Skip to content

“කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකු සූදානම් කර යැව්වේද සැබැවින්ම ඔහු ද යුද්ධ කළේය. එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකුගේ පවුල (ඔහු නොමැති විටක) යහ අයුරින් රැකබලා ගන්නේ ද සැබැවින්ම ඔහු ද යුද්ධ කළේය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සෙයිද් ඉබ්නු කාලිද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකු සූදානම් කර යැව්වේද සැබැවින්ම ඔහු ද යුද්ධ කළේය. එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකුගේ පවුල (ඔහු නොමැති විටක) යහ අයුරින් රැකබලා ගන්නේ ද සැබැවින්ම ඔහු ද යුද්ධ කළේය."

«مَنْ جَهَّزَ غَازِيًا فِي سَبِيلِ اللَّهِ فَقَدْ غَزَا، وَمَنْ خَلَفَ غَازِيًا فِي سَبِيلِ اللَّهِ بِخَيْرٍ فَقَدْ غَزَا».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකුට අවශ්‍ය ගමන් පහසුකම් මෙන්ම ඔහුට අවශ්‍ය ආයුධ, ප්‍රවාහන පහසුකම්, ආහාර, වියහියදම් හා එවැනි අවශ්‍යතා සපුරා දුන්නේද ඔහු ද රණ ශූරයකුගේ නිලයට පත් වන්නේය. යුද්ධයේ ප්‍රතිඵල ඔහු ද ලබනු ඇත. එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකුගේ කටයුතු භාරගෙන ඔහු වෙනුවට ඔහු නොමැති කාලය තුළ ඔහුගේ පවුල රැකබලා ගත්තේ ද සැබැවින්ම ඔහු ද රණ ශූරයාගේ නිලයෙහි සිටිනු ඇත.

හදීසයෙන් උගත හැකි පාඩම්

යහපත කිරීම සඳහා අන්‍යෝන්‍ය ලෙස උදව් උපකාර කිරීම සඳහා මුස්ලිම්වරුන් දිරිගැන්වීම.

ඉබ්නු හජර් තුමා මෙසේ පැවසීය: මුස්ලිම්වරුන් වෙනුවෙන් යහපත සලසන්නන් හට උපකාර කිරීමට හා ඔවුන්ගේ වැදගත් කටයුත්තක් භාර ගෙන ඒ සම්බන්ධව කටයුතු කිරීමට මෙම හදීසයේ දිරිගන්වා ඇත.

පොදු රීතිය නම්: අල්ලාහ්ට අවනත වන යම් කටයුත්තක නිරත වන තැනැත්තෙකුට යමෙක් උදව් කළේ නම් ඔහුට හිමි ප්‍රතිඵලය හා සමාන ප්‍රතිඵලයක් ඔහුගේ කුසලින් කිසිවක් අඩු නොකර ම මොහුට ද හිමි කර දෙනු ඇත.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (4/ 27) (2843).

සහීහ් මුස්ලිම් (3/ 1506) (1895).

තවත් බලන්න (12)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 267).

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص143).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (3/ 588).

لسان العرب.

لابن منظور (15/ 123).

شرح رياض الصالحين.

لابن عثيمين (2/ 374).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 202).