Skip to content

“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජනාබත් තත්ත්වයෙන් (මිදීම සඳහා) ස්නානය කරන විට, එතුමාගේ අත් දෙක සෝදා, පසුව සලාතය සඳහා වුළූ ගන්නාක් මෙන් වුළූ ගෙන පසුව එතුමාණෝ ස්නානය කළහ

මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.

“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජනාබත් තත්ත්වයෙන් (මිදීම සඳහා) ස්නානය කරන විට, එතුමාගේ අත් දෙක සෝදා, පසුව සලාතය සඳහා වුළූ ගන්නාක් මෙන් වුළූ ගෙන පසුව එතුමාණෝ ස්නානය කළහ. පසුව එතුමාණෝ තම සමට සේන්දු වුණු බවට සිතන තරමට අත් දෙකින් තම රෝම අතර හොදින් ඇතුල්ලූහ. එසේ තුන් වරක් ජලය ගලා යන්නට සැලැස්වූහ. පසුව තම සෙසු ශරීර කොටස් ද සෝදා ගත්හ. මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග එකම භාජනයකින් ස්නානය කර ඇත්තෙමි. අපි සෑම කෙනෙකුම ඉන් ජලය ඇද ගත්තෙමු.”

كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا اغْتَسَلَ مِنَ الجَنَابَةِ، غَسَلَ يَدَيْهِ، وَتَوَضَّأَ وُضُوءَهُ لِلصَّلاَةِ، ثُمَّ اغْتَسَلَ، ثُمَّ يُخَلِّلُ بِيَدِهِ شَعَرَهُ، حَتَّى إِذَا ظَنَّ أَنَّهُ قَدْ أَرْوَى بَشَرَتَهُ، أَفَاضَ عَلَيْهِ المَاءَ ثَلاَثَ مَرَّاتٍ، ثُمَّ غَسَلَ سَائِرَ جَسَدِهِ، وَقَالَتْ: كُنْتُ أَغْتَسِلُ أَنَا وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِنَاءٍ وَاحِدٍ، نَغْرِفُ مِنْهُ جَمِيعًا.

බුහාරි එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ජනාබත් තත්ත්වයෙන් මිදීමට ස්නානය කිරීමට සිතූ විට තම අත් දෙක පළමුව සෝදා හැර ඉන් ආරම්භ කළහ. පසුව සලාතයට වුළූ ගන්නා මෙන් වුළූ ගත්හ. පසුව තම ශරීරයට ජලය ගලා යන්නට සැළැස්වූහ. පසුව තම අත් දෙකින් තම හිසකෙස් අතුල්ලූහ. කෙස් මුලට ජලය සේන්දු වූ බවට සිතන තරමටම එසේ කළහ. ශරීරයට ජලය වක් කළේය. තම හිසට තුන්වරක් ජලය වක් කොට පසුව එතුමාණන්ගේ සෙසු ශරීර කොටස් සෝදා හැරියහ. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ පවසා සිටියාය: මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග එකම භාජනයක ස්නානය කළෙමි. එහි දී අපි එකිනෙකා ඇද අහුරා ගත්තෙමු.

වචනාර්ථ

ثُمَّ يُخَلِّلُ بِيَدَيْهِ شَعْرَهُ: التخليل هنا إدخال الأصابع المبتلة بين أجزاء الشعر.

أَنَّهُ قَدْ أَرْوَى بَشَرَتَهُ: أوصل الماء إلى أصول الشعر، والبشرة المرادة هنا: ظاهر الجلد المستور بالشعر.

හදීසයෙන් උගත හැකි පාඩම්

ස්නානය වර්ග දෙකකි. ප්‍රමාණවත් ස්නානය යනු, පිරිසිදු වන බවට චේතනා කරමින්, පසුව කට හා නාසය සෝදා හැර තම ශරීරයට ආවරණය වන පරිදි ජලය වක්කර ගැනීමය. පරිපූර්ණ ස්නානය යනු, මෙම හදීසයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ස්නානය කර පෙන්වා ඇති පරිදි ස්නානය කිරීමය.

ජනාබත් යන යෙදුම භාවිතා කරනුයේ ශුක්‍රාණු පිටවුණු හෝ ශුක්‍රාණු පිට නොවූව ද සංසර්ගයේ නියැලුනු අය හටය.

අඹු සැමියන් එකිනෙකා තම රහස්‍ය පෙදෙස් දැක බලා ගැනීමේ අවසරය හා එකම භාජනයකින් දෙදෙනාම ඇද ස්නානය කිරීමේ අවසරය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 63) (272.

273).

තවත් බලන්න (6)

الإلمام بشرح عمدة الأحكام.

لإسماعيل الأنصاري (1/ 48).

تيسير العلام شرح عمدة الأحكام.

للبسام (ص62).

خلاصة الكلام شرح عمدة الأحكام.

لفيصل آل مبارك (ص33).