“ඔබේ දෙමව්පියන් මත ඔබ දිවුරා පැවසීම සැබැවින්ම අල්ලාහ් ඔබට තහනම් කර ඇත්තේය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“ඔබේ දෙමව්පියන් මත ඔබ දිවුරා පැවසීම සැබැවින්ම අල්ලාහ් ඔබට තහනම් කර ඇත්තේය.” උමර් තුමා: අල්ලාහ් මත දිවුරා පවසමි. අල්ලාහ්ගේ දූතයාණන් එය වළක්වා ඇති බවට මාගේ කණට වැකුණු දා පටන් මෙනෙහි කිරීමක හෝ (වෙනත් කෙනෙකුගේ ප්‍රකාශයක්) දැනුම් දීමක මම එසේ දිවුරා නොසිටියෙමි.”
«إِنَّ اللهَ عَزَّ وَجَلَّ يَنْهَاكُمْ أَنْ تَحْلِفُوا بِآبَائِكُمْ»، قَالَ عُمَرُ: فَوَاللهِ مَا حَلَفْتُ بِهَا مُنْذُ سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى عَنْهَا ذَاكِرًا وَلَا آثِرًا.
තම දෙමාපියන් මුතුන් මිත්තන් කෙරෙහි දිවුරා පැවසීම අල්ලාහ් තහනම් කර ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. එහෙයින් කවරෙකු දිවුරන්නට සිතන්නේ ද ඔහු අල්ලාහ් කෙරෙහි පමණක් දිවුරා සිටිය යුතුය. ඔහු හැර වෙනත් කිසිවෙකු මත දිවුරා නො සිටිය යුතුය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එය තහනම් කර ඇති බව තමන් සවන් දුන් දා පටන්, එසේ තමන් විසින්ම හෝ තවත් කෙනෙකු පිළිබඳ පවසන විට හෝ එසේ කිසිදා දිවුරා නොසිටි බවත් අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු කෙරෙහි දිවුරා නොසිටි බවත් උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා මෙනෙහි කර සිටියේය.
ذاكِرًا: عامِدًا.
آثِرًا: حاكِيًا عن غَيْرِي أنَّه حَلَفَ بها.
අල්ලාහ් නොවන දෑ මත දිවුරා සිටීමේ තහනම. සැබැවින්ම දෙමාපියන් මුතුන් මිත්තන් මත දිවුරා සිටීම ජාහිලිය්යා නම් අඥාන යුගයේ හුරුපුරුදුකම් වේ.
දිවුරුම යනු: යම් කටයුත්තක් සහතික කරනු වස් අල්ලාහ් මත හෝ අල්ලාහ්ගේ නාම හෝ ගුණාංග මත දිවුරා සිටීමය.
උමර් (රළියල්ලාහු අන්හු) තුමාගේ මහිමය. එතුමා යමක් පිළිපැදීමට යුහුසුළු වීම, යමක් වටහා ගැනීමට එතුමා තුළ වූ මනා අවබෝධය හා එතුමාගේ නිහතමානිකම.
සහීහුුල් බුහාරි (8/ 132) (6647).
සහීහ් මුස්ලිම් (3/ 1266) (1646).
තවත් බලන්න (4)
تيسير العلام شرح عمدة الأحكام.
للبسام (ص684).
الإلمام بشرح عمدة الأحكام.
لإسماعيل الأنصاري (2/ 134).