Skip to content
සූරා ලැයිස්තුව /

الأنعَام

الأنعَام is chapter 6 of the Quran and has 165 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.

165 වැකි සූරා අංකය 6
වැකියට යන්න
සිංහල · Mahir
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَجَعَلَ ٱلظُّلُمَٰتِ وَٱلنُّورَۖ ثُمَّ ٱلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمۡ يَعۡدِلُونَ

අහස් හා මිහිතලය මැවූ තවද අන්ධකාර හා ආලෝකය ඇති කළ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා. පසුව ද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ඔවුන්ගේ පරමාධිපතිට ආදේශ කරති.

هُوَ ٱلَّذِي خَلَقَكُم مِّن طِينٖ ثُمَّ قَضَىٰٓ أَجَلٗاۖ وَأَجَلٞ مُّسَمًّى عِندَهُۥۖ ثُمَّ أَنتُمۡ تَمۡتَرُونَ

නුඹලා මැටියෙන් මවා පසුව නියමිත කාලයක් ද තීන්දු කළේ ඔහු ය. (විනිශ්චය සඳහා වූ) නියම කරන ලද කාලය ඇත්තේ ද ඔහු අබියස ය. ඉන් පසුව ද නුඹලා සැක කරන්නෙහු ය.

وَهُوَ ٱللَّهُ فِي ٱلسَّمَٰوَٰتِ وَفِي ٱلۡأَرۡضِ يَعۡلَمُ سِرَّكُمۡ وَجَهۡرَكُمۡ وَيَعۡلَمُ مَا تَكۡسِبُونَ

තවද අහස්හි හා මිහිතලයේ අල්ලාහ් ඔහු ය. නුඹලාගේ රහස්‍ය දෑ ද නුඹලාගේ ප්‍රසිද්ධ දෑ ද ඔහු දන්නේ ය. තවද නුඹලා උපයන දෑ ද ඔහු දන්නේ ය.

وَمَا تَأۡتِيهِم مِّنۡ ءَايَةٖ مِّنۡ ءَايَٰتِ رَبِّهِمۡ إِلَّا كَانُواْ عَنۡهَا مُعۡرِضِينَ

තම පරමාධිපතිගේ සාක්ෂීන් අතරින් කුමන සාක්ෂියක් හෝ ඔවුන් වෙත පැමිණිය ද එය ඔවුන් පිටුපාමින් සිටියා මිස වෙනකක් නො වීය.

فَقَدۡ كَذَّبُواْ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُمۡ فَسَوۡفَ يَأۡتِيهِمۡ أَنۢبَٰٓؤُاْ مَا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ

සත්‍යය ඔවුන් වෙත පැමිණි කල්හි සැබැවින් ම ඔවුහු එය බොරු කළෝ ය. ඔවුන් කවර දෙයක් පිළිබඳව සමච්චල් කරමින් සිටියේ ද ඒ පිළිබඳ පුවත් ඔවුන් වෙත මතු පැමිණෙනු ඇත.