ප්‍රශ්න අංක 6: අල්-අස්ර් පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්‍රහය කරන්න.?
- الباب / الفصل
- قسم التفسير
السؤال
س6: اقرأ سورة العصر وفسرها.
ප්‍රශ්න අංක 6: අල්-අස්ර් පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්‍රහය කරන්න.?
الجواب
ج:سورة العصر وتفسيرها:
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
﴿وَٱلۡعَصۡرِ 1
إِنَّ ٱلۡإِنسَٰنَ لَفِي خُسۡرٍ 2
إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَتَوَاصَوۡاْ بِٱلۡحَقِّ وَتَوَاصَوۡاْ بِٱلصَّبۡرِ 3﴾
[العصر: 1-3].
التفسير:
- ﴿وَٱلۡعَصۡرِ1﴾:
أقسم سُبْحَانَهُ بالزمان.
- ﴿إِنَّ ٱلۡإِنسَٰنَ لَفِي خُسۡرٍ2﴾:
أي: كل الإنسان في نقصان وهلاك.
- ﴿إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَتَوَاصَوۡاْ بِٱلۡحَقِّ وَتَوَاصَوۡاْ بِٱلصَّبۡرِ3﴾:
إلا من آمن وعمل صالحًا، ومع ذلك دعوا إلى الحق وصبروا عليه، فهؤلاء هم الناجون من الخسارة.
අල්-අස්ර් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්‍රහය.
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි.
කාලය මත දිවුරමින්.
සැබැවින්ම මිනිස් වර්ගයා අලාභයෙහි පසු වෙයි.
නමුත් (සත්‍යය) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් ඉටු කර, තවද සත්‍ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී, තවද ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර.
(සූරා අල්-අස්ර් :1-3)
අර්ථ විග්‍රහය:
සුවිශුද්ධයාණන් කාලය මත දිවුරා සිටී.
එනම්: සියලු මිනිසුන් යම් අඩුවක හා විනාශයක සිටිති.
නමුත් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් පිළිබඳ විශ්වාස කොට, දැහැමි ක්‍රියාවන් ඉටු කර, ඔවුන් අතරින් ඇතැමෙක් ඇතැමෙකුට අන්‍යෝන්‍යව සත්‍යය පිළිබඳ උපදෙස් දෙමින් ඒ මත ඉවසීමෙන් සිටින මෙන් ද උපදෙස් දෙමින් ජීවත් වන්නන් හැර. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ මෙලොව හා මතුලොව ජීවිතයෙහි ජය ලබන්නෝ වෙති.