Skip to content

මෙම ගැහැණු දරුවන්ගේ කටයුත්තක් කවරෙකු භාරගෙන ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කළේ ද ඔහුට අපා ගින්නෙන් වූ ආවරණයක් බවට ඔවුන් පත් වනු ඇත." යැයි පැවසුහ

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරියක් වූ මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:

ගැහැණු දරුවන් දෙදෙනෙකු සමග කාන්තාවක් මා වෙත පැමිණ යමක් ඉල්ලා සිටියාය. එක් රට ඉඳි ගෙඩියක් හැර වෙනත් කිසිවක් මා ළඟ තිබුණේ නැත. එය මම ඇයට දුනිමි. ඇය එය දරුවන් දෙදෙනා අතර බෙදු දුන්නාය. පසුව නැගිට පිටව ගියාය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අතුළට පැමිණි අතර ඇය එතුමාණන් සමග මේ ගැන කතා කළා ය. එවිට එතුමාණෝ "මෙම ගැහැණු දරුවන්ගේ කටයුත්තක් කවරෙකු භාරගෙන ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කළේ ද ඔහුට අපා ගින්නෙන් වූ ආවරණයක් බවට ඔවුන් පත් වනු ඇත." යැයි පැවසුහ.

جَاءَتْنِي امْرَأَةٌ مَعَهَا ابْنَتَانِ تَسْأَلُنِي، فَلَمْ تَجِدْ عِنْدِي غَيْرَ تَمْرَةٍ وَاحِدَةٍ، فَأَعْطَيْتُهَا فَقَسَمَتْهَا بَيْنَ ابْنَتَيْهَا، ثُمَّ قَامَتْ فَخَرَجَتْ، فَدَخَلَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَحَدَّثْتُهُ، فَقَالَ: «مَنْ يَلِي مِنْ هَذِهِ البَنَاتِ شَيْئًا، فَأَحْسَنَ إِلَيْهِنَّ، كُنَّ لَهُ سِتْرًا مِنَ النَّارِ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

මුඃමින්වරුන්ගේ මාතාවක වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඇත්තෙන්ම ගැහැණු දරුවන් දෙදෙනෙකු සමග කාන්තාවක් ඇය වෙත පැමිණ කෑමට යමක් තමන්ට දෙන ලෙස ඉල්ලා සිටියාය. එක් රට ඉඳි ගෙඩියක් හැර වෙනත් කිසිවක් ආඉෂා (රළියල්ලාහු අන්හා) සතුව තිබුණේ නැත. ඇය එය ඇයට දුන්නාය. එම කාන්තාව ඉන් කිසිවක් අනුභව නොකර එම රට ඉඳි ගෙඩිය එම දරුවන් දෙදෙනා අතර බෙදා දුන්නාය. පසුව නැගිට පිටව ගියා ය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අතුළට පැමිණි අතර ආඉෂා තුමිය එතුමාණන් සමග මේ ගැන පවසා සිටියා ය. එවිට එතුමාණෝ මෙසේ පැවසුහ: "කවරෙකු මෙම ගැහැණු දරුවන්ගේ යම් කටයුත්තක් භාරගෙන, ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කර, ඔවුන් හදාවඩා ගෙන, ඔවුනට ආහාර පාන හා ඇඳුම් පැළඳුම් සපයා, ඒ කටයුතු සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කරන්නේ ද ඔවුන් ඔහුට අපා ගින්නෙන් වූ ආවරණයක් බවට පත් වනු ඇත."

හදීසයෙන් උගත හැකි පාඩම්

දරුවන් රැකබලා ගැනීම හා ඔවුන් සම්බන්ධයෙන් වෙහෙසීම, අපා ගින්නෙන් තමන් මුදවාලන දැහැමි ක්‍රියාවන් අතරින් උසස්ම ක්‍රියාව වේ.

සුළු ප්‍රමාණයක් වුව ද මිනිසාට හැකි පමණින් පරිත්‍යාග කිරීම සතුටු දායකය.

දෙමව්පියන් තම දරුවන් කෙරෙහි පෙන්වන දැඩි සෙනෙහස.

අල්ලාහ්ගේ දූතයාණන්ගේ නිවෙස්වල තත්ත්වය පැහැදිලි කිරීම. සැබැවින්ම එතුමාණන්ගේ පෝෂණ සම්පත් ප්‍රමාණවත් තරමට පමණක් විය.

පරාර්ථකාමිත්වයේ මහිමය පැහැදිලි කිරීම. එය දේවත්වය විශ්වාස කරන්නන්ගේ ලක්ෂණයකි. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය, තමාට වඩා එම කාන්තාවට සහ ඇගේ දියණියන් දෙදෙනාට ප්‍රිය කළා ය. එය ඇගේ දැඩි අවශ්‍යතාවය නො තකා ඇගේ ත්‍යාගශීලීභාවය සහ කරුණාව පෙන්නුම් කරයි.

ගැහැණු දරුවන් ලැබීම පරීක්ෂණයක් ලෙස හැඳින් වේ. මක්නිසාදයත් ඔවුනට අනුග්‍රහය දැක්වීමේදී ඇතිවන දුෂ්කරතා සහ වෙහෙස නිසාවෙන් හෝ සමහරු ඒ සඳහා අකැමැති නිසාවෙන් හෝ ඔවුන්ට ආදායම් මාර්ගයක් සහ ජීවනෝපායක් නොමැති කම නිසාවෙනි.

ඉස්ලාම් පැමිණියේ අඥාන යුගයේ පිළිකුල් සහගත සිරිත් විරිත් මුලිනුපුටා දැමීමට ය. ගැහැණු දරුවන් පිළිබඳ නිර්දේශ කිරීම ද ඉන් එකකි.

ඇතැම් වාර්තාවල සඳහන්ව ඇති පරිදි එක් දියණියක් වුව ද, ඇය හේතුවෙන් මෙම ප්‍රතිඵල හිමි වේ.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (8/ 7) (5995).

සහීහ් මුස්ලිම් (4/ 2027) (2629).

තවත් බලන්න (10)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 353).

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص199).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (5/ 151).

شرح رياض الصالحين.

لابن عثيمين (3/ 106).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 277).