Skip to content

මම හජ් ඉටු කළෙමි. මාසික ඔසප් චක්රය මට ඇති විය. කිසිවකුටත් ඒ ගැන දන්වා සිටීමට මා ලැජ්ජා වූයෙමි. මම හරම් තුළට පිවිස සලාත්, තවාෆ් හා සඃයි ඉටු කළෙමි. මෙම තත්ත්වය පැමිණ ඇති බව දැන දැනත් මේ සම්බන්ධයෙන් මට අත් වන්නේ කුමක් ද?

السؤال

ප්රශ්ණය 1.

මම හජ් ඉටු කළෙමි. මාසික ඔසප් චක්රය මට ඇති විය. කිසිවකුටත් ඒ ගැන දන්වා සිටීමට මා ලැජ්ජා වූයෙමි. මම හරම් තුළට පිවිස සලාත්, තවාෆ් හා සඃයි ඉටු කළෙමි. මෙම තත්ත්වය පැමිණ ඇති බව දැන දැනත් මේ සම්බන්ධයෙන් මට අත් වන්නේ කුමක් ද?

س57: حججت، وجاءتني الدورة الشهرية، فاستحييت أن أخبر أحدًا، ودخلت الحرم، فصليت، وطفت، وسعيت، فماذا علي، علمًا بأنها جاءت بعد النّفاس؟

الجواب

පිළිතුර 1:

ඔසප් තත්ත්වයට පත් වූ කාන්තාවක් හෝ පශ්චාත් දරු ප්රසූතියෙන් පසු රුධිර වහනය වන කාන්තාවක් හෝ මක්කාවේ හෝ එහි ප්රදේශයේ හෝ කවර ස්ථානයක සිටිය ද සලාත් ඉටු කිරීම කාන්තාවට අනුමත වන්නේ නැත.

එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කාන්තාව සම්බන්ධයෙන් කළ ප්රකාශයකට අනුවය. එනම්, "ඔසප් තත්ත්වයට පත් වූ විටෙක ඇය සලාත් ඉටු කිරීමෙන් වැළකී සිටිය යුතු නොවේ ද? එමෙන්ම උපවාසයේ නිරත වීමෙන් වැළකී සිටිය යුතු නොවේ ද?"

ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවකට උපාවසයේ නිරත වීම අනුමත නොවන බවත් සලාත් ඉටු කිරීම ඇයට අනුමත නොවන බවත් මුස්ලිම්වරු ඒකමතිකව එකඟ වෙති.

එය සිදු කළ මෙම කාන්තාව අල්ලාහ් වෙත පශ්චාත්තාප වී, ඇයට සිදු වූ දෑ සම්බන්ධයෙන් පාප්කෂමාව අයැද සිටිය යුතුය.

ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාව ඉටු කරන තවාෆය වලංගු නොවන නමුත් ඇයගේ සඃයි වලංගු වන්නේ ය. නමුත් වඩාත් නිවැරදි ප්රකාශය වනුයේ, හජ්හි තවාෆයට කලින් සඃයි කර්තව්යය ඉටු කිරීමට අවසරය ඇති බවය. ඒ අනුව තවාෆ් අල් ඉෆාදා නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය වන්නේය. හේතුව එය හජ්හි මූලිකාංග අතරින් එක් මූලිකාංගයකි. එය ඉටු කිරීමෙන් මිස ඉහ්රාම් භාවයෙන් දෙවන මිදීම පූර්ණවත් වන්නේ නැත.

ඒ මත පදනම්ව, එම කාන්තාව -විවාහක නම්- ඇය තවාෆ් කරන තුරු ඇය සමග ඇයගේ ස්වාමියා පහස නොවිඳිය යුතුය. -ඇය අවිවාහක නම්- ඇය තවාෆ් ඉටු කරන තෙක් විවාහ ගිවිස ගැනීම සුදුසු නැත. මැනවින් දන්නා උත්තරීතර අල්ලාහ්ය.

ﺟ57: لا يحلّ للمرأة إذا كانت حائضًا أو نفساء أن تصلّي، سواء في مكة أو في بلدها أو في أيّ مكانٍ؛ لقول النبيّ ﷺ في المرأة:

«أَلَيْسَ إِذَا حَاضَتْ لَمْ تُصَلِّ، وَلَمْ تَصُمْ؟» [1]،

وقد أجمع المسلمون على أنه لا يحلّ لحائضٍ أن تصوم، ولا يحلّ لها أن تصلّي.

[28] تقدم تخريجه.

وعلى هذه المرأة التي فعلت ذلك، عليها أن تتوب إلى الله، وأن تستغفر ممّا وقع منها.

وأما طوافها حال الحيض فهو غير صحيحٍ، وأما سعيها فصحيحٌ؛ لأن القول الراجح جواز تقديم السعي على الطواف في الحجّ، وعلى هذا فيجب عليها أن تعيد الطواف؛ لأن طواف الإفاضة ركنٌ من أركان الحجّ، ولا يتمّ التحلّل الثاني إلا به.

وبناءً عليه فإن هذه المرأة لا يباشرها زوجها -إن كانت متزوّجةً- حتى تطوف، ولا يعقد عليها النّكاح -إن كانت غير متزوّجةٍ- حتى تطوف، والله تعالى أعلم.