Skip to content

ප්රශ්න අංක 19. උදේ හවස පාරායනය කළ යුතු ප්රාර්ථනාවන් කුමක්ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س١٩: ماذا تقول في الصباح والمساء من الأذكار؟

ප්රශ්න අංක 19. උදේ හවස පාරායනය කළ යුතු ප්රාර්ථනාවන් කුමක්ද?

الجواب

ج:١. أقرأُ آية الكرسي:

﴿ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡحَيُّ ٱلۡقَيُّومُۚ لَا تَأۡخُذُهُۥ سِنَةٞ وَلَا نَوۡمٞۚ لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ مَن ذَا ٱلَّذِي يَشۡفَعُ عِندَهُۥٓ إِلَّا بِإِذۡنِهِۦۚ يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡۖ وَلَا يُحِيطُونَ بِشَيۡءٖ مِّنۡ عِلۡمِهِۦٓ إِلَّا بِمَا شَآءَۚ وَسِعَ كُرۡسِيُّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۖ وَلَا يَـُٔودُهُۥ حِفۡظُهُمَاۚ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡعَظِيمُ﴾

[البقرة: ٢٥٥].

  1. واقرأ:

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

﴿قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ 1

ٱللَّهُ ٱلصَّمَدُ 2

لَمۡ يَلِدۡ وَلَمۡ يُولَدۡ 3

وَلَمۡ يَكُن لَّهُۥ كُفُوًا أَحَدُۢ 4﴾

[الإخلاص: 1-4] ثلاث مرات.

﴿قُلۡ أَعُوذُ بِرَبِّ ٱلۡفَلَقِ 1

مِن شَرِّ مَا خَلَقَ 2

وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ 3

وَمِن شَرِّ ٱلنَّفَّٰثَٰتِ فِي ٱلۡعُقَدِ 4

وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ 5﴾

[الفلق: 1-5] ثلاث مرات.

﴿قُلۡ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ 1

مَلِكِ ٱلنَّاسِ 2

إِلَٰهِ ٱلنَّاسِ 3

مِن شَرِّ ٱلۡوَسۡوَاسِ ٱلۡخَنَّاسِ 4

ٱلَّذِي يُوَسۡوِسُ فِي صُدُورِ ٱلنَّاسِ 5

مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ 6﴾

[الناس: 1-6] ثلاث مرات.

  1. «اللهم أنت ربي لا إله إلا أنت، خلقتني وأنا عبدك، وأنا على عهدك ووعدك ما استطعت، أعوذ بك من شر ما صنعت، أبوء لك بنعمتك علي، وأبوء بذنبي، فاغفر لي، فإنه لا يغفر الذنوب إلا أنت»

رواه البخاري.

පිළිතුර 1. මම ආයතුල් කුර්සී පාරායනය කරමි:

අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය. මද නින්ද හෝ (තද) නින්ද හෝ ඔහුව ග්‍රහණය නො කරයි. අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහුගේ අනුමැතියෙන් මිස ඔහු අබියස මැදිහත් වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේ ය. ඔහු අභිමත කළ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්‍රහණය නො කරති. ඔහුගේ අසුන අහස්හි හා මහපොළොවෙහි ව්‍යාප්තව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නො වේ. තවද ඔහු අති උත්තරීතර ය. සර්ව බලධාරී ය.

(අල්-බකරා: 163)

  1. තවද මෙසේ පාරායනය කරමි:

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි.

(නබිවරය!) නුඹ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීය ය.

අල්ලාහ් ස්වාධීන ය.

ඔහු ජනිත නො කළේ ය. තවද ජනිත කරනු නො ලැබුවේ ය.

තවද ඔහුට සමාන කිසිවෙකු නැත.

(අල් ඉක්ලාස්: 1-4) තුන් වරක්.

(නබිවරය!) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.

ඔහු මැවූ දෑහි හානියෙන් ද,

තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද,

තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද,

ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.)

(අල් ෆලක්: 1-5) තුන් වතාවක්.

(නබිවරය!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.

(ඔහු) මිනිසුන්ගේ රජු ය.

(ඔහු) මිනිසුන්ගේ දෙවියා ය.

කිලිටි කුකුස් ඇති කරන්නාගේ හානියෙන් (ආරක්ෂාව පතමි.)

ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි.

(මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතර ද සිටිති.

(අන්-නාස්: 1-6) තුන් වතාවක්.

අල්ලාහුම්ම අන්ත රබ්බී ලා ඉලාහ ඉල්ලා අන්ත හඃලක්තනී වඅන අබ්දුක වඅන අලා අහ්දික වවඃදික මස්තතඃතු අඌදු බික මින් ෂර්රි මා සනඃතු අබූඋ ලක බිනිඃමතික අලෙයිය වඅබූඋ බිදන්බී ෆඃෆිර්ලි ෆඉන්නහූ ලා යඃෆිරුද් දුනූබ ඉල්ලා අන්ත. තේරුම:- යා අල්ලාහ්! ඔබ මගේ පරමාධිපතියාණන්ය. නැමදීමට එකම සුදුස්සා ඔබ හැර අන් කිසිවෙකු නැත. ඔබ මාව මැව්වේය. මම ඔබේ ගැත්තෙකු වෙමි. මම ඔබේ ගිවිසුමට අවනත වී මට හැකි උපරිමයෙන් පොරොන්දු ඉෂ්ඨ කරමි. මම කළ දෑහි නපුරෙන් ඔබගෙන් ආරක්ෂාව පතමි, ඔබ මට ලබා දී ඇති ආශිර්වාදයන් මගින් මා ඔබ වෙතම හැරෙන්නෙමි. තවද මා කළා වූ පාප කර්මයන් මම පිළිගනිමි. එබැවින් මට සමාව දෙනු මැනව. නිශ්චය වශයෙන්ම ඔබ හැර පාපයන් සඳහා සමාව දීමට වෙන කිසිවෙකු නැත.

(මූලාශ්රය: බුහාරි)