Skip to content

ඔබ අතරින් කිසියම් කෙනෙකු තම කුසෙහි යමක් හට ගෙන, එය පිට වූයේ ද නැත්දැයි ඔහුට ගැටලුවක් ඇති වූ විට, හඬක් අසෙන තෙක් හෝ ගන්ධයක් දැනෙන තෙක් හෝ සුජූද් කරන තැනින් ඔහු ඉවත්ව නොයා යුතුය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

"ඔබ අතරින් කිසියම් කෙනෙකු තම කුසෙහි යමක් හට ගෙන, එය පිට වූයේ ද නැත්දැයි ඔහුට ගැටලුවක් ඇති වූ විට, හඬක් අසෙන තෙක් හෝ ගන්ධයක් දැනෙන තෙක් හෝ සුජූද් කරන තැනින් ඔහු ඉවත්ව නොයා යුතුය."

«إِذَا وَجَدَ أَحَدُكُمْ فِي بَطْنِهِ شَيْئًا، فَأَشْكَلَ عَلَيْهِ أَخَرَجَ مِنْهُ شَيْءٌ أَمْ لَا، فَلَا يَخْرُجَنَّ مِنَ الْمَسْجِدِ حَتَّى يَسْمَعَ صَوْتًا، أَوْ يَجِدَ رِيحًا».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

සලාත් ඉටු කරන්නෙකුගේ කුසෙහි යම් ගැටලුකාරී තත්ත්වයක් හට ගෙන ඉන් යමක් පිට වූයේ ද නැත්දැයි ඔහුට ගැටලුවක් ඇති වූ විටෙක, වාතයේ හඬ ඇසීමෙන් හෝ වාතයේ ගන්ධය දැනීමෙන් හෝ ඔහුගේ වුළූ දෝවනය බිඳ දමන එවැනි යමක් සහතික වන තෙක් නැවත වුළූ ගැනීම සඳහා සලාතය අත්හැර ඉන් බැහැර ව නොයා යුතුය. හේතුව යමක දැඩි ස්ථාවරයක සිටින්නාට සැකය එය අවලංගු නොකරන බැවිනි. සැබැවින්ම ඔහු පිරිසිදු තත්ත්වයේ සිටින බව ස්ථීර ය. නමුත් ඔහු තුළ කිලිටි ඇතිවීම සැකසහිත වූවකි.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

මෙම හදීසය ඉස්ලාමයේ මූල ධර්මයකි. ආගමික නීතිරීති අතරින් වූ නීතියකි. එනම්: සැබැවින්ම ස්ථාවරය, සැකය හේතුවෙන් ඉවත් නොවෙයි. මූලික හරය වනුයේ ඔහු කවර තත්ත්වයක පසු වූයේ ද එයට පටහැනි දෙයක් සහතික වන තෙක් ඒ තත්ත්වයේම රැඳී සිටීමය.

සැකය, පිරිසිදුකම තුළ බලපෑමක් ඇති නොකරන්නකි. කිලිටි තත්ත්වය සහතික නොවන තාක්කල් සලාත් ඉටු කරන්නා තම පිරිසිදුභාවයේම රැදී සිටියි.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (1/ 276) (362).

තවත් බලන්න (2)

البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (8/ 374).

المفهم لما أشكل من تلخيص كتاب مسلم (1/ 608).