Skip to content
الأعرَاف /

වැකිය 150

7 : 150

වැකිය 150 of الأعرَاف (7 : 150). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

الأعرَاف වැකි 206
සූරාව · الأعرَاف
සිංහල · Mahir
7 : 150

وَلَمَّا رَجَعَ مُوسَىٰٓ إِلَىٰ قَوۡمِهِۦ غَضۡبَٰنَ أَسِفٗا قَالَ بِئۡسَمَا خَلَفۡتُمُونِي مِنۢ بَعۡدِيٓۖ أَعَجِلۡتُمۡ أَمۡرَ رَبِّكُمۡۖ وَأَلۡقَى ٱلۡأَلۡوَاحَ وَأَخَذَ بِرَأۡسِ أَخِيهِ يَجُرُّهُۥٓ إِلَيۡهِۚ قَالَ ٱبۡنَ أُمَّ إِنَّ ٱلۡقَوۡمَ ٱسۡتَضۡعَفُونِي وَكَادُواْ يَقۡتُلُونَنِي فَلَا تُشۡمِتۡ بِيَ ٱلۡأَعۡدَآءَ وَلَا تَجۡعَلۡنِي مَعَ ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ

තවද මූසා තම සමූහයා වෙත දැඩි කෝපයෙන් හා දුකින් පැමිණ කල්හි ‘මගෙන් පසුව නුඹලා මා නියෝජනය කළ අයුරු නපුරු විය. නුඹලාගේ පරමාධිපතිගේ අණට (කලින්) නුඹලා ඉක්මන් වූයේ දැ? යි ඔහු ඇසී ය. තවද එතුමා (දේව පණිවිඩ සඳහන්) පලක බිම හෙළා තම සහෝදරයාගේ හිස අල්ලා, තමන් වෙතට ඇද්දේ ය. ‘මාගේ මවගේ පුතණුවනි! සැබැවින් ම මෙම සමූහයා මා දුර්වලයකු යැයි සිතූහ. මා මරා දැමීමට තැත් කළහ. එබැවින් නුඹ මා ගැන සතුරන් (ඉදිරියේ) සිනහවට ලක් නො කරනු. තවද අපරාධකාරී ජනයා සමඟ මා පත් නො කරනු. යැයි ඔහු (හාරූන්) කී ය.