Skip to content
සූරා ලැයිස්තුව /

الأعرَاف

الأعرَاف is chapter 7 of the Quran and has 206 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.

206 වැකි සූරා අංකය 7
වැකියට යන්න
සිංහල · Mahir
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

الٓمٓصٓ

අලිෆ්, ලාම්, මීම්, සාද්.

Explanation & meanings · 1
  1. මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න.

كِتَٰبٌ أُنزِلَ إِلَيۡكَ فَلَا يَكُن فِي صَدۡرِكَ حَرَجٞ مِّنۡهُ لِتُنذِرَ بِهِۦ وَذِكۡرَىٰ لِلۡمُؤۡمِنِينَ

(නබිවරය! මෙය) නුඹ වෙත පහළ කරන ලද ධර්ම ග්‍රන්ථයයි. නුඹ එමඟින් අනතුරු අඟවනු පිණිස මේ සම්බන්ධයෙන් නුඹේ හදවතෙහි කිසිදු පැකිලීමක් ඇති නො විය යුතු ය. තවද (මෙය) දේවත්වය විශ්වාස කරන්නන්හට උපදෙසකි.

ٱتَّبِعُواْ مَآ أُنزِلَ إِلَيۡكُم مِّن رَّبِّكُمۡ وَلَا تَتَّبِعُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَۗ قَلِيلٗا مَّا تَذَكَّرُونَ

නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ නුඹලා අනුගමනය කරනු. තවද ඔහු හැර (වෙනත් දෑ) භාරකරුවන් ලෙස ගෙන නුඹලා අනුගමනය නො කරනු. ස්වල්ප වශයෙනි නුඹලා උපදෙස් ලබනුයේ.

وَكَم مِّن قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَا فَجَآءَهَا بَأۡسُنَا بَيَٰتًا أَوۡ هُمۡ قَآئِلُونَ

තවද ගම්මාන කොපමණ ප්‍රමාණයක් අප විනාශ කර ඇත්තෙමු ද? අපගේ දඬුවම ඔවුන් රාත්‍රිය ගත කරමින් සිටිය දී හෝ දහවල් කාලයේ මද නින්දක වැටී සිටියදී ඒ වෙත පැමිණියේ ය.

فَمَا كَانَ دَعۡوَىٰهُمۡ إِذۡ جَآءَهُم بَأۡسُنَآ إِلَّآ أَن قَالُوٓاْ إِنَّا كُنَّا ظَٰلِمِينَ

තවද අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ "අපි අපරාධකරුවන් ලෙස සිටියෙමු" යැයි පැවසීම මිස ඔවුන්ගේ විලාපය නො වීය.