අල්ලාහ්ගේ දූතයාණෝ වැසිකිලියට පිවිසුණහ. එවිට මම මා මෙන් තවත් කොළු ගැටයෙකු සමග ජල බඳුනක් හා රිටක් උසුලා ගෙන සිටියෙමි. පසුව එතුමාණෝ ජලයෙන් පිරිසිදු කර ගත්හ
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම මෙසේ පැවසීය:
අල්ලාහ්ගේ දූතයාණෝ වැසිකිලියට පිවිසුණහ. එවිට මම මා මෙන් තවත් කොළු ගැටයෙකු සමග ජල බඳුනක් හා රිටක් උසුලා ගෙන සිටියෙමි. පසුව එතුමාණෝ ජලයෙන් පිරිසිදු කර ගත්හ.
كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدْخُلُ الْخَلَاءَ، فَأَحْمِلُ أَنَا وَغُلَامٌ نَحْوِي إِدَاوَةً مِنْ مَاءٍ وَعَنَزَةً فَيَسْتَنْجِي بِالْمَاءِ.
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම ශාරීරික අවශ්‍යතා ඉටු කිරීම සඳහා පිටත්ව ගිය විට, එතුමා හා එතුමාගේ සම වයසේ පසු වූ තවත් සේවකයකු අතු සහිත හෙල්ලකයක් මෙන් අතු සහිත රිටක් රැගෙන ගියහ. එය එතුමාණන් ආවරණයක් ලෙස ගැනීම පිණිස හා එතුමාණන්ගේ සලාතය සඳහා ආවරණයක් කර ගනු පිණිස ය. එමෙන්ම ඔවුන් දෙදෙනා සමග හමින් නිර්මාණය කරන ලද ජලය පිරුණු කුඩා බඳුනක් ද උසුලාගෙන ගියහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම ශාරීරික අවශ්‍යතා ඉටු කළ පසු, ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු එම භාජනය එතුමාණන්ට දුන්නේය. එවිට එතුමා ජලයෙන් පිරිසිදු කර ගත්හ."
මුස්ලිම්වරයකු මළ මූත්‍රා පහ කරන අවස්ථාවක පිරිසිදු කිරීම සඳහා ජලය සූදානම් කර ගත යුතුය. එය ඔහු නැගිට ඒ හේතුවෙන් (තැන තැන) තවරා නොගනු පිණිසය.
මළ මූත්‍රා කරන අවස්ථාවේ, වෙනත් කෙනෙකු ඒ දෙස නොබලන සේ රහස්‍ය පෙදෙස් ආවරණය කිරීම. මක්නිසාදයත් රහස් අවය දෙසට බැල්ම යොමු කිරීම තහනම් වන බැවිනි. එතුමා රිට බිම තබා ඒ මත ආවරණ රෙද්ද තැබූහ.
ඉස්ලාමීය විනයන් සම්බන්ධ ව දරුවන්ට ඉගැන්වීම, ඒවා ඔවුන් උරුම කරගනු පිණිස ඒ සඳහා ඔවුනට පුහුණුව ලබා දීම.
සහීහුුල් බුහාරි (1/ 42) (152).
සහීහ් මුස්ලිම් (1/ 227) (271).
තවත් බලන්න (6)
تيسير العلام شرح عمدة الأحكام.
لعبد الله البسام (ص40).
تنبيه الأفهام شرح عمدة الأحكام.
لابن عثيمين (1/ 43).
الإفهام في شرح عمدة الأحكام.
لابن باز (ص84).