Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 56 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“ඔබ අතරින් කිසිවකු හෝ නින්දට වැටුණු විට ඔහුගේ හිස් කෙළවරෙහි ගැට තුනක් ෂෙයිතාන් ගැට ගසයි. ‘ඔබට දිගු රාත්‍රියක්, හොදින් නිදා ගන්න’ යැයි පවසමින් ෂෙයිතාන් සෑම ගැටයක් මතම ගැට ගසනු ඇත. නමුත් ඔහු අවදි වී උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කරන විට ගැටයක් ලිහෙනු ඇත. පසුව ඔහු වුළූ ධෝවනය කළ විට තවත් ගැටයක් ලිහෙනු ඇත. පසුව ඔහු සලාත් ඉටු කළ විට ඔහුගේ සියලු ගැට ලිහෙනු ඇත. පසුව ඔහු මනා මානසික සුවයෙන් යුතුව ධෛර්යමත්ව අවදිවනු ඇත. එසේ නොවේ නම් විකෘති අයහපත් මනසකින් යුතුව මැලිකමින් අවදිවනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ඔබ අතරින් කිසියම් කෙනෙකු තම කුසෙහි යමක් හට ගෙන, එය පිට වූයේ ද නැත්දැයි ඔහුට ගැටලුවක් ඇති වූ විට, හඬක් අසෙන තෙක් හෝ ගන්ධයක් දැනෙන තෙක් හෝ සුජූද් කරන තැනින් ඔහු ඉවත්ව නොයා යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“ඔබ අතරින් කිසිවකු හෝ කිලිටි තත්ත්වයට පත් විට වුළූ හෙවත් අර්ධ ධෝවනය කරනා තෙක් ඔහුගේ සලාතය අල්ලාහ් පිළිගන්නේ නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
මම ආඉෂා තුමියගෙන්, "උපාවාසය නැවත ඉටු කරන නමුත් සලාතය නැවත ඉටු නො කරන ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවගේ තත්ත්වය කුමක් ද?" යැයි විමසා සිටියෙමි. එවිට ඇය, "ඔබ හරූරිය්යාවාදි‌යෙකු දැ? "යි විමසා සිටියාය. මම: හරූරිය්යා වාදි‌යෙකු නොවෙමි. නමුත් මම මෙසේ අසා සිටිමි" යැයි පැවසුවෙමි. ඇය: "අපට මේවා සිදු වී ඇත. එවිට උපවාසය නැවත ඉටු කිරීමට අපට නියෝග ලැබුණු නමුත් සලාතය නැවත ඉටු කිරීමට නියෝග නොලැබුවෙමු." යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සෑම සලාතයකදීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ දෝවනය කර ඇත්තාහ. ඔබලා ක්‍රියා කරමින් සිටියේ කෙසේ ද යැයි මම ඇසුවෙමි. ඔහු: අප අතරින් යමෙකු කිලිටි තත්ත්වයට පත් නොවන තාක් කල් වුළූ දෝවනය වලංගු කර ගත්තේය" යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
“ෆිත්රා යන කරුණු පහකි: ලිංග චර්ම ඡේදනය, ලිංගාශ්‍රිත රෝම කැපීම, උඩු රැවුල කැපීම, නියපොතු කැපීම, කිහිලි රෝම ඉවත් කිරීම.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ඔබ මලපහ කිරීමට පැමිණෙන විට, කිබ්ලා දිසාවට මුහුණලා ‌නො සිටින්න. තවද එයට පසුපසලා ද නො සිටින්න. නමුත් නැගෙනහිර දෙසට හෝ බටහිර දෙසට හෝ හැරෙන්න.” අබූ අය්යූබ් තුමා තවදුරටත්: “අපි සිරියාවට පැමිණියෙමු. එහි කඃබා දෙසට මුහුණ ලා තනන ලද වැසිකිළි අපි දුටුවෙමු.‍ එවිට අපි අපගේ ශරීර කිබ්ලා දිශාවෙන් වෙනතකට හරවා සිටියෙමු. තවද අල්ලාහ්ගෙන් සමාව අයැද සිටියෙමු.” යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
ඉස්ලාමය වැළඳ ගැනීමේ අපේක්ෂාවෙන් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියෙමි. එවිට එතුමාණෝ ජල‍ෙයන් සහ මසන් කොළවලින් ස්නානය කර ගන්නා මෙන් මට නියෝග කළහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, අත්තිර්මිදී සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.