Skip to content

රමාළාන් මාසයේ දහවල් කාලයේ ගර්භනී කාන්තාවකගෙන් රුධිරය වහනය වන්නේ නම් ඇයගේ උපවාසට බලපෑමක් සිදු වන්නේ ද?

السؤال

ප්රශ්ණය 1.

රමාළාන් මාසයේ දහවල් කාලයේ ගර්භනී කාන්තාවකගෙන් රුධිරය වහනය වන්නේ නම් ඇයගේ උපවාසට බලපෑමක් සිදු වන්නේ ද?

س14: نزول الدم من الحامل في نهار رمضان، هل يؤثّر على صومها؟

الجواب

පිළිතුර 1:

කාන්තාවක් උපවාසය රකිමින් සිටියදී ඇයට ඔසප් රුධිර වහනය සිදු වූ විට ඇයගේ උපවාසය අවලංගු වේ. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්රකාශයකට අනුවය. එනම්:

"කාන්තාව ඔසප් තත්ත්වයට පත් වූ විට, සලාත් ඉටු නොකළ යුතු නොවේ ද උපවාසය නොරැකිය යුතු නොවේ ද?"

ඒ අනුව, එය උපවාසය කඩ කරන කරුණු අතරින් එකක් වන්නේ ය. දරු ප්රසූතියෙන් පසු රුධිර වහනවීමේ තත්ත්වය ද එලෙසමය. ඔසප් තත්ත්වයේ හා දරු ප්රසූතියෙන් පසු තත්ත්වයේ රුධිර වහනය වීම උපවාසය අවලංගු කරයි.

රමළාන් මාසයේ දහවල් කාලයේ ගැබිණි කාන්තාවකගෙන් රුධිරය වහනය වීම ඔසප් තත්ත්වයක වී නම්, ඇත්තෙන්ම එය ගැබිණි නොවන තත්ත්වයේ පවතින ඔසප් තත්ත්වය හා සමානය. එනම්: එය ඇයගේ උපවාසයට බලපානු ඇත. එය ඔසප් තත්ත්වය නොවී නම් එවිට එය බලපන්නේ නැත.

ගර්භණී කාන්තාවකට සිදුවිය හැකි ඔසප් තත්ත්වය වනාහි, ඇය ගැබ්ගත් දා පටන්, අඛණ්ඩව වහනය වන ඔසප් සිදුවීමයි. එය සුපුරුදු කාලයට ඇයට පැමිණෙයි. නිවැරදි මතය අනුව එය ඔසප් තත්ත්වයයි. ඔසප්වීම පිළිබඳ නීතිරීති ඇයටද අදාල වේ.

නමුත් රුධිර වහනය ඇයට නතර වී පසුව සුපුරුදු පරිදි ඇති නොවන රුධිරයක් දකින්නට වී නම්, එය ඇයගේ උපවාසයට බලපෑමක් ඇති නොකරන අතර එය ඔසප් තත්ත්වය නොවන්නේය.

ﺟ14: إذا خرج دم الحيض والأنثى صائمةٌ فإن صومها يفسد؛ لقول النبيّ ﷺ:

«أَلَيْسَ إِذَا حَاضَتْ لَمْ تُصَلِّ، وَلَمْ تَصُمْ؟» [1]

ولهذا نعدّه من المفطّرات، والنّفاس مثله، وخروج دم الحيض والنّفاس مفسدٌ للصوم.

[3] البخاري، كتاب الصوم، باب الحائض تترك الصوم والصلاة (1951).

ونزول الدم من الحامل في نهار رمضان إذا كان حيضًا فإنه كحيض غير الحامل، أي: يؤثّر على صومها، وإن لم يكن حيضًا فإنه لا يؤثّر.

والحيض الّذي يمكن أن يقع من الحامل هو أن يكون حيضًا مطردًا لم ينقطع عنها منذ حملت، بل كان يأتيها في أوقاتها المعتادة، فهذا حيضٌ على القول الراجح، يثبت له أحكام الحيض.

أما إذا انقطع الدم عنها، ثم صارت بعد ذلك ترى دمًا ليس هو الدم المعتاد، فإن هذا لا يؤثّر على صيامها؛ لأنه ليس بحيضٍ.