Skip to content
الأعرَاف /

වැකිය 38

7 : 38

වැකිය 38 of الأعرَاف (7 : 38). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

الأعرَاف වැකි 206
සූරාව · الأعرَاف
සිංහල · Mahir
7 : 38

قَالَ ٱدۡخُلُواْ فِيٓ أُمَمٖ قَدۡ خَلَتۡ مِن قَبۡلِكُم مِّنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ فِي ٱلنَّارِۖ كُلَّمَا دَخَلَتۡ أُمَّةٞ لَّعَنَتۡ أُخۡتَهَاۖ حَتَّىٰٓ إِذَا ٱدَّارَكُواْ فِيهَا جَمِيعٗا قَالَتۡ أُخۡرَىٰهُمۡ لِأُولَىٰهُمۡ رَبَّنَا هَٰٓؤُلَآءِ أَضَلُّونَا فَـَٔاتِهِمۡ عَذَابٗا ضِعۡفٗا مِّنَ ٱلنَّارِۖ قَالَ لِكُلّٖ ضِعۡفٞ وَلَٰكِن لَّا تَعۡلَمُونَ

ජින් වර්ගයා හා මිනිස් වර්ගයා අතරින් නුඹලාට පෙර ඉකුත් වී ගිය; නිරයේ වෙසෙන සමූහයන් අතරට නුඹලා ද පිවිසෙනු යැයි ඔහු පවසයි. සෑම සමූහයක් ම පිවිසෙන විට ඔවුහු තම සහෝදර සමූහයාට ශාප කරති. එකින් පසු එක ඔවුන් සියල්ල ම එහි ළඟා වූ විට ඔවුන්ගෙන් පසු අය ඔවුන්ගෙන් මුල් අයට එරෙහිව අපගේ පරමාධිපතියාණනි! අපව නොමඟ හැරියේ මොවුහු ය. එබැවින් ඔවුනට නිරා ගින්නේ දෙගුණයක දඬුවමක් පිරිනමනු මැනව! යැයි පවසති. සෑම කෙනෙකුට ම දෙගුණය(ක දඬුවම)ක් ඇත. එනමුත් නුඹලා එය නො දන්නෙහුය යැයි ඔහු පවසයි.