Skip to content

“කවර මුස්ලිම්වරයකු හෝ වේවා ඔහු වුළූ ධෝවනය කර, එම වුළූ ධෝවනය විධිමත්ව ඉටු කර, පසුව නැගිට තම හදවත හා තම මුහුණ රකආත් දෙකක් ඉටු කිරීම සඳහා යොමු කරවා, ඒ දෙක ඉටු කරන්නේ ද ඔහුට ස්වර්ගය අනිවාර්යය වනු මිස වෙනත් කිසිවක් නැත.”

උක්බා ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තාෙ කරන ලදී. ඔටුවන් රැකබලා ගැනීම අප වෙත පැවරී තිබිණ. මාගේ වාරය පැමිණියේය. හවස් කාලයේ ගාල් කිරීම සඳහා මම උන් රැගෙන ගියෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් නැගිට ජනයා සමග කතා කරමින් සිටිනු මම දුටුවෙමි. එතුමාගේ එම ප්‍රකාශයෙන් මම ලබා ගත් දෑ මෙසේ විය:

“කවර මුස්ලිම්වරයකු හෝ වේවා ඔහු වුළූ ධෝවනය කර, එම වුළූ ධෝවනය විධිමත්ව ඉටු කර, පසුව නැගිට තම හදවත හා තම මුහුණ රකආත් දෙකක් ඉටු කිරීම සඳහා යොමු කරවා, ඒ දෙක ඉටු කරන්නේ ද ඔහුට ස්වර්ගය අනිවාර්යය වනු මිස වෙනත් කිසිවක් නැත.” එවිට මම “මෙය කෙතරම් අගනේ ද!” යැයි පැවසුවෙමි. එවිට මා අසළ සිටි කෙනෙකු මෙසේ පැවසීය. “මීට පෙර තිබූ දෑ වඩාත් අගනේය” පසුව මම හැරී බැලුවෙමි. එවිට උමර් තුමා: “සැබැවින්ම මම ඔබව දුටුවෙමි. ඔබ සමීපයට අවෙහිය.” යැයි පැවසීය. ඔහු “නුඹලා අතරින් කිසිවකු හෝ වුළූ ධෝවනය කොට එම වුළූ ධෝවනය සම්පූර්ණ කොට පසුව: “අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු” (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවත් මුහම්මද් තුමාණන් ඔහුගේ ගැත්තා හා දූතයා බවත් මම සාක්ෂි දරමි.) යැයි පවසා සිටින්නේ ද ඔහු වෙනුවෙන් ස්වර්ගයේ දොරටු අටම විවෘත කරනු ලැබේ. ඔහු කැමති එකකින් එහි පිවිසෙනු ඇත.” යැයි පැවසුවේය.

«مَا مِنْ مُسْلِمٍ يَتَوَضَّأُ فَيُحْسِنُ وُضُوءَهُ، ثُمَّ يَقُومُ فَيُصَلِّي رَكْعَتَيْنِ، مُقْبِلٌ عَلَيْهِمَا بِقَلْبِهِ وَوَجْهِهِ، إِلَّا وَجَبَتْ لَهُ الْجَنَّةُ» قَالَ فَقُلْتُ: مَا أَجْوَدَ هَذِهِ، فَإِذَا قَائِلٌ بَيْنَ يَدَيَّ يَقُولُ: الَّتِي قَبْلَهَا أَجْوَدُ، فَنَظَرْتُ فَإِذَا عُمَرُ قَالَ: إِنِّي قَدْ رَأَيْتُكَ جِئْتَ آنِفًا، قَالَ: «مَا مِنْكُمْ مِنْ أَحَدٍ يَتَوَضَّأُ فَيُبْلِغُ - أَوْ فَيُسْبِغُ - الْوَضُوءَ ثُمَّ يَقُولُ: أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُ اللهِ وَرَسُولُهُ إِلَّا فُتِحَتْ لَهُ أَبْوَابُ الْجَنَّةِ الثَّمَانِيَةُ يَدْخُلُ مِنْ أَيِّهَا شَاءَ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

මිනිසුන් අතර අති වැදගත් මහඟු කරුණු දෙකක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ විස්තර කළහ. පළමුවැන්න: නබි තුමාණන් පෙන්වා දුන් සුන්නා ක්‍රමයට අනුව කවරෙකු හෝ වුළූ ගෙන, එය විධිමත්ව ඉටු කර, එය නිසි අයුරින් පූර්ණවත් කොට, එමෙන්ම සෑම අවයවයකටම නියමිත ආකාරයෙන් ජලය සපයා පසුව 'අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් අබ්දුල්ලාහි වරසූලුහූ' යැයි පවසා සිටියේ ද ඔහු වෙනුවෙන් ස්වර්ගයේ දොරටු අට විවෘත කරනු ලබන අතර ඔහු ඉන් අභිමත කරන කැමති දොරටුවකින් පිවිසෙනු ඇත. දෙවැන්න: කවරෙකු පූර්ණ ලෙස වුළූ ධෝවනය කර වුළූ කිරීමෙන් පසුව අවංක හා භක්තිමත් මනසකින් යුතුව එමෙන්ම ඔහුගේ මුහුණ ඇතුළුව ‌අනෙකුත් සියලුම ශරීර අවයව අල්ලාහ්ට යටත් කරමින් රකආත් දෙකක් ඉටු කළේ ද ඔහුට ස්වර්ගය අනිවාර්යය වනු මිස වෙනෙකක් නැත.

හදීසයෙන් උගත හැකි පාඩම්

සුළු ක්‍රියාවක් වුව ද එයට අතිමහත් ප්‍රතිඵල පිරිනැමීමෙන් උත්තරීතර අල්ලාහ්ගේ මහිමය විදහා පෑම.

වුළූ ධෝවනය සම්පූර්ණ කිරීම එය විධිමත්ව ඉටු කිරීම, ඉන් පසු භක්තියෙන් යුතුව රකආත් දෙකක් ඉටු කිරීම ආගමානු ගත කර තිබීම. එමෙන්ම එමගින් හිමිවන අතිමහත් ප්‍රතිඵල.

වුළූ ධෝවනය සම්පූර්ණ කිරීම හා ඉන් පසු මෙම ප්‍රාර්ථනාව උසුරීම. එය ස්වර්ගයට පිවිසීමට හේතුවක් වනු ඇත.

තවද, ස්නානය කරන්නාට ද මෙම අනුවාදය උසුරීම යෝග්‍යය වනු ඇත.

ඉගෙන ගත් දැනුමෙන් යහපත කිරීමටත්, එය පතුරුවාලීමටත් සහාබාවරුන් තුළ තිබූ උනන්දුව. එම කරුණ දී මෙන්ම ඔවුන්ගේ ජීවන කටයුතුවල දී ඔවුන් අන්‍යෝන්‍යව එකිනෙකාට උපකාර ගර ගත්තෝය.

වුළූ ධෝවනය ශරීරය පිරිසිදු කරන්නාක් මෙන් එය කිලිට්ටෙන් ශුද්ධ කරන්නාක් මෙන් වුළූ කිරීමෙන් පසු දික්ර් හෙවත් අනුවාද උසුරීම සිත පිවිතුරු කරනු ඇත. එය ෂිර්ක් තත්ත්වයෙන් සුවිශුද්ධ කරනු ඇත.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (1/ 209) (234).

තවත් බලන්න (4)

توضيح الأحكام.

للبسام (1/ 251).

المنهاج شرح صحيح مسلم بن الحجاج.

للنووي (3/ 120).