Skip to content

කාන්තාවකගේ මාසික ඔසප් කාලය දින අටක් හෝ හතක් හෝ වී, පසුව එය දිගටම වරක් හෝ දෙවරක් හෝ ඊට වැඩි වාරයක් එසේ පවතින්නේ නම් එහි නීතිය කුමක් ද?

السؤال

ප්රශ්ණය 1.

කාන්තාවකගේ මාසික ඔසප් කාලය දින අටක් හෝ හතක් හෝ වී, පසුව එය දිගටම වරක් හෝ දෙවරක් හෝ ඊට වැඩි වාරයක් එසේ පවතින්නේ නම් එහි නීතිය කුමක් ද?

س4: إذا كانت المرأة عادتها الشهرية ثمانية أيامٍ أو سبعة أيامٍ، ثم استمرت معها مرةً أو مرتين أكثر من ذلك، فما الحكم؟

الجواب

පිළිතුර 1:

මෙවන් කාන්තාවකගේ කාල පරිච්ඡේදය දින හයක් හෝ හතක් හෝ ගත වී පසුව එම කාලය තවත් දීර්ග වී දින අටක් හෝ නවයක් හෝ දහයක් හෝ එකොළහක් බවට පත්වුුුයේ නම්, ඇය පිරිසිදු වන තෙක් සලාත් ඉටු නොකර, රැදී සිටිය යුතුයි.

හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔසප් තත්ත්වයේදී නිශ්චිත දින ගණනක් නියම කර නැති බැවිණි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "තවද ඔසප්භාවය පිළිබඳ ව ඔවුහු නුඹගෙන් විමසති. එය (වේදනාකාරී) කිලිටකි යැයි නුඹ පවසනු." (අල් බකරා: 222)

එම රුධිර වහනය දිගටම පැවතුනේ නම්, එම කාන්තාව පිරිසිදුභාවයට පත්ව. ස්නානය කරන තෙක් එම තත්වයේම පසුවන්නීය. පසුව ඇය සලාතය ඉටු කරයි. දෙවන මාසයේ ඊට වඩා අඩුවෙන් ඇයට එය පැමිණියේ නම්, ඇය පිරිසිදු වූ විටෙක පෙර සඳහන් කාල පරිච්ඡේදය නොපැවතුණ ද ඇය ගුසුල් නම් ස්නානය කර ගනී.

මෙහි වැදගත් වනුයේ: කාන්තාවට ඔසප් තත්ත්වය හට ගෙන, එම තත්ත්වයේම පසු වන්නී නම්, ඇය සලාතය ඉටු නොකළ යුතුය යන්නයි. එය එම ඔසප් තත්ත්වය පෙර සඳහන් දින ගණනට අනුගත වුව ද, ඊට වැඩි වුව ද, එසේ නැතහොත් අඩු වුව ද එක සමානය. ඇය පිරිසිදු තත්ත්වයට පත් වූවා නම් සලාතය ඉටු කළ යුතු වේ.

ﺟ4: إذا كانت عادة هذه المرأة ستة أيامٍ أو سبعةً، ثم طالت هذه المدة، وصارت ثمانيةً أو تسعةً أو عشرةً أو أحد عشر يومًا فإنها تبقى لا تصلّي حتى تطهر،

وذلك لأن النبي ﷺ لم يحد حدًّا معيّنًا في الحيض، وقد قال الله تعالى:

﴿وَيَسۡـَٔلُونَكَ عَنِ ٱلۡمَحِيضِۖ قُلۡ هُوَ أَذٗى...﴾

[البقرة:222]،

فمتى كان هذا الدم باقيًا فإن المرأة على حالها حتى تطهر، وتغتسل، ثم تصلّي، فإذا جاءها في الشهر الثاني ناقصًا عن ذلك فإنها تغتسل إذا طهرت وإن لم يكن على المدة السابقة.

والمهمّ أن المرأة متى كان الحيض معها موجودًا فإنها لا تصلّي، سواءٌ كان الحيض موافقًا للعادة السابقة، أو زائدًا عنها، أو ناقصًا، وإذا طهرت تصلّي.