Skip to content

සැබැවින්ම නුඹලාට පෙර සිටියවුන්ගේ පිළිවෙත් නුඹලා වියතින් වියත බාහුවෙන් බාහුව අනුගමනය කරනු ඇත

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

"සැබැවින්ම නුඹලාට පෙර සිටියවුන්ගේ පිළිවෙත් නුඹලා වියතින් වියත බාහුවෙන් බාහුව අනුගමනය කරනු ඇත. එය කෙතරම් ද යත්, ඔවුන් තලගොයි ගුලකට පිවිසුණද නුඹලා ද ඔවුන් අනුකරණය කරනු ඇත.” අපි: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! (ඔවුන්) යුදෙවවන් හා කිතුනුවන් දැ?"යි විමසුවෙමු. එතුමා: “වෙන කවුරුන්දැ?”යි එතුමා ප්‍රකාශ කළහ.

«لَتَتَّبِعُنَّ سَنَنَ الَّذِينَ مِنْ قَبْلِكُمْ، شِبْرًا بِشِبْرٍ، وَذِرَاعًا بِذِرَاعٍ، حَتَّى لَوْ دَخَلُوا فِي جُحْرِ ضَبٍّ لَاتَّبَعْتُمُوهُمْ» قُلْنَا: يَا رَسُولَ اللهِ آلْيَهُودَ وَالنَّصَارَى؟ قَالَ: «فَمَنْ؟».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තමන්ගේ යුගයෙන් පසු තම සමූහයාගේ තත්ත්වය කෙසේ වනු ඇත්දැ?යි දන්වා සිටියහ. එනම් ඔවුන් යුදෙව් හා කිතුනුවන්ගේ ප්‍රතිපත්තීන්, ක්‍රියාමාර්ග, සිරිත් විරිත් හා ඔවුන්ගේ සම්ප්‍රදායන් තුළ ඔවුන්ගේ මාර්ගය අනුගමනය කිරීම ය. එමෙන්ම තත්ත්පරයෙන් තත්ත්පරය, අඟලින් අඟල, රියනෙන් රියන ඔවුන්ව අනුකරණය කිරීමය. ඔවුන් තලගොයි ගුලකට ගිය ද මොවුන් ද ඒ තුළට ඔවුන් පසුපස පිවිසෙනු ඇත.

වචනාර්ථ

قال فمن؟: استفهامٌ إنكاريٌّ أي: فمن هم غيرُ أولئك.

හදීසයෙන් උගත හැකි පාඩම්

මෙය එතුමාණන්ගේ නබිත්වයේ සංඛේත අතරින් වූ එක් සංඛේතයකි. එනම් යමක් සිදු වීමට පෙර ඒ ගැන දැනුම් දී පසුව දැනුම් දුන් අයුරින්ම එය සිදුවීමය.

මුස්ලිම්වරුන් දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වරුන්ට සමානකම් පෑම හා අනුකරණය කිරීමෙන් වැළැක්වීම. එය ඔවුන්ගේ ප්‍රතිපත්තීන් හෝ නැමදුම් හෝ උත්සව හෝ විශේෂයෙන් ඔවුන්ගේ විලාසිතා හෝ වේවා ඒ සියල්ල එක සමානය.

ප්‍රායෝගික උපමා හරහා න්‍යායාත්මක කරුණු පැහැදිලි කිරීම ඉස්ලාමයේ ඉගැන්වීමේ ක්‍රම අතරින් එකකි.

තලගොයා යනු: දුඟද හමන අඳුරු ගුලක වෙසෙන සතෙකි. උන් කාන්තාරවල බහුලව දක්නට ලැබේ. තලගොයි ගුහාව විශේෂ කොට පැවසීමට හේතුව එහි අන්ත පටු බව සහ දුර්වල ගුණාත්මක භාවයයි. කෙසේ වෙතත්, ඔවුන්-ඔවුන්ගේ අඩිපාරේ ගමන් කර ඔවුන්ගේ මාර්ග අනුගමනය කරමින්- එවන් දුර්වල පටු තැනැකට පිවිසුණේ නම් ද මුස්ලිම්වරු ඔවුන්ව අනුගමනය කරනු ඇත යන්න එයින් අදහස් කෙරේ. අල්ලාහ්ගේ පිහිට ලැබේවා!

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (9/ 103) (7320).

සහීහ් මුස්ලිම් (4/ 2054) (2669).

තවත් බලන්න (4)

الجديد في شرح كتاب التوحيد.

لمحمد القرعاوي (ص213).

الملخص في شرح كتاب التوحيد.

لصالح الفوزان (ص193).