Skip to content

අපි උමර් (රළියල්ලාහු අන්හු) තුමා ඉදිරියේ සිටියෙමු. එවිට එතුමාණෝ මෙසේ පවසා සිටියහ. “(දුෂ්කරතාවට පත්වූ බව) මවා පෙන්වීමෙන් අපි වළක්වනු ලැබුවෙමු.”

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

අපි උමර් (රළියල්ලාහු අන්හු) තුමා ඉදිරියේ සිටියෙමු. එවිට එතුමාණෝ මෙසේ පවසා සිටියහ. “(දුෂ්කරතාවට පත්වූ බව) මවා පෙන්වීමෙන් අපි වළක්වනු ලැබුවෙමු.”

كُنَّا عِنْدَ عُمَرَ فَقَالَ: «نُهِينَا عَنِ التَّكَلُّفِ».

බුහාරි එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

කිසිදු අවශ්‍යතාවකින් තොරව දුෂ්කරතා ඇති කරන දෑ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ භාවිතා කිරීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් ඔවුන්ට තහනම් කළ බව උමර් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටියි.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

එසේ තහනම් කරන ලද දුෂ්කරතා අතරින්, අධික ලෙස ඉල්ලීම් කිරීම හෝ කිසිදු දැනුමක් නැති දෑ දන්නා බව ‌කියා පැම, හෝ අල්ලාහ් පහසු කර ඇති කරුණක දැඩි ලෙස ක්‍රියා කිරීම ඇතුළත් වේ.

තම ආහාර පාන වලදී, ප්‍රකාශ වලදී හා අනිකුත් තත්ත්වයන් වලදී ප්‍රකාශයේ හා ක්‍රියාවේ දුෂ්කරතා ඇති නොකිරීමටත්, සමාව දීමටත් මුස්ලිම්වරයා තමන් පුරුදු පුහුණු කර ගැනීම අවශ්‍යය වේ.

ඉස්ලාමය පහසු ආගමකි.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (9/ 95) (7293).

තවත් බලන්න (10)

نزهة المتقين.

لمصطفى الخن وغيره (2/ 1136).

شرح رياض الصالحين.

لابن عثيمين (6/ 391).

فتح الباري شرح صحيح البخاري.

لابن حجر (13/ 270).

النهاية في غريب الحديث والأثر.

لابن الأثير (4/ 196).

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص930).