Skip to content

ඔසප් තත්ත්වයේ පසුවන හෝ දරු ප්රසූතියෙන් පසු රුධිරය වහනය වන කාන්තාවක් අළුයමට පෙර පිරිසිදු තත්ත්වයට පත් ව, නමුත් ඇය අළුයම උදාවීමෙන් පසුව මිස ස්නානය නොකළා නම්, ඇයගේ උපවාසය වලංගු වේ ද? වලංගු නොවේ ද?

السؤال

ප්රශ්ණය 1.

ඔසප් තත්ත්වයේ පසුවන හෝ දරු ප්රසූතියෙන් පසු රුධිරය වහනය වන කාන්තාවක් අළුයමට පෙර පිරිසිදු තත්ත්වයට පත් ව, නමුත් ඇය අළුයම උදාවීමෙන් පසුව මිස ස්නානය නොකළා නම්, ඇයගේ උපවාසය වලංගු වේ ද? වලංගු නොවේ ද?

س7: إذا طهرت الحائض أو النّفساء قبل الفجر، ولم تغتسل إلا بعد الفجر، فهل يصحّ صومها، أو لا؟

الجواب

පිළිතුර 1:

ඔව්, අළුයම උදාවීමට පෙර, ඔසප් තත්ත්වයේ පසු වූ කාන්තාවක් පිරිසිදු වී, ෆජ්ර් උදාවෙන් පසුව ඇය ස්නානය කළ ද, ඇගේ උපවාසය වලංගු වන්නේය. දරු ප්රසූතියෙන් පසු තත්ත්වයේ පසුවන කාන්තාව ද එලෙසමය. හේතුව සැබැවින්ම ඇය උපවාසය රුකිය යුතු පිරිස අතර එක් තැනැත්තියක් වන බැවිනි. ඇය ලිංගික සම්බන්ධකම් පවත්වා කිලිටි තත්ත්වයට පත්වූ අයකුට සමානය. අළුයම උදාවන අවස්ථාවේ එය/ඔහු එසේ කිලිටි තත්ත්වයේ පසු වුව ද සැබැවින්ම ඔහුගේ/ඇයගේ උපවාසය වලංගු වන්නේය.

එය උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශයට අනුවය: "එබැවින් දැන් නුඹලා ඔවුන් සමඟ ලිංගික ඇසුරෙහි නිරත වනු. තවද නුඹලාට අල්ලාහ් නියම කළ දෑ සොයනු. තවද අලුයමෙහි කළු නූලෙන් සුදු නූල නුඹලාට පැහැදිලි වන තෙක් අනුභව කරනු. පානය කරනු." (අල්-බකරා: 187)

අළුයම පැහැදිලිව දකින තෙක් ලිංගික සම්බන්ධකම් පවත්වන්නට උත්තරීතර අල්ලාහ් අනුමත දී ඇති අවස්ථාවක, අළුයම උදාවෙන් පසුව මිස ස්නානය සිදු විය නොහැක යැයි එයින් නියම වන්නේ ය. එමෙන්ම ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලද හදීසයකට අනුව, සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, තම බිරිඳ සමග ලිංගික සම්බන්ධකම් පවත්වා, කිලිටි තත්ත්වයට පත්ව සිටියහ. එසේ තිබියදීත් එතුමාණන් උපවාසය රකින්නට වූහ.

එනම්: 'ලිංගික සම්බන්ධතා හේතුවෙන් ඇති වූ කිලිටි තත්ත්වයෙන් මිදීමට එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ස්නානය කර ඇත්තේ අළුයම උදාවීමෙන් පසුවය' යන්නයි.

ﺟ7: نعم، يصحّ صوم المرأة الحائض إذا طهرت قبل الفجر، ولم تغتسل إلا بعد طلوع الفجر، وكذلك النّفساء؛ لأنها حينئذٍ من أهل الصوم، وهي شبيهةٌ بمن عليه جنابةٌ، إذا طلع الفجر وهو جنبٌ فإن صومه يصحّ؛ لقوله تعالى:

﴿...فَٱلۡـَٰٔنَ بَٰشِرُوهُنَّ وَٱبۡتَغُواْ مَا كَتَبَ ٱللَّهُ لَكُمۡۚ وَكُلُواْ وَٱشۡرَبُواْ حَتَّىٰ يَتَبَيَّنَ لَكُمُ ٱلۡخَيۡطُ ٱلۡأَبۡيَضُ مِنَ ٱلۡخَيۡطِ ٱلۡأَسۡوَدِ مِنَ ٱلۡفَجۡرِ...﴾

[البقرة:187]،

وإذا أذن الله تعالى بالجماع إلى أن يتبين الفجر لزم من ذلك ألّا يكون الاغتسال إلا بعد طلوع الفجر، ولحديث عائشة رضي الله عنها

«أَنَّ النَّبِيَّ ﷺ كَانَ يُصْبِحُ جُنُبًا مِنْ جِمَاعِ أَهْلِهِ وَهُوَ صَائِمٌ» [1].

أي: أنه عليه الصلاة والسلام لا يغتسل عن الجنابة إلا بعد طلوع الصّبح.

[1] البخاري، كتاب الصوم، باب اغتسال الصائم (1931)، ومسلم، كتاب الصوم، باب صحة صوم من طلع عليه الفجر وهو جنب (75) (1109).