ඔසප් තත්ත්වයේ පසුවන හෝ දරු ප්රසූතියෙන් පසු රුධිරය වනහය වන කාන්තාව අසර් වේලාවෙහි පිරිසිදු තත්ත්වයට පත්වූවා නම්, අසර් සමග ලුහර් ඉටු කිරීම අනිවාර්ය ද? එසේ නැතිනම් අසර් පමණක් අනිවාර්ය වී ලුහර් අනිවාර්යය වන්නේ නැති ද?
السؤال
ප්රශ්ණය 1.
ඔසප් තත්ත්වයේ පසුවන හෝ දරු ප්රසූතියෙන් පසු රුධිරය වනහය වන කාන්තාව අසර් වේලාවෙහි පිරිසිදු තත්ත්වයට පත්වූවා නම්, අසර් සමග ලුහර් ඉටු කිරීම අනිවාර්ය ද? එසේ නැතිනම් අසර් පමණක් අනිවාර්ය වී ලුහර් අනිවාර්යය වන්නේ නැති ද?
س12: إذا طهرت الحائض أو النّفساء وقت العصر، فهل تلزمها صلاة الظّهر مع العصر، أو لا يلزمها سوى العصر فقط؟
الجواب
පිළිතුර 1:
මෙම ප්රශ්ණයේ දී වඩාත් උචිත ප්රකාශය වනුයේ: ලුහර් සලාතය අනිවාර්යය බවට කිසිදු පදනමක් නැති බැවින්, අසර් සලාතය පමණක් ඇයට අනිවාර්යය වන බවය. ඊට හේතුව මූලික වශයෙන් එම වගකීමෙන් ඇය නිදහස් වන බැවිනි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ ප්රකාශ කළහ:
"හිරු අවරට යාමට පෙර, අසර් සලාතයෙන් එක් රකආතයක් කිසිවකු හෝ ලැබුවේ නම්, ඔහුට අසර් සලාතය හිමි විය."
ඔහුට ලුහර් හිමි වූ බව සඳහන් කළේ නැත. ලුහර් සලාතය අනිවාර්යය නම් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඒ පිළිබඳ පැහැදිලි කරන්නට තිබිණ. සැබැවින්ම කාන්තාවක් ලුහර් කාලයට පිවිසීමෙන් පසු ඔසප් තත්ත්වයට පත්වූවා නම්, ලුහර් සලාතය අසර් සලාතය සමග එකතු කරන්නට හැකියාව තිබුණ ද අසර් සලාතය නොව ලුහර් සලාතය කදා වශයෙන් නැවත ඉටු කිරීම හැර වෙනත් කිසිවක් ඇයට අනිවාර්යය වන්නේ නැත. මෙය හා ඒ ගැන විමසනු ලබන ප්රශ්ණයේ ස්වරූපය අතර වෙනසක් නැත.
මේ මූලාශ්ර හා ඒ මත ගොඩ නැගුණු 'කියාස්' නොහොත් නිවැරදි මතය, යන නීතිය අනුව වඩාත් උචිත ප්රකාශය වනුයේ එහිදී අසර් සලාතය පමණක් හැර වෙනත් කිසිවක් අනිවාර්යය නොවන බවයි. එමෙන්ම ඉෂා වේලාව ඉවත් වීමට පෙර ඇය පිරිසිදු වුවා නම්, එහි කරුණද එලෙසමය. එනම් ඉෂා සලාතය හැර වෙනත් සලාතයක් අනිවාර්යය වන්නේ නැත. තවද මග්රිබ් සලාතය ඇයට අනිවාර්යය වන්නේ නැත.
ﺟ12: القول الراجح في هذه المسألة: أنه لا يلزمها إلا العصر فقط؛ لأنه لا دليل على وجوب صلاة الظّهر، والأصل براءة الذّمة، ثم إن النبي ﷺ قال:
«مَنْ أَدْرَكَ رَكْعَةً مِنَ الْعَصْرِ قَبْلَ أَنْ تَغْرُبَ الشَّمْسُ فَقَدْ أَدْرَكَ الْعَصْرَ» [1]،
ولم يذكر أنه أدرك الظّهر، ولو كان الظّهر واجبًا لبينه النبيّ ﷺ، ولأن المرأة لو حاضت بعد دخول وقت الظّهر لم يلزمها إلا قضاء صلاة الظّهر دون صلاة العصر، مع أن الظّهر تجمع إلى العصر، ولا فرق بينها وبين الصّورة التي وقع السّؤال عنها.
[2] البخاري، كتاب الصوم، باب الحائض تترك الصوم والصلاة (1951).
وعلى هذا يكون القول الراجح أنه لا يلزمها إلا صلاة العصر فقط؛ لدلالة النصّ والقياس عليها، وكذلك الشأن فيما لو طهرت قبل خروج وقت العشاء، فإنه لا يلزمها إلا صلاة العشاء، ولا تلزمها صلاة المغرب.