල් ෆාතිහා ව පාරායනය කිරීමෙන් පසු (වෙනත්) සූරාවක් පාරායනය කිරීම.
6-ඉමාම් විසින් හඬ නගා පාරායනය කිරීම.
- රබ්බනා වලකල් හම්දු යැයි කීමෙන් පසු ''මිල්අස් සමාවාති, වමිල්අල් අර්ළි, වමිල්අ මා ශිඃත මින් ශයිඉන් බඃදු '' යනුවෙන් පාරායනය කිරීම.
8-රුකූඋ අවස්තාවේදී සුබ්හාන රබ්බියල් අලීම්’ යැයි එක් වරකට වඩා එනම් දෙවන හා තුන්වන වතාවට හෝ ඊට වැඩියෙන් පැවසීම.
- සුජූද් අවස්තාවේදී සුජූද් සඳහා වූ තස්බීහය එක් වරකට වඩා පාරායනය කිරීම.
- සජදා දෙක අතර '' රබ්බිග් ෆිර්ලී ''යනුවෙන් එක් වතාවට වඩා පාරායනය කිරීම.
- අවසාන තෂහ්හුදයේ දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත හා පවුලේ සාමාජිකයින් වෙත සලවාත් පැවසීම, බරකත් හෙවත් ආශිර්වාද පැතීම, ඉන්පසු දුආ ප්‍රාර්ථනා කිරීම.
ක්‍රියාවෙන් සිදු කරන සුන්නතයන්, ඒවා අල්හයිආත් යනුවෙන් හඳුන්වනු ලැබේ.
- පළමු තක්බීරතයත් සමග දෙඅත් එසවීම.
- රුකූඋ යනවිට දෙඅත් එසවීම.
- රුකූඋ සිට නැගිටින විට දෙඅත් එසවීම.
4-ඉන්පසු ඒවා පහත හෙලීම.
- (තක්බීර් බඳින විට) දකුණත වම් අතට උඩින් තැබීම.
- සලාත් අවස්ථාවේදී සජදා කරන ස්ථානය දෙස දෑස් යොමු කිරීම.
7-සිටගෙන සිටින විටදී දෙපා අතර මදක් ඈත් කර තැබීම.
8-රුකුඋ අවස්ථාවේදී, දෙඅත් ඇඟිලි ඈත් කොට තම දණහිස් මත තබා ගැනීම. තම පිට සමාන්තර ව තබා ගැනීම. හිස ද ඍජු ව තබා ගැනීම.
9-සජදාවට අදාල අවයවයන් පොළොව මත එනම් සුජූද් කරන ස්ථාන වෙත යොමු කිරීමට සැලැස්වීම.
- සුජූද් අවස්ථාවේදී කෙනෙකු ඔහුගේ දෑත්හි බාහු කොටස ඇළපැති දෙපැත්තෙන්ද, ඔහුගේ උදරය ඔහුගේ කලවාවෙන්ද, ඔහුගේ කලවා ඔහුගේ කෙණ්ඩයෙන් ද දුරස්ව තබා ගැනීම. තවද දණිස් දෙක අතර ඈත් කර ගැනීම. පාද ඇඟිලි සිටුවා ඈත් කර තබා ගැනීම. තම දෑත් තම උරහිස අසල තබා ගැනීම.
- සජදා දෙක අතර හිඳුමෙහි සහ ප්‍රථම ෂහාදා හිඳුමෙහි ඉෆ්තිරාශ් ක්‍රමයට සහ දෙවන ෂහාදා හිඳුමෙහි තවර්රුක් ක්‍රමයට හිඳ ගැනීම.
- සුජූද් දෙක අතර වාඩිවීමෙන් පසු අත් දෙක ඇඟිලි දිගු කර කලව මත තබා ගැනීම. තෂහ්හුද් අවස්ථාවේදීත් එසේම තබා ගැනීම. දකුණු වෙදඟිල්ල හා සුළැඟිල්ල නමාගෙන මහපටැඟිල්ල හා මැදඟිල්ල වෘත්තාන්තයක මෙන් තබා ගෙන දබරැඟිල්ලෙන් අල්ලාහ් මෙනෙහි කරන විට සංඥා කිරීම.
සලාම් පැවැසීමේදී දකුණු දෙසට සහ වම් දෙසට හැරී සලාම් පැවැසීම.
පිළිතුර- සලාත් ඉටු කරන ආකාරය.
- වටපිට බැලීමකින් තොරව ඍජූව කෙනෙකුගේ මුළු ශරීරයෙන්ම කිබ්ලාව දෙසට හැරී සිටීම.
- පසුව චේතනාව වචනයෙන් ප්‍රකාශ නොකර අවශ්‍ය කරන සලාතය වෙනුවෙන් චේතනාව සිතින් පිහිටුවා ගනී.
- පසුව දෑත් තම උරහිසට සමාන්තර ව ඔසවා ‘අල්ලාහු අක්බර්’යැයි ආරම්භ තක්බීරය පැවසීම.
- තම පපුව මත වමත් බාහු ව තබා ඒ මත දකුණත තබා ගැනීම.
- පසු ව ප්රාරම්භක ප්‍රාර්ථනාව උසිරීම.
අල්ලාහුම්ම බාඉද් බයිනී වබයින හතායාය කමා බාඅද්ත බයින අල් මෂ්රිකි වල් මග්රිබි අල්ලාහුම්ම නක්කිනී මින් හතායාය කමා යුනක්කස්සව්බුල් අබ්යළු මිනද් දනස්. අල්ලාහුම්ම අග්සිල්නී මින් හතායාය බිල් මාඉ වස්සල්ජි වල් බරද්. තේරුම: යා අල්ලාහ්! ඔබ බටහිර හා නැගෙනහිර දුරස් කලාක් මෙන් මා අතර හා මාගේ පාපයන් අතර දුරස් කරත්වා! අහෝ අල්ලාහ්! සුදු ඇඳුමින් කුණු ඉවත් කරන්නාක් මෙන් මාගේ පාපයන්ගෙන් ද මා පිරිසිදු කරත්වා ! අහෝ අල්ලාහ්! පිනිකැට වලින්, සිසිලෙන් හා ජලයෙන් මාගේ පාපයන් මගෙන් සොදා හරිනු මැනව!
එසේ නැතහොත් මෙසේ පවසයි:
"සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික වතබාරකස්මුක වතආලා ජද්දුක වලාඉලාහ ගයිරක." තේරුම: යා අල්ලාහ් ඔබට උපහාර දක්වන අතරම සුවිශුද්ධද කරමි. ඔබේ නාමයන් සමෘධිමත්ය. ඔබේ කීර්තිය උත්තරීතරය. නැමදුමට සුදුස්සා ඔබ හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත.
- පසුව පහත සඳහන් ආකාරයට අඌදු පැවැසීම:
අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම් "පළවා හරින ලද ෂයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතමි." යැයි පාරායනය කිරීම.
- පසුව පහත සඳහන් ආකාරයට බිස්මිල්ලාහ් පවසා සූරතුල් ෆාතිහා පාරායනය කිරීම.
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි.
සියලු ප්‍රශංසා ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.
අපරිමිත දයාන්විතය අසමසම කරුණාන්විත ය 3.
විනිශ්චය දිනයේ රජු ය. 4
ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු.5
අපට ඍජු මඟ පෙන්වනු මැනව. 6
ඔබ කවරෙකුට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපයට ලක් වූවන් හෝ මුළාවූවන්ගේ මාර්ගය නො ව.7
(අල්-ෆාතිහා: 2)
පසුව (ආමීන්) යනුවෙන් පැවසීම, එහි අර්ථය : යා අල්ලාහ්! පිළිතුරු ලබා දෙනු මැන යනුවෙනි.
- පසුව අල්කුර්ආනයෙන් පහසු කොටසක් පාරායනය කිරීම. සුබ්හු සලාතයේ දී දීර්ඝ සූරාවන් පාරායනය කිරීම.
- පසුව රුකූ කරයි. එනම් අල්ලාහ්ව මහිමයට පත් කිරීම වස් තම කොන්ද නමා රුකූ කරයි. රුකූ කරන විට ''අල්ලාහු අක්බර්'' යැයි පවසයි. රුකූ සඳහා නැමෙන විට අත් දෙක ඔහුගේ උරහිස් දක්වා ඔසවයි. සුන්නාහ් ක්‍රමය නම්: ඔහුගේ පිටකොන්ද සමාන්තර ව තබා හිස ද ඍජු ව තබා ගැනීමයි. තවද ඇඟිලි ඈත් කොට, දෑත් තම දණහිස් මත තබයි.
10.පසු ව ''සුබ්හාන රබ්බියල් අලීම්''යැයි තුන් වරක් පවසයි. වැඩියෙන් පවසන්නේ නම් එවිට « සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික, අල්ලාහුම්ග් ෆිර්ලී» යනුවෙන් පැවසීම උචිතයි.
11-පසුව "සමිඅල්ලාහු ලිමන් හමිදා" යනුවෙන් පවසමින් රුකූ ඉරියව්වේ සිට හිස ඔසවයි, එවිට ඔහු තම උරහිසට සමාන්තරව තම දෑත් ඔසවයි. (ඉමාම්ව අනුගමනය කරන) මඃමූන්වරු "සමිඅල්ලාහු ලිමන් හමිදා" යනුවෙන් පවසන්නේ නැත: ඒ වෙනුවට ඔවුහු " රබ්බනා වලකල් හම්දු", යනුවෙන් පවසති.
- පසුව නැගිට සිටීමෙන් පසු "රබ්බනා වලකල් හම්දු මිල්අස්-සමාවාති වමිල්අල්-අර්ළි වමිල්අ මා ෂිඃත මින් ෂෙයිඉන් බඃද්" යනුවෙන් පවසයි.
- ඉන්පසු ඔහු පළමු සුජූද් කරයි. සුජූද් කරන විට "අල්ලාහු අක්බර්" යැයි පවසයි. ඔහු තම අවයව හතක් එනම්, නළල, නාසය, අත්ල, දණහිස සහ පාදවල ඇඟිලි තුඩු පොළොව මත පතිත වන සේ සුජූද් කරයි. තවද ඔහුගේ දෑත්හි බාහු කොටස ඇළපැති දෙපැත්තෙන් දුරස්ව තබා ගනීයි. තම වැලමිට පොළොව මත නොතබා ඇඟිලි තුඩු කිබ්ලා දෙසට හරවා තබා ගනී.
- පසු ව ''සුබ්හාන රබ්බියල් අඃලා''යැයි තුන් වරක් පවසයි. වැඩියෙන් පවසන්නේ නම්, «සුබ්හානකල්ලාහුම්ම රබ්බනා වබිහම්දික, අල්ලාහුම්මඟ් ෆිර්ලී» යනුවෙන් පැවසීම උචිතයි.
- පසු ව සුජූද් තත්වයේ සිට ''අල්ලාහු අක්බර්'' යැයි පවසා තම හිස ඔසවයි.
- පසුව සජදා දෙක අතර තම වම් කකුල මත වාඩි වී, තම දකුණු පාදය සිටුවා තබා ගනියි. තම අත් දෙක තම කළවා දෙක හා තම දණහිස් දෙක මත තබා ගනියි.
- සජදා දෙක අතර හිඳගෙන මෙසේ පාරායනය කරයි.
‘රබ්බිග් ෆිර්ලී වර්හම්නී, වහ්දිනී, වර්සුක්නී, වජ්බුර්නී, වආෆිනී.’
- පසුව ආරම්භයේ සිදු කළාක් මෙන් තක්බීර් පවසා දෙවන සුජූදය ඉටු කරයි.
- ඉන්පසු ''අල්ලාහු අක්බර්'' යනුවෙන් පවසමින් දෙවන සුජූදයෙන් නැඟිට සිට ගනී.පසුව පළමු රකආතය මෙන්ම දෙවන රකඅතයද ඉටු කරයි. නමුත් මෙහිදී ප්රාරම්භක ප්‍රාර්ථනාව නොපවසයි.
- පසුව දෙවන රකඅතය අවසන් වීමෙන් පසු ''අල්ලාහු අක්බර්'' යනුවෙන් පවසමින් සජදා දෙක අතර වාඩිවූ ආකාරයට හිඳ ගනීයි.
- මෙම හිඳීමේදී තෂහ්හුදය මෙසේ පාරායනය කරයි.
“අත්තිය්යාතු ලිල්ලාහි වස්සලවාතු වත්තය්යිබාතු, අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු, අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්, අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු, අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්. අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්. අඌදු බිල්ලාහි මින් අදාබි ජහන්නම, වමින් අදාබිල් කබ්රි, වමින් ෆිත්නතිල් මහ්යා වල්මමාත් වමින් ෆිත්නතිල් මසීහිද් දජ්ජාල්” තේරුම: සියලු පඬුරු ආශිර්වාද හා යහපත අල්ලාහ් සතුය. අහෝ නබිවරය! ඔබට ශාන්තිය හිමි වේවා. එමෙන්ම අල්ලාහ්ගේ කරුණාවත් සමෘද්ධියත් හිමි වේවා. මතත් වූ අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් හටත් හිමි වේවා! නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම සාක්ෂි දරමි. එමෙන්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයකු බවද මම සාක්ෂි දරමි. අහෝ අල්ලාහ්, ඔබ ඉබ්රාහීම් හා ඉබ්රාහීම්ගේ පවුලේ උදවියට ආශිර්වාද කළාක් මෙන් මුහම්මද් හා මුහම්මද්ගේ පවුලේ උදවියට ආශිර්වාද කරත්වා! සැබැවින්ම ඔබ ප්‍රශංසාලාභීය. කීර්තිමත්ය. ඔබ ඉබ්රා්හීම් හා ඉබ්රාඅහීම්ගේ පවුලේ උදවියට සමෘධිය ඇති කළාක් මෙන් මුහම්මද් හා මුහම්මද්ගේ පවුලේ උදවියට සමෘධිමත් කරත්වා! තවද, මම නිරයේ වේදනාවෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි. මිනීවලේ ඇති විය හැකි වේදනාවෙන්ද ආරක්ෂාව පතමි. මසීහ් අද්දජ්ජාල්ගේ කරදර වලින්ද ආරක්ෂාව පතමි. ජීවතුන් අතර සිටියදීත් මරණයෙන් පසුවත් ඇතිවිය හැකි අවුල් සහගත ස්වභාවයෙන්ද අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි.
පසුව මෙලොව සහ පරලොව යහපත සඳහා තමන් කැමති දේ වෙනුවෙන් අල්ලාහ්ගෙන් අයැද සිටී.
- "පසුව අස්සලාමු අලයිකුම් ව රහ්මතුල්ලාහ්" යැයි පවසා දකුණු දෙසට හැරී සලාම් පවසයි. එමෙන්ම වම් දෙසට හැරී ද සලාම් පවසයි.
- රකඅත් තුනකින් සහ හතරකින් සමන්විත සලාතයකදී පළමු තෂහ්හුදය පාරායනය කරන විට එහි අවසාන වදන, එනම්: ''අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු'' දක්වා පාරායනය කරයි.
- පසු ව තක්බීර් පවසා නැගිට සිටියි. එවිට දෙඅත් උරහිසට සමාන්තර ව ඔසවයි.
25.පසු ව ඉතිරි රකඅත් (වට) ගණන (තුන්වැනි හා හතරවැනි රකආතයන්) ඉටු කරයි. කෙසේ වෙතත්, මේ රකඅත්වල අල්-ෆාතිහා කියවීමට සීමා කරයි.
- පසු ව (අවසාන තෂහ්හුදය පැවසීම සඳහා) තවර්රුක් ක්‍රමයට වාඩි වෙයි. වම් පාදය දකුණු කකුලේ කෙණ්ඩයට යටින් පිටතට එන සේ තම පසුපස බිම තබා දකුණු පාදය සිටුවා තබා ගනියි. (තවද පසුපස බිම තබා තම වම් පාදය දකුණු දෙසින් පිටතට එන සේ තබා ගැනීමටද හැක.) තවද පළමු තෂහ්හුද් අවස්ථාවේදී තබා ගත් ක්‍රමයට අත්ල කලව මත තබයි.
- තවද මෙම ඉඳුමෙහි මුළු තෂහ්හුදය කියවයි.
පිළිතුර: ''අස්තග්ෆිරුල්ලාහ්'' යනුවෙන් තුන් වරක්.
අනතුරු ව ‘අල්ලාහුම්ම අන්තස් සලාමු වමින්කස් සලාමු තබාරක්ත යා දල් ජලාලි වල් ඉක්රාමි' යැයි පැවසිය යුතුය. තේරුම: යා අල්ලාහ්, ශාන්තිය ඔබයි. ශාන්තිය ඇති වනුයේ ඔබෙන්ය. ගෞරවනී වූ ද අභිමානවත් වූ ද ඔබ භාග්‍ය වන්තයාය.
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීකලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්. අල්ලාහුම්ම ලා මානිඅ ලිමා අඃතයිත වලා මුඃතිය ලිමා මනඃත වලා යන්ෆඋ දල් ජද්දි මින්කල් ජද්. තේරුම: නැමදුම ලබන්නට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නැත. ඔහු එකීයය. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නැත.සියලු පාලන බලය හිමිවනුයේ ඔහුටමය. සියලු ප්‍රශංසා හිමිවනුයේ ඔහුටමය. ඔහු සෑම දෙයක් කිරීම කෙරෙහි ශක්ති වන්තයාය. යා අල්ලාහ්! ඔබ දුන් දෙයක් වළකා ලීමට කිසිවෙකුටත් නොහැක. ඔබ (නොදී) වැළකූ දෙයක් ලබා දීමට කිසිවෙකුටත් නොහැක. ඔබේ දඬුවම්වලින් මිදීමට ධනය හෝ මහිමය කිසිවෙකුටත් ප්‍රයෝජනවත් විය නොහැක.
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්. ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහි, ලා ඉලාහ ඉල්ලල්ලාහු වලා නඃබුදු ඉල්ලා ඉයියාහු ලහුන් නිඃමතු වලහුල් ෆල්ලූ වලහුල් සනාඋල් හසන්, ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහ්ඃලිසීන ලහුද්දීන වලව් කරිහල් කාෆිරූන්. තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නොමැත. සියලු බලතල ඔහු සතුය. ප්‍රශංසා සියල්ල ඔහුටමය. සෑම දෙයක් කෙරෙහිම ඔහු ශක්තිය ඇත්තාය. අල්ලාහ්ගෙන් හැර කිසිම ශක්තියක් හෝ බලවේගයක් නොමැත. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු හැර වෙන කිසිවෙකුට අපි නැමදුම් නොකරන්නෙමු. සියලූ දායාදයන් ඔහු සතුය. ශ්‍රේෂ්ඨත්වය ද උතුම් වූ උපහාරය ද ඔහුටම හිමිය. නැමදුමට සුදුස්සා ඔහු හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ප්‍රතික්ෂේප කරන්නන් විරුද්ධ වුව ද සියලු නැමදුම් ඔහු වෙනුවෙන් පමණක් ඉටු කරමු.
'' සුබ්හානල්ලාහ් ''යැයි තිස් තුන් වතාවක් කීම.
-'' අල්හම්දු ලිල්ලාහ් ''යැයි තිස් තුන් වතාවක් කීම.
-'' අල්ලාහු අක්බර් ''යැයි තිස් තුන් වතාවක් කීම.
සියය සම්පූර්ණ කිරීම සඳහා පහත දැක්වෙන දික්රය කීම.
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්. තේරුම- නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සියලු ආධිපත්‍යයන් අල්ලාහ් සතුය. සියලු පැසසුම් ඔහු සතුය. ඔහු සියලු දෑ කිරීමට බලය ඇත්තාය.
(මේ පිළිවෙළට අනුව ප්‍රාර්ථනාවන් මෙනෙහි කිරීමෙන් පසු) සූරතුල් ඉහ්ලාසය සහ මුඅව්විදතෙයින් හෙවත් අල් කුර්ආන් 113 හා 114 යන සූරාවන් ද පාරායනය කරයි. මග්රිබ් හා ෆජ්ර් සලාතයෙන් පසු ව මෙම සූරාවන් තුන්වරක් බැගින් පාරායනය කිරීම සහ අනිකුත් සලාතයෙන් පසු එක්වතාවක් පාරායනය කිරීම.
පසු ව ආයතුල් කුර්සීය හෙවත් (අල් කුර්ආන් 2:255) වැනි වැකිය එක් වතාවක්ද පාරායනා කිරීම.
පිළිතුර - සුබ්හ් (ෆජ්ර්) සලාතයට පෙර රකආත් දෙකක්.
- ලුහර් සලාතයට පෙර රකආත් හතරක්.
- ලුහර් සලාතයට පසු රකආත් දෙකක්.
-මග්රිබ් සලාතයට පසු රකආත් දෙකක්.
- ඉෂා සලාතයට පසු රකආත් දෙකක්.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එහි වැදගත්කම ගැන මෙසේ පැවසූහ:
"කෙනෙකු දවසකට දිවා රෑ ස්වේච්ඡාවෙන් රකආත් දොළහක් සලාතය කරයිද, අල්ලාහ් ඔහුට ස්වර්ගයේ නිවසක් ඉදි කරයි."
මෙම හදීසය මුස්ලිම් සහ අහ්මද් මූලාශ්‍ර ග්රන්ථයෙහි සහ වෙනත් මූලාශ්‍රයන්හි වාර්තා වී ඇත.
පිළිතුර- ජුම්ආ දිනයයි (සිකුරාදා). නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ.
"සත්‍ය වශයෙන්ම නුඹලාට විශේෂිත වූ දිනය ජුම්ආ දිනයයි. එම දිනයේදී නබි ආදම් (අලෙයිහිස් සලාම්) තුමා මවනු ලැබුහ. එම දිනයේදී එතුමා මරණයට පත් වූහ. එම දිනයේදී හොරණෑව පිඹෙනු ඇත. (අවසන් දින සහ නැවත නැඟිටීමේ දිනයේ බිහිසුණුකම ආරම්භ වන විට);එම දිනයේදී ගිගුරුම් සහිත මහා හඩ ඇත. එබැවින් මෙම දිනයේදී මා කෙරෙහි අධික වශයෙන් සලවාත් කියන්න. නියත වශයෙන්ම ඔබ පවසන සලවාත් මා වෙත පෙන්වනු ලබයි.
එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ (සහාබාවරුන්) මිතුරන් මෙසේ ප්‍රශ්න කළහ. 'නබි තුමාණෙනි! අපේ සලවාතයන් ඔබ වෙත පෙන්වනු ලබන්නේ කෙසේද? එවිට ඔබ (ගේ ශරීරය) දිරාපත් ව ඇත්තේ නොවේද?' එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පිළිතුරු දුන්හ.
'නිසැකවම උත්තරීතරවූ අල්ලාහ් නබිවරුන්ගේ ශරීරය භූමිය අනුභව කිරීමෙන් තහනම් කොට ඇත.'
මෙය ඉමාම් අබූ දාවුද් තුමා විසින් වාර්තා කර ඇත.
පිළිතුර- මෙය, ප්‍රදේශයක පදිංචිව සිටින, නිසි වයසට පැමිණි සහ බුද්ධියෙන් සපිරිනු සෑම පිරිමි මුස්ලිම් කෙනෙකු කෙරෙහි අනිවාර්ය වගකීමකි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! ජුමුආ (සිකුරාදා) දින සලාතය සඳහා ඇරයුම් කරනු ලැබූ විට අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා යුහුසුලුව යනු. තවද ව්‍යාපාරය නුඹලා අත හැර දමනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට යහපත් ය.
(අල්- ජුමුආ - 09)
පිළිතුර - ආගමානුකූල නිදහසට කරුණක් හැර සිකුරාදා සලාතයට නොපැමිණ සිටීමට ඉස්ලාම්හි අවසර නැත. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පැවසූහ.
කිසියම් පුද්ගලයෙකු නොකඩවා ජුම්ආ සලාතයන් තුනකට සහභාගි නොවූයේ නම්, ඔහුගේ හදවතට අල්ලාහ් විසින් මුද්‍රා තබනු ඇත.
මෙය ඉමාම් අබූ දාවුද් තුමා විසින් වාර්තා කර ඇත.
පිළිතුර - 1. ජලස්නානය කිරීම.
එය එතුමාගේ (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය උදාවේවා) මෙම ප්‍රකාශය හේතුවෙනි:
“ජුමුආ දිනයේ ස්නානය කිරීම වැඩිවියට පත් සෑම කෙනෙකුටම අනිවාර්යය වන්නේය.”
(මූලාශ්‍රය: බුහාරි)
- සුවඳවිලවුන් (අත්තර්) වැනි දෑ ආලේප කිරීම
එය මෙම හදීසයට අනුව වේ:
“ජුමුආ දිනයේ ස්නානය කිරීම මුස්ලිම්වරුන් මත යුතුකමක් වන්නේය, තවද ඔවුන්ගෙන් අයෙකු තම පවුලේ සුවඳ විළවුන් ගල්වා ගත යුතුය.”
මෙය ඉමාම් අහ්මද් හා ඉමාම් තිර්මිදි විසින් වාර්තා කොට ඇත.
- හොඳම ඇඳුමකින් සැරසී යාම.
""ඔබ අතුරින් කිසිවෙකුට හෝ වත්කමක් තිබේ නම්, තම රැකියාව සඳහා වන ඇඳුම් දෙකට අමතරව තම ජුමුආව සඳහා වෙනත් ඇඳුම් දෙකක් තබා ගැනීමෙහි කිසිදු වරදක් නොමැත.""
මෙය ඉමාම් ඉබ්නු මාජා, හා ඉමාම් මාලික් විසින් අල්-මුවත්තාහි වාර්තා කොට ඇත.
- වේලාසනින් මස්ජිදයට යාම.
- පා ගමනින් මස්ජිදයට යාම.
“කවරෙකු ජුමුආ දිනයේ ස්නානය කර, ස්නානය කරවා, වේලාසනින් පිටත්ව ගොස්, මුලින්ම පැමිණ, සමීප වී, නිහඬව සිට එයට සවන් දුන්නේ ද ඔහු තබන සෑම පියවරක් පාසාම වසරක කුලිය එනම් එහි උපවාසයේ යෙදුණු හා රාත්‍රී සලාතයේ නියැළුණු කුලිය ඔහුට හිමි වනු ඇත.”
මෙය තිර්මිදී සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
- නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා වෙත වැඩි වැඩියෙන් සලවාත් පැවසීම.
එතුමාණෝ (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය හිමි වේවා) මෙසේ දෙසූහ.
"ජුමුආ දිනයේදී මා කෙරෙහි අධික වශයෙන් සලවාත් කියන්න. නියත වශයෙන්ම එය මලක්වරුන් සාක්ෂි දරන දිනයකි. තවද කවරෙකු මා කෙරෙහි සලවාත් පවසන්නේ ද, ඔහු එය පවසා අවසන් කරන තුරු ඔහුගේ එම සලවාත් මා වෙත පෙන්වනු ලබයි."
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත
- සූරත් අල්-කහ්ෆ් පාරායනය කිරීම.
"“කවරෙකු ජුමුආ දිනයේ සූරා අල් කහ්ෆ් පාරායනය කළේ ද ඔහුට ජුමුආවන් දෙක අතර ආලෝකයක් බැබළෙන්නේය.”"
මූලාශ්‍රය : ඉමාම් අල් හාකිම් ඇතුළු ව වෙනත් අය.
- ප්‍රාර්ථනා (කන්නලව්ව) සඳහා පිළිතුරු ලැබෙන වේලාව පිළිබඳ විමසිල්ලෙන් සිටීම.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජුමුආ දිනය මතක් කරමින් මෙසේ ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
«එහි වේලාවක් ඇත. මුස්ලිම් ගැත්තෙකු සලාතය ඉටු කරමින් සිටිය දී එයට (එම වේලාවට) සම්මත වී ඔහු අල්ලාහ්ගෙන් යමක් අයැද සිටින්නේ නම් එය ඔහු ඔහුට පිරිනමන්නේ මිස නැත.»
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
පිළිතුරු - සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී.
සාමුහික සලාතය තනි ව ඉටු කරන සලාතයට වඩා විසි හත් ගුණයකට අධික තරාතිරමින් උසස් ය.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
පිළිතුර - (සකාත් දීමට අනිවාර්යයෙන් බැඳුනු පුද්ගලයෙකු විසින්) තමන් සතු වස්තුව නිශ්චිත කාලයක් තුල, නිශ්චිත කණ්ඩායමක් වෙත නිකුත් කිරීමේ අනිවාර්ය වගකීමකි.
එය ඉස්ලාමයේ පස් මහ කුළුණු වලින් එකක් වන අතර එය ධනවතුන්ගෙන් ලබාගෙන දුප්පතුන්ට දෙනු ලබන අනිවාර්ය පුණ්යාධාරයකි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
සකාතය ද දෙනු.
(අල්-බකරා: 163)
එය (අල්ලාහ් වෙනුවෙන් යන) චේතනාවකින් යුක්තව අලුයම උදාවේ සිට හිරු බැස යන තෙක් (ආහාර පානාදිය, ලිංගික ඇසුර හා වෙනත්) උපවාසය අවලංගු කරන දෑ යනාදියෙන් වැළකී, අල්ලාහ්ට වන්දනා මානය කරනු ලබන පිළිවෙතක් වන අතර එය වර්ග දෙකකි:
- අනිවාර්යවූ උපවාසශීලය: මෙය ඉස්ලාමයේ කුළුණු වලින් එකක් වන රමළාන් මාසයේ උපවාසශීලයේ යෙදීම වැනිය.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
අහෝ විශ්වාස කළවුනි! නුඹලා බැතිමත් විය හැකි වනු පිණිස නුඹලාට පෙර වූවන් කෙරෙහි නියම කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාසය නියම කරනු ලැබී ය.
(අල්-බකරා: 163)
- අනිවාර්ය නොවන උපවාසය: උදාහරණයක් ලෙස, සෑම සතියකම සඳුදා සහ බ්‍රහස්පතින්දා උපවාසයේ යෙදීම සහ සෑම මාසයකම දින තුනක් උපවාසශීලයෙහි යෙදීම. මේ අතරින් හොඳම ඒවා වන්නේ සෑම මසකම ‘අය්යාමුල් බීළ්’ (සුදු දින) හෙවත් සෑම චන්ද්‍ර මාසයකම 13, 14 සහ 15 වැනි දිනයන්හිදී උපවාසශීලයෙහි යෙදීම වේ.