Skip to content

පාපයක් සිදු කළ යම් කිසි මිනිසෙක්, ඔහු නැගිට පිරිසිදු වී පසුව සලාත් ඉටු කර පසුව අල්ලාහ්ගෙන් පාපක්ෂමාව පතන්නේ නම් අල්ලාහ් ඔහුට සමාව දෙනු මිස වෙනත් කිසිවක් නැත

අලී (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය: ඇත්තෙන්ම මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) හදීසයක් ඇසූ විට, ඉන් කවර ප්‍රයෝජනයක් අල්ලාහ් මට ලබා දෙන්නට අභිමත කළේ ද ඔහු එයින් මට ප්‍රයෝජන ලබා දෙන මිනිසෙක් වූයෙමි. එතුමාගේ සගයින් අතරින් මිනිසෙක් මට යම් හදීසයක් පවසන විට, මම ඔහුගෙන් ඒ ගැන දිවුරන ලෙස ඉල්ලා සිටිමි. ඔහු දිවුරන විට, මම ඔහුව විශ්වාස කරමි. තවද අබු බකර් මට යමක් පවසා සිටියේ නම්, අබු බකර් තුමා සහතික කර "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පවසනු මම අසා ඇත්තෙමි" යැයි පවසා සිටියි.

"පාපයක් සිදු කළ යම් කිසි මිනිසෙක්, ඔහු නැගිට පිරිසිදු වී පසුව සලාත් ඉටු කර පසුව අල්ලාහ්ගෙන් පාපක්ෂමාව පතන්නේ නම් අල්ලාහ් ඔහුට සමාව දෙනු මිස වෙනත් කිසිවක් නැත." පසුව (ආලු ඉම්රාන් 135 වැනි) පාඨය කියවා පෙන්වූහ. "තවද ඔවුහු කවරහුද යත් ඔවුහු යම් අශීලාචාර දෙයක් කළ විට හෝ තමන්ට ම අපරාධයක් කර ගත් විට හෝ අල්ලාහ් ව මෙනෙහි කරති. එසැණින් ඔවුන්ගේ පාපයන්ට ඔවුහු සමාව අයැදිති. පාපයන්ට සමාව දෙන්නා අල්ලාහ් හැර වෙන කවරෙක් ද? තවද ඔවුන් දැනුවත් ව සිටිය දී ඔවුන් කළ දෑ හී ඔවුහු අඛණ්ඩව නිරත නොවෙති."

«مَا مِنْ رَجُلٍ يُذْنِبُ ذَنْبًا، ثُمَّ يَقُومُ فَيَتَطَهَّرُ، ثُمَّ يُصَلِّي، ثُمَّ يَسْتَغْفِرُ اللهَ، إِلَّا غَفَرَ اللهُ لَهُ»، ثُمَّ قَرَأَ هَذِهِ الْآيَةَ: {وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرُوا اللهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ} [آل عمران: 135].

මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අස්සුනන් අල්කුබ්රා හි වාර්තා කර ඇත. තවද මෙය ඉමාම් ඉබ්නු මාජහ් සහ අහ්මද් යන ඉමාම්වරුන්ද වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

පාපයක් සිදු කළ යම් කිසි ගැත්තෙකු, ඔහු වුළූ ධෝවනය විධිමත්ව ඉටු කර පසුව නැගිට ඔහුගේ එම පාපය සඳහා පශ්චාත්තාප වීමේ අදිටනින් රකආත් දෙකක් ඉටු කර, පසුව අල්ලාහ්ගෙන් සමාව අයැද සිටින්නේ ද අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උත්තරීතර අල්ලාහ්ගේ වදන මෙසේ පාරායනය කර පෙන්වූහ. "තවද ඔවුහු කවරහුද යත් ඔවුහු යම් අශීලාචාර දෙයක් කළ විට හෝ තමන්ට ම අපරාධයක් කර ගත් විට හෝ අල්ලාහ් ව මෙනෙහි කරති. එසැණින් ඔවුන්ගේ පාපයන්ට ඔවුහු සමාව අයැදිති. පාපයන්ට සමාව දෙන්නා අල්ලාහ් හැර වෙන කවරෙක් ද? තවද ඔවුන් දැනුවත් ව සිටිය දී ඔවුන් කළ දෑ හී ඔවුහු අඛණ්ඩව නිරත නො වෙති." (ආලු ඉම්රාන්: 135)

වචනාර්ථ

استحلفته: جعلته يقسم بأنه سمعه من النبي عليه الصلاة والسلام.

හදීසයෙන් උගත හැකි පාඩම්

පාපයක් සිදු කිරීමෙන් පසු සලාතය ඉටු කිරීමටත් ඉන්පසු පාපක්ෂමාව අයැද සිටීමටත් දිරි ගැන්වීම.

අල්ලාහ්ගේ සමාවේ විශාලත්වය, තව්බා නම් පශ්චාත්තාපය හා පාපක්ෂමාව සඳහා වන ඔහුගේ පිළිගැනීම.

මූලාශ්‍ර

සුනන් අබූ දාවූද් (2/ 630) (1521).

සුනන් අත් තිර්මිදි (1/ 431) (406).

අල්-නසාඊ තුමාගේ සුනන් අල්-කුබ්රා (10/ 51) (11012).

සුනන් ඉබ්නු මාජහ් (2/ 403) (1395).

මුස්නද් අහ්මද් (1/ 179) (2).

තවත් බලන්න (2)

فتح الباري لابن حجر (11/ 99).

النهاية في غريب الحديث والأثر (ص 674).