උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "සලාතය මා හා මාගේ ගැත්තා අතර අඩක් වශයෙන් බෙදා වෙන් කළෙමි. මාගේ ගැත්තාට ඔහු ඉල්ලූ දෑ ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "සලාතය මා හා මාගේ ගැත්තා අතර අඩක් වශයෙන් බෙදා වෙන් කළෙමි. මාගේ ගැත්තාට ඔහු ඉල්ලූ දෑ ඇත. ගැත්තා 'අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්' යැයි පැවසූ විට උත්තරීතර අල්ලාහ්: මාගේ ගැත්තා මා ප්‍රශංසා කළේය' යැයි පවසයි. ඔහු 'අර්-රහ්මානිර් රහීම්' යැයි පැවසූ විට උත්තරීතර අල්ලාහ්: මාගේ ගැත්තා මා පැසසුමට ලක් කළේය යැයි පවසයි. ඔහු "මාලිකි යව්මිද් දීන්" යැයි පැවසූ විට ඔහු මාගේ ගැත්තා මා කීර් තියට පත් කළේය යැයි පවසයි. තවත් විටෙක මාගේ ගැත්තා මා වෙත පැවරීය යැයි පවසයි. ගැත්තා 'ඉය්යාක නඃබුදු වඉය්යාක නස්තඊන්' යැයි පැවසූ විට, ඔහු මෙය මා හා මාගේ ගැත්තා අතර පවතින්නකි. මාගේ ගැත්තාට ඔහු ඉල්ලූ දෑ ඇත. ඔහු 'ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්, සිරාතල්ලදීන අන්අම්ත අලයිහිම් ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල්-ළාල්ලීන්' යැයි පැවසූ විට, මෙය මාගේ ගැත්තා සතුය. මාගේ ගැත්තාට ඔහු ඉල්ලූ දෑ ඇත යැයි ඔහු පවසයි.
«قَالَ اللهُ تَعَالَى: قَسَمْتُ الصَّلَاةَ بَيْنِي وَبَيْنَ عَبْدِي نِصْفَيْنِ، وَلِعَبْدِي مَا سَأَلَ، فَإِذَا قَالَ الْعَبْدُ: {الْحَمْدُ لِلهِ رَبِّ الْعَالَمِينَ}، قَالَ اللهُ تَعَالَى: حَمِدَنِي عَبْدِي، وَإِذَا قَالَ: {الرَّحْمَنِ الرَّحِيمِ}، قَالَ اللهُ تَعَالَى: أَثْنَى عَلَيَّ عَبْدِي، وَإِذَا قَالَ: {مَالِكِ يَوْمِ الدِّينِ}، قَالَ: مَجَّدَنِي عَبْدِي، -وَقَالَ مَرَّةً: فَوَّضَ إِلَيَّ عَبْدِي-، فَإِذَا قَالَ: {إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ}، قَالَ: هَذَا بَيْنِي وَبَيْنَ عَبْدِي وَلِعَبْدِي مَا سَأَلَ، فَإِذَا قَالَ: {اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ، صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلا الضَّالِّينَ}، قَالَ: هَذَا لِعَبْدِي وَلِعَبْدِي مَا سَأَلَ».
"හදීසුල් කුද්සි" දිව්‍ය ප්‍රකාශ සහිත හදීසයක උත්තරීතර අල්ලාහ් පවසා ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. සලාතයේ සූරා අල්-ෆාතිහාව මා හා මාගේ ගැත්තා අතර කොටස් දෙකකට බෙදා ඇත්තෙමි. එහි එක් අඩක් මා සතුය. අනෙක් අඩ ඔහු සතුය. එහි පළමු අඩ: ප්‍රශංසාව, පැසසුම හා කීර්තිය අල්ලාහ්ට පුද කිරීමය. මම ඔහුට ප්‍රතිඵල පිරිනමමි. දෙවැනි අඩ: බැගෑපත්වීම හා පැතුම, මම ඔහු වෙනුවෙන් පිළිතුරු දෙමි. ඔහු ඉල්ලන දේ මම ඔහුට පිරිනමමි. සලාත් ඉටු කරන්නා: 'අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්' යැයි පැවසූ විට, 'මාගේ ගැත්තා මා ප්‍රශංසා කළේය' යැයි අල්ලාහ් පවසයි. ඔහු 'අර්-රහ්මානිර් රහීම්' යැයි පැවසූ විට අල්ලාහ්: මාගේ ගැත්තා මා පැසසුමට ලක් කළේය මට ප්‍රශංසා කළේය. මාගේ මැවීම්වලට කළ ආශිර්වාදයන් සම්බන්ධයෙන් ඔහු මා පිළිගත්තේය යැයි පවසයි. ඔහු "මාලිකි යව්මිද් දීන්" යැයි පැවසූ විට, අල්ලාහ්: මාගේ ගැත්තා මා කීර්තියට පත් කළේය යැයි පවසයි. එය විශාල ගෞරවයකි. ඔහු: 'ඉය්යාක නඃබුදු වඉය්යාක නස්තඊන්' යැයි පැවසූ විට, 'මෙය මා හා මාගේ ගැත්තා අතර වන්නක් යැයි අල්ලාහ් පවසයි. මෙම ආයතයේ අල්ලාහ් සතු පළමු අඩ "ඉය්යාක නඃබුදු" ඔබව පමණක් නමදිමු යන්නයි. එනම් අල්ලාහ් සතු දේවත්වය පිළිගැනීම හා නැමදුම තුළින් ප්‍රතිචාර දැක්වීමය. එමගින් අල්ලාහ් සතු අඩ අවසන් වන්නේය. එම පාඨයේ දෙවන අඩ ගැත්තා සතුය. එය 'ඉය්යාක නස්තඊන්' නම් අල්ලාහ්ගෙන් උදව් පැතීමයි. උදව් කරන බව අල්ලාහ් ඔහුට ප්‍රතිඥා දී ඇත. ඔහු 'ඉහ්දිනස් සිරාතල් මුස්තකීම් සිරාතල්ලදීන අන්අම්ත අලයිහිම් ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල්-ළාල්ලීන්' යැයි පැවසූ විට, අල්ලාහ්: මෙය මාගේ ගැත්තාගේ යටහත්පහත්භාවය හා පැතුමයි මාගේ ගැත්තාට ඔහු ඉල්ලූ දෑ ඇත. මම ඔහුගේ පැතුමට පිළිතුරු දෙමි.
...:
සූරා අල් ෆාතිහාවෙහි වැදගත්කම. උත්තරීතර අල්ලාහ් එයට 'අස්සලාත්' යනුවෙන් නම් කර ඇත.
උත්තරීතර අල්ලාහ් තම ගැත්තා සම්බන්ධයෙන් දක්වන සැළකිලිමත්භාවය විස්තර කරයි. එය ඔහුගේ ප්‍රශංසාව ඔහුගේ පැසසුම හා ඔහුගේ කීර්තිය හේතුවෙන් ඔහු අගය කිරීමට ලක්වන පරිදිය. එමෙන්ම ඔහු ඉල්ලූ දෑ තමන් පිරිනමන බව ද ඔහුට ප්‍රතිඥා දුන්නේය.
අල්ලාහ්ට ප්‍රශංසා කිරීම, යළි අවදි කරනු ලැබීම ගැන මෙනෙහි කිරීම, අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම, ඔහුට අවංක ලෙස නැමදුම පිළිගැන්වීම, ඍජු මාර්ගය වෙත මග පැතීම හා ව්‍යාජ මාර්ග ගැන අවවාද කිරීම යනාදිය මෙම ශුද්ධ වූ සූරාවේ ඇතුළත් වී ඇත.
මෙම හදීසයෙන් සලාත් ඉටු කරන්නාට හැඟෙන්නේ සූරා අල් ෆාතිහාව තමන් කියවූ විට, සලාතයේ දී තම භක්තිමත්භාවය වැඩිවෙයි යන්නයි.
සහීහ් මුස්ලිම් (1/ 296) (395).
තවත් බලන්න (4)
إكمال المعلم (2/275).
المفهم لما أشكل من تلخيص كتاب مسلم (2/ 27).
شرح النووي على مسلم (4/103).
البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (9/ 232) (9/ 253).
පොත්වල උපුටා දක්වා ඇත
14 පොත්තවත් බලන්න (13)
- الأربعون في تعظيم قدر الصلاةالأربعون في تعظيم قدر الصلاة «قَالَ اللهُ تَعَالَى: قَسَمْتُ الصَّلَاةَ بَيْنِــي وَبَيْنَ عَبْدِي نِصْفَـــيْنِ، وَلِعَبْدِي مَا سَـــأَلَ، فَإِذَا قَالَ الْعَبْدُ: ﴿الْحَــمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ﴾، قَالَ اللهُ تَعَالَى: حَـــمِدَنِي عَبْدِي، وَإِذَا قَالَ: ﴿
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهمالصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«قَالَ اللهُ تَعَالَى: قَسَمْتُ الصَّلَاةَ بَيْنِي وَبَيْنَ عَبْدِي نِصْفَيْنِ، وَلِعَبْدِي مَا سَأَلَ، فَإِذَا قَالَ الْعَبْدُ: (الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ)، قَالَ اللهُ تَعَالَى: حَمِدَنِي عَبْدِي، وَإِذَا قَالَ: (الرَّحْمَنِ ا
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«قَالَ اللهُ تَعَالَى: قَسَمْتُ الصَّلَاةَ بَيْنِي وَبَيْنَ عَبْدِي نِصْفَيْنِ، وَلِعَبْدِي مَا سَأَلَ، فَإِذَا قَالَ الْعَبْدُ: (الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ)، قَالَ اللهُ تَعَالَى: حَمِدَنِي عَبْدِي، وَإِذَا قَالَ: (الرَّحْمَنِ ا
- صلاتنا الخاشعة"قَالَ اللهُ تَعَالَى: قَسَمْتُ الصَّلَاةَ بَيْنِي وَبَيْنَ عَبْدِي نِصْفَيْنِ، وَلِعَبْدِي مَا سَأَلَ، فَإِذَا قَالَ الْعَبْدُ: ﴿ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ﴾ [الفاتحة: 2]، قَالَ اللهُ تَعَالَى: حَمِدَنِي عَبْدِي، وَإِذَا قَالَ: ﴿
- مجموعة زاد التفسير (1)التفسير 1«قال الله تعالى: قَسَمْتُ الصَّلاةَ بَيني وَبَينَ عَبدي نِصْفَينِ وَلِعَبدي ما سَألَ، فَإِذا قال العبدُ: ﴿الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ﴾ . قال الله تعالى: حَمِدَنِي عَبدي، وإذا قال: ﴿الرَّحْمَنِ الرَّحِيمِ﴾ . قال الله تعالى: أَثنَى
- مجموعة زاد التفسير (1)التفسير 1«فنصفها لعبدي ولعبدي ما سأل»
- محاضرات تعظيم قدر الصلاةمحاضرات في تعظيم قدر الصلاة﴿ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ 2﴾ ، يقول الله تعالى: حمدني عبدي، وإذا قال: ﴿ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ 3﴾ ، يقول الله تعالى: أثنى علي عبدي، وإذا قال: ﴿مَٰلِكِ يَوۡمِ ٱلدِّينِ 4﴾ ، يقول الله تعالى: مجدني عبدي، فإذا قال: ﴿إِيَّاكَ نَعۡبُ
- محاضرات تعظيم قدر الصلاةمحاضرات في تعظيم قدر الصلاة"قَالَ اللهُ تَعَالَى: قَسَمْتُ الصَّلَاةَ بَيْنِــي وَبَيْنَ عَبْدِي نِصْفَـــيْنِ، وَلِعَبْدِي مَا سَـــأَلَ، فَإِذَا قَالَ الْعَبْدُ: ﴿ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ 2﴾ ، قَالَ اللهُ تَعَالَى: حَـــمِدَنِي عَبْدِي، وَإِذَا قَالَ:
- محاضرات تعظيم قدر الصلاةمحاضرات في تعظيم قدر الصلاة" قَالَ اللهُ تَعَالَى: قَسَمْتُ الصَّلَاةَ بَيْنِي وَبَيْنَ عَبْدِي نِصْفَيْنِ، وَلِعَبْدِي مَا سَأَلَ، فَإِذَا قَالَ الْعَبْدُ: ﴿ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ 2﴾ [الفاتحة: 2]، قَالَ اللهُ تَعَالَى: حَمِدَنِي عَبْدِي، وَإِذَا قَالَ
- محاضرات تعظيم قدر الصلاةمحاضرات في تعظيم قدر الصلاة"هَذَا بَيْنِي وَبَيْنَ عَبْدِي "
- محاضرات تعظيم قدر الصلاةمحاضرات في تعظيم قدر الصلاة"هَذَا بَيْنِي وَبَيْنَ عَبْدِي "
- مشروع منهاج زادكزادك 1 طالب«قَالَ اللهُ تَعَالَى: قَسَمْتُ الصَّلَاةَ بَيْنِي وَبَيْنَ عَبْدِي نِصْفَيْنِ، وَلِعَبْدِي مَا سَأَلَ، فَإِذَا قَالَ الْعَبْدُ: (ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ)، قَالَ اللهُ تَعَالَى: حَمِدَنِي عَبْدِي، وَإِذَا قَالَ: (ٱلرَّحۡمَٰنِ
- نبراس طالب (1)1«قَالَ اللهُ تَعَالَى: قَسَمْتُ الصَّلَاةَ بَيْنِي وَبَيْنَ عَبْدِي نِصْفَيْنِ، وَلِعَبْدِي مَا سَأَلَ، فَإِذَا قَالَ الْعَبْدُ: {الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ(2)}، قَالَ اللهُ تَعَالَى: حَمِدَنِي عَبْدِي، وَإِذَا قَالَ: {الرَّحْمَن