එතුමාණන් අසභ්ය ලෙස කතා කරන්නෙකු හෝ අසභ්ය ලෙස හැසිරෙන්නෙකු හෝ වෙළඳ වීදිවල උස් හඬින් කතා කරන්නෙකු හෝ නපුරට නපුරින් ප්රතිචාර දක්වන්නෙකු ලෙස නොසිටියහ. නමුත් එතුමාණන් (එය) නොසලකා හැර සමාව දෙන්නෙකු ලෙස සිටියහ
අබූ අබ්දිල්ලාහ් අල්-ජදලීය්යි තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් අල්ලාහ්ගේ දූතයාණන්ගේ යහපත් ගුණාංග පිළිබඳ විමසා සිටියෙමි. එවිට ඇය මෙසේ පවසා සිටියාය:
එතුමාණන් අසභ්ය ලෙස කතා කරන්නෙකු හෝ අසභ්ය ලෙස හැසිරෙන්නෙකු හෝ වෙළඳ වීදිවල උස් හඬින් කතා කරන්නෙකු හෝ නපුරට නපුරින් ප්රතිචාර දක්වන්නෙකු ලෙස නොසිටියහ. නමුත් එතුමාණන් (එය) නොසලකා හැර සමාව දෙන්නෙකු ලෙස සිටියහ.
لَمْ يَكُنْ فَاحِشًا وَلَا مُتَفَحِّشًا وَلَا صَخَّابًا فِي الْأَسْوَاقِ، وَلَا يَجْزِي بِالسَّيِّئَةِ السَّيِّئَةَ وَلَكِنْ يَعْفُو وَيَصْفَحُ.
දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ යහපත් ගුණාංග පිළිබඳ විමසන ලදී. එවිට ඇය මෙසේ පවසා සිටියාය. "එතුමාණන්ගේ ස්වභාවය තුළ එතුමා අසභ්ය අයකු හෝ එතුමාණන්ගේ වචනයෙන් හෝ ක්රියාවෙන් හෝ අසභ්ය ලෙස හැසිරෙන අයකු හෝ නොවූ අතර අසභ්ය ක්රියාවන්හි නිරත නොවූහ. එමෙන්ම වෙළඳ වීදිවල තම හඬ උස් කර කෑ මොර ගසන්නෙකු නොවූහ. නපුරට නපුරින් ප්රතිචාර නොදක්වා යහපතින් ප්රතිචාර දක්වන්නෙකු වූහ. අභ්යන්තරයේ ඇති දෑට සමාව දුන්හ. මතුපිටින් ඇති දෑ නොතකා එය නොසළකා හරින්නෙකු වූහ."
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුළ තිබූ උසස් ගුණාංග විස්තර කිරීම හා අවමන් සහගත ගුණාංගවලින් එතුමාණන් දුරස්වී සිටීම ගැන පැහැදිලි කිරීම.
යහපත් ගුණාංග මත ක්රියා කිරීමට හා අයහපත් ගුණාංග වලින් දුරස්වීමට දිරි ගැන්වීම.
අසභ්ය කතා සහ අසභ්ය ප්රකාශ හෙළා දැකීම.
මිනිසුනට එරෙහිව උස් හඬින් කතා කිරීම හා කෑ මොර ගැසීම හෙළා දැකීම.
යහකමින් හා සමාව දීමෙන් නපුරට මුහුණ දීමට දිරි ගැන්වීම.
සුනන් අත් තිර්මිදි (3/ 437) (2016).
මුස්නද් අහ්මද් (42/ 256) (25417).
තවත් බලන්න (7)
فتح الباري شرح صحيح البخاري.
لابن حجر(6/ 575).
إرشاد الساري لشرح صحيح البخاري.
القسطلاني (9/ 30).
معجم اللغة العربية المعاصرة (2/ 1629).
مرقاة المفاتيح شرح مشكاة المصابيح.
لعلي القاري (9/ 3717).