ෆරාඉල් (අල් කුර්ආනයේ නියම කර ඇති දේපළ කොටස්) සඳහා හිමිකම් ඇති අයට ඒවා ලැබෙන්නට සළස්වන්න. ඉන්පසු ඉතිරි වන දේ මියගිය පුද්ගලයාගේ සමීපතම පිරිමි ඥාතියාට හිමි විය යුතුය
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"ෆරාඉල් (අල් කුර්ආනයේ නියම කර ඇති දේපළ කොටස්) සඳහා හිමිකම් ඇති අයට ඒවා ලැබෙන්නට සළස්වන්න. ඉන්පසු ඉතිරි වන දේ මියගිය පුද්ගලයාගේ සමීපතම පිරිමි ඥාතියාට හිමි විය යුතුය"
«أَلْحِقُوا الفَرَائِضَ بِأَهْلِهَا، فَمَا بَقِيَ فَلِأَوْلَى رَجُلٍ ذَكَرٍ».
මිය ගිය ඇත්තන් හැර දමා ගිය වස්තුව බෙදන්නන් හට ඒවා අල්ලාහ් අභිමත කර ඇති පරිදි නිත්‍යානුකූල සාධාරණනීය ක්‍රමයට අනුව වෙන් කර අදාළ උදවිය වෙත බෙදා දෙන මෙන් ද ඒවා නියම කර ඇති තැනැත්තන් හට අල්ලාහ්ගේ ග්‍රන්ථයේ සඳහන්ව ඇති ආකාරයට පිරිනමන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කර ඇත්තාහ. එනම් තුනෙන් කොටස් දෙකක්, තුනෙන් එක් කොටසක්, හයෙන් එක් කොටසක්, අඩක්, හතරෙන් එක් කොටසක් හා අටෙන් එක් කොටසක් යනාදී ලෙසිනි. ඉන්පසු ඉතිරිවන දෑ මියගිය තැනැත්තාට සමීපතම පිරිමි ඥාතියා හට පිරිනැමිය යුතුය. එයට අසබා යනුවෙන් නම් කෙරී ඇත.
මෙම හදීසය මියගිය තැනැත්තෙකු විසින් හැර දමා ගිය වස්තුව බෙදීමේ නීති රීති පෙන්වා දෙයි.
එම දේපළ වස්තු බෙදීම ආරම්භ කළ යුත්තේ ඒවා ලැබීමට හිමිකම් පාන තැනැත්තන්ගෙනි.
එම දේපළ වස්තුව බෙදීමෙන් පසු ඉතිරිවන දෑ අස්බා නම් සමීප ඥාතීන් හට හිමි වන්නේය.
වඩාත්ම සමීප ඥාතියාට ඉන් පසු සමීප ඥාතියාට යනාකාරයෙන් ඒවා පිළිගැන්විය යුතුය. පියා වැනි වඩාත් සමිප ඥාතියකු සිටිය දී මාමා වැනි දුරින් ඥාතිත්තවය ඇති අයට දේපළ උරුමය හිමි වන්නේ නැත.
අත්හැර දමා ගිය අනිවාර්‍ය කොටස් බෙදා වෙන් කළ පසුව එනම් කිසිවක් ඉතිරි නොවූයේ නම් සමීප ඥාතියාට කිසිවක් හිමි වන්නේ නැත.
සහීහුුල් බුහාරි (8/ 152) (6737).
සහීහ් මුස්ලිම් (3/ 1233 - 1234) (1615).
තවත් බලන්න (8)
فتح الباري.
لابن حجر (12/ 28).
الإلمام بشرح عمدة الأحكام.
لإسماعيل الأنصاري (2/ 53).
تيسير العلام شرح عمدة الأحكام.
لعبد الله البسام (ص554).
خلاصة الكلام شرح عمدة الأحكام.
لفيصل آل مبارك (ص276).