Skip to content

ප්රශ්න අංක 33. සිකුරාදා දිනයේ සුන්නාහ් ක්රියාවන් සඳහන් කරන්න.

الباب / الفصل
قسم الفقه

السؤال

س33: أذكر سنن يوم الجمعة.

ප්රශ්න අංක 33. සිකුරාදා දිනයේ සුන්නාහ් ක්රියාවන් සඳහන් කරන්න.

الجواب

ج:١. الاغتسال.

لقوله عليه الصلاة والسلام:

«غسل يوم الجمعة واجب على كل محتلم»

رواه البخاري.

  1. التطيب.

لحديث:

«حق على المسلمين أن يغتسلوا يوم الجمعة، وليمس أحدهم من طيب أهله»

رواه أحمد والترمذي.

  1. لبس أحسن الثياب.

«ما على أحدكم إن وجد سعة أن يتخذ ثوبين لجمعته، سوى ثوبي مهنته»

رواه ابن ماجة ومالك في الموطأ.

  1. التبكير إلى المسجد.
  2. الذهاب إلى المسجد ماشيًا.

«من اغتسل يوم الجمعة، وغسل، وبكر، وابتكر، ودنا، واستمع، وأنصت كان له بكل خطوة يخطوها أجر سنة، صيامها وقيامها»

رواه الترمذي والنسائي.

  1. الإكثار من الصلاة على النبي صلى الله عليه وسلم.

قال عليه الصلاة والسلام:

«أكثروا الصلاة علي يوم الجمعة فإنه مشهود تشهده الملائكة، وإن أحدًا لن يصلي علي إلا عرضت علي صلاته حتى يفرغ منها»

رواه ابن ماجة.

۷. قراءة سورة الكهف.

«من قرأ سورة الكهف يوم الجمعة، أضاء له من النور ما بين الجمعتين»

رواه الحاكم وغيره.

۸. تحري ساعة إجابة الدعاء.

للحديث عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم ذكر يوم الجمعة، فقال:

«فيه ساعة لا يوافقها عبد مسلم، وهو قائم يصلي يسأل الله تعالى شيئًا، إلا أعطاه إياه»

متفق عليه.

පිළිතුර - 1. ජලස්නානය කිරීම.

එය එතුමාගේ (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය උදාවේවා) මෙම ප්රකාශය හේතුවෙනි:

“ජුමුආ දිනයේ ස්නානය කිරීම වැඩිවියට පත් සෑම කෙනෙකුටම අනිවාර්යය වන්නේය.”

(මූලාශ්රය: බුහාරි)

  1. සුවඳවිලවුන් (අත්තර්) වැනි දෑ ආලේප කිරීම

එය මෙම හදීසයට අනුව වේ:

“ජුමුආ දිනයේ ස්නානය කිරීම මුස්ලිම්වරුන් මත යුතුකමක් වන්නේය, තවද ඔවුන්ගෙන් අයෙකු තම පවුලේ සුවඳ විළවුන් ගල්වා ගත යුතුය.”

මෙය ඉමාම් අහ්මද් හා ඉමාම් තිර්මිදි විසින් වාර්තා කොට ඇත.

  1. හොඳම ඇඳුමකින් සැරසී යාම.

""ඔබ අතුරින් කිසිවෙකුට හෝ වත්කමක් තිබේ නම්, තම රැකියාව සඳහා වන ඇඳුම් දෙකට අමතරව තම ජුමුආව සඳහා වෙනත් ඇඳුම් දෙකක් තබා ගැනීමෙහි කිසිදු වරදක් නොමැත.""

මෙය ඉමාම් ඉබ්නු මාජා, හා ඉමාම් මාලික් විසින් අල්-මුවත්තාහි වාර්තා කොට ඇත.

  1. වේලාසනින් මස්ජිදයට යාම.
  2. පා ගමනින් මස්ජිදයට යාම.

“කවරෙකු ජුමුආ දිනයේ ස්නානය කර, ස්නානය කරවා, වේලාසනින් පිටත්ව ගොස්, මුලින්ම පැමිණ, සමීප වී, නිහඬව සිට එයට සවන් දුන්නේ ද ඔහු තබන සෑම පියවරක් පාසාම වසරක කුලිය එනම් එහි උපවාසයේ යෙදුණු හා රාත්‍රී සලාතයේ නියැළුණු කුලිය ඔහුට හිමි වනු ඇත.”

මෙය තිර්මිදී සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.

  1. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා වෙත වැඩි වැඩියෙන් සලවාත් පැවසීම.

එතුමාණෝ (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය හිමි වේවා) මෙසේ දෙසූහ.

"ජුමුආ දිනයේදී මා කෙරෙහි අධික වශයෙන් සලවාත් කියන්න. නියත වශයෙන්ම එය මලක්වරුන් සාක්ෂි දරන දිනයකි. තවද කවරෙකු මා කෙරෙහි සලවාත් පවසන්නේ ද, ඔහු එය පවසා අවසන් කරන තුරු ඔහුගේ එම සලවාත් මා වෙත පෙන්වනු ලබයි."

ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත

  1. සූරත් අල්-කහ්ෆ් පාරායනය කිරීම.

"“කවරෙකු ජුමුආ දිනයේ සූරා අල් කහ්ෆ් පාරායනය කළේ ද ඔහුට ජුමුආවන් දෙක අතර ආලෝකයක් බැබළෙන්නේය.”"

මූලාශ්රය : ඉමාම් අල් හාකිම් ඇතුළු ව වෙනත් අය.

  1. ප්රාර්ථනා (කන්නලව්ව) සඳහා පිළිතුරු ලැබෙන වේලාව පිළිබඳ විමසිල්ලෙන් සිටීම.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජුමුආ දිනය මතක් කරමින් මෙසේ ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

«එහි වේලාවක් ඇත. මුස්ලිම් ගැත්තෙකු සලාතය ඉටු කරමින් සිටිය දී එයට (එම වේලාවට) සම්මත වී ඔහු අල්ලාහ්ගෙන් යමක් අයැද සිටින්නේ නම් එය ඔහු ඔහුට පිරිනමන්නේ මිස නැත.»

බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.