“කවරෙකු වුළූ ධෝවනය, විධිමත්ව ඉටු කරන්නේ ද ඔහුගේ ශරීරයෙන් මෙන්ම ඔහුගේ නියපොතු යටින් පවා ඔහුගේ පාපකම් ඉවත් ව යයි.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උස්මාන් ඉබ්නු අෆ්ෆාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“කවරෙකු වුළූ ධෝවනය, විධිමත්ව ඉටු කරන්නේ ද ඔහුගේ ශරීරයෙන් මෙන්ම ඔහුගේ නියපොතු යටින් පවා ඔහුගේ පාපකම් ඉවත් ව යයි.”
«مَنْ تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ خَرَجَتْ خَطَايَاهُ مِنْ جَسَدِهِ حَتَّى تَخْرُجَ مِنْ تَحْتِ أَظْفَارِهِ».
කවරෙකු වුළූ ධෝවනයෙහි සුන්නතයන් හා විනයන් පිළිපදිමින් එසේ නිසි ලෙස වුළූ ධෝවනය කළේ ද එය ඔහුගේ පාපකම්වලට ප්‍රතිකර්මයක් වීමටත්, වැරදි මැකී යාමටත් හේතුවක් වන්නේය. එය කෙතරම් ද යත් ඔහුගේ පාපකම් ඔහුගේ දෑත් හා දෙපාවල නියපොතු යටින් පිහිටිය ද එය ඉවත්ව යනු ඇත.
...:
වුළුෑ ධෝවනය, එහි සුන්නතයන් හා එහි විනයන් හැදෑරීමට හා ඒ අනුව කටයුතු කිරීමට දිරි ගැන්වීම.
වුළූ ධෝවනයෙහි මහිමය. සැබැවින්ම එය සුළු පාප වලට ප්‍රතිකර්මයක් වේ. මහා පාප වනාහි, ඒවාට තව්බා හෙවත් පශ්චාත්තාප වී පාපක්ෂමාවෙහි නිරත විය යුතු වේ.
වැරදි පහව යෑමේ කොන්දේසියක් වනුයේ වුළූ ධෝවනය පූර්ණවත් කිරීම හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කළ පරිදි එහි කිසිදු හිඩසක් නොතබා ඒ අයුරින්ම පිළිපැදීමය.
සුළු පාපයන්ට ප්‍රතිකර්මයක් වීමේ කොන්දේසිය වනුයේ තමන් මහා පාපකම්වලින් වැළකී සිටිම හා ඒ සඳහා තව්බා හෙවත් පශ්චාත්තාප වී පාපක්ෂමාවෙහි නිරත වීමය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "නුඹලාට කවර කරුණක් තහනම් කළේ ද එවන් මහා පාපයන්ගෙන් නුඹලා වැළකී සිටියෙහු නම් අපි නුඹලාගේ වැරදි නුඹලාගෙන් පහ කරන්නෙමු." (අන්-නිසා: 31)
සහීහ් මුස්ලිම් (1/ 216) (245).
තවත් බලන්න (6)
شرح رياض الصالحين.
لابن عثيمين (5/ 9).
نزهة المتقين شرح رياض الصالحين.
لمصطفى الخِن وغيره (2/ 763).
بهجة الناظرين.
سليم الهلالي (2/ 247).
පොත්වල උපුටා දක්වා ඇත
8 පොත්- මුස්ලිම්වරයෙකුට ඵලදායී සංක්ෂිප්ත මාර්ගෝපදේශය“කවරෙකු වුළූඃ ධෝවනය, විධිමත් ව ඉටු කරන්නේ ද ඔහුගේ ශරීරයෙන් මෙන් ම ඔහුගේ නියපොතු යටින් පවා ඔහුගේ පාපකම් ඉවත් ව යයි.”
- නව මුස්ලිම්වරයෙකුට ප්රයෝජනවත් සංක්ෂිප්තයක්“කවරෙකු වුළූ ගෙන එම ධෝවනය ඔහු නිසි ලෙස සිදු කළේ ද ඔහුගේ ශරීරයෙන් ඔහුගේ පාපකම් ඉවත්ව යනු ඇත.”
- පවිත්රතාවය, සලාතය සහ ජනාසා කටයුතු පිළිබඳ ෆික්හ් නීති රීති කිහිපයක්."කවරෙකු වුළුඃ දෝවනය කර එම වුළුඃ දෝවනය විධිමත්ව ඉටු කර ඇත්තේ ද ඔහුගේ පාපයන් ඔහුගේ නියපොතු යට ඇතුළුව ඔහුගේ ශරීරයෙන් ඉවත් ව යයි."
තවත් බලන්න (5)
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالح“من توضأ فأحسن الوضوء خرجت خطاياه من جسده حتى تخرج من تحت أظفاره”.
- خطب تعظيم قدر الصلاة"مَنْ تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ خَرَجَتْ خَطَايَاهُ مِنْ جَسَدِهِ، حَتَّى تَخْرُجَ مِنْ تَحْتِ أَظْفَارِهِ" رواه مسلم [26]،
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 5«مَنْ تَوَضَّأَ فَأَحْسَنَ الوُضُوءَ، خَرَجَتْ خَطَايَاهُ مِنْ جَسَدِهِ حَتَّىٰ تَخْرُجَ مِنْ تَحْتِ أَظفارِه».
- مجموعة زاد الحديث(3)1«من توضَّأ فأحْسَنَ الوُضُوءَ خَرَجَت خطاياه من جَسَدِهِ حتى تخرجَ من تحتِ أظفارِهِ»
- مشروع منهاج زادكزادك 1 طالب«مَنْ تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ خَرَجَتْ خَطَايَاهُ مِنْ جَسَدِهِ، حَتَّى تَخْرُجَ مِنْ تَحْتِ أَظْفَارِهِ»