“මාගේ මිතුරා වූ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම, ළුහා සලාතයේ රකආත් දෙක ඉටු කිරීම හා මා නින්දට යාමට පෙර විත්ර් ඉටු කිරීම යන කරුණු තුන පිළිබඳ මට උපදෙස් දුන්හ.”
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“මාගේ මිතුරා වූ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම, ළුහා සලාතයේ රකආත් දෙක ඉටු කිරීම හා මා නින්දට යාමට පෙර විත්ර් ඉටු කිරීම යන කරුණු තුන පිළිබඳ මට උපදෙස් දුන්හ.”
أَوْصَانِي خَلِيلِي صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِثَلاَثٍ: صِيَامِ ثَلاَثَةِ أَيَّامٍ مِنْ كُلِّ شَهْرٍ، وَرَكْعَتَيِ الضُّحَى، وَأَنْ أُوتِرَ قَبْلَ أَنْ أَنَامَ.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා තම මිතුරා වූ ද තම සගයා වූද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තමන්ට කරුණු තුනක් ගැන උපදෙස් දුන් බවත් ඒ පිළිබඳ ප්‍රතිඥා ගත් බවත් මෙසේ දන්වා සිටියේය. පළමුව: සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම. දෙවනුව: සෑම දිනකම ලුහා සලාතයේ රකආත් දෙක ඉටු කිරීම. තුන්වනුව: නින්දට යාමට පෙර විත්ර් සලාතය ඉටු කිරීම. එසේ ඉටු කරනු ලබනුයේ අවසන් රාත්‍රියේ අවදිවීමට නො හැකැයි බියවන කෙනෙකු හටය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් තම සහගාමීන් හට ලබා දුන් උපදෙස් විවිධ විය. එතුමාණන්ගේ සහගාමීන්ගේ තත්ත්වයන්ට අනුව ඇතැම් විට එය දැනුම මත පදනම් විය. එමෙන්ම ඔවුන් අතරින් සෑම කෙනෙකුටම ගැළපෙන දෑ අනුව එම උපදෙස විය. ශක්තිමත් බලවත් අයට අරගලය ගැළපුුණි. නැමදුම් කරන්නාට නැමදුම ගැළපුනි. උගතාට දැනුම ගැළපුනි.
සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම යන ප්‍රකාශය ගැන ඉබ්නු හජර් අල්-අස්කලානී තුමා මෙසේ පවසා සිටියහ. එනම් එය පැහැදිලිව අදහස් කරනුයේ බීළ් යනුවෙන් හඳුන්වන චන්ද්‍රාලෝකයෙන් අහස දිස්වන දින තුනය. එනම්: හිජ්රි මාසයට අනුව චන්ද්‍ර දින දහතුන, දහහතර හා පහළොව යන දින තුන ය.
ඉබ්නු හජර් අල්-අස්කලානී තුමා තවදුරටත් මෙසේ පවසයි: නින්දට පෙර විත්ර් කල් ඇතිව ඉටු කිරීම සතුටු දායක වනුයේ අලුයම් කාලයේ අවදිවීම ගැන සහතික කළ නොහැකි අය සම්බන්ධයෙනි.
මෙම ක්‍රියාවන් තුන සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සහාබවරුන් කිහිප දෙනෙකුමට උපදෙස් දී ඇති බැවින් එහි ඇති වැදගත්කම.
(ලුහා හි රකආත් දෙක) යන ප්‍රකාශය සම්බන්ධයෙන් ඉබ්නු දකීක් අල්-ඊද් තුමා මෙසේ පවසා සිටියි. එය අවම ප්‍රමාණය මෙනෙහි කරන්නක් විය හැක. ඒ ගැන සහතිකයක් දක්නට නොමැත. මෙහි පෙන්වා දෙනුයේ ලුහා හි සලාතයේ වැදගත් කම හා එහි අවම ප්‍රමාණය රකආත් දෙකකි යන වගය.
ළුහා සලාතයේ වේලාව වනුයේ: හිරු උදාවී පැය කාලක් පමණ ගතවීමෙන් පසුවය. එය ළුහර් සලාතයට විනාඩි දහයකට පෙර කාලය දක්වා දිගු වෙයි. එහි ප්‍රමාණය: අවම වශයෙන් රකආත් දෙකකි. එහි උපරිමය ගැන විවිධ මත පවතී. ඇතැමුන් විසින් එය රකආත් අටක් බවත් තවත් ඇතැමුන් විසින් එහි උපරිමයට සීමාවක් නැති බවත් පවසා ඇත.
විත්ර් හි වේලාව: ඉෂා සලාතයෙන් පසු ෆජ්ර් හෙවත් අළුයම් කාලය උදාවන තෙක් කාලය දක්වා දිගු වෙයි. එහි අවම ප්‍රමාණය එක් රකආතයකි. එහි උපරිමය රකආත් එකොළහකි.
සහීහුුල් බුහාරි (3/ 41) (1981).
සහීහ් මුස්ලිම් (1/ 499) (721).
තවත් බලන්න (6)
تيسير العلام.
للبسام (ص342).
تنبيه الأفهام شرح عمدة الأحكام.
لابن عثيمين (3/ 456).
خلاصة الكلام على عمدة الأحكام.
لفيصل آل مبارك (ص159).
පොත්වල උපුටා දක්වා ඇත
10 පොත්තවත් බලන්න (9)
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهمالصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«بِصِيَامِ ثَلَاثَةِ أَيَّامٍ مِنْ كُلِّ شَهْرٍ، وَرَكْعَتَيِ الضُّحَى، وَأَنْ أُوتِرَ قَبْلَ أَنْ أَرْقُدَ»[440].
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهمالصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهمأَوْصَانِي خَلِيلِي ﷺ بِثَلاَثٍ: «صِيَامِ ثَلاَثَةِ أَيَّامٍ مِنْ كُلِّ شَهْرٍ، وَرَكْعَتَيِ الضُّحَى، وَأَنْ أُوتِرَ قَبْلَ أَنْ أَنَامَ»[685].
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«بِصِيَامِ ثَلَاثَةِ أَيَّامٍ مِنْ كُلِّ شَهْرٍ، وَرَكْعَتَيِ الضُّحَى، وَأَنْ أُوتِرَ قَبْلَ أَنْ أَرْقُدَ»[440].
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«أَوْصَانِي خَلِيلِي ﷺ بِثَلَاثٍ: صِيَامِ ثَلَاثَةِ أَيَّامٍ مِنْ كُلِّ شَهْرٍ، وَرَكْعَتَيِ الضُّحَى، وَأَنْ أُوتِرَ قَبْلَ أَنْ أَنَامَ»[685].
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 6«أَوْصاني خَلِيلي صلى الله عليه وسلم بِثلاثٍ:صيَامِ ثَلاثَةِ أَيَّامٍ مِن كلِّ شَهرٍ، وَرَكعَتَي الضُّحىٰ، وَأَن أُوتِرَ قَبْلَ أَنْ أنامَ».
- مجموعة زاد السيرة النبوية (2)1«أوصاني خليلي بثلاث: صيام ثلاثة أيام من كل شهر، وركعتي الضحى، وأن أوتر قبل أن أنام»
- مشروع المنهج التعليميمادة الفقه مستوى 2«صِيَامِ ثَلاَثَةِ أَيَّامٍ مِنْ كُلِّ شَهْرٍ، وَرَكْعَتَيِ الضُّحَى، وَأَنْ أُوتِرَ قَبْلَ أَنْ أَنَامَ»
- مشروع المنهج التعليميمادة الفقه مستوى 3«صِيَامِ ثَلاَثَةِ أَيَّامٍ مِنْ كُلِّ شَهْرٍ، وَرَكْعَتَيِ الضُّحَى، وَأَنْ أُوتِرَ قَبْلَ أَنْ أَنَامَ»
- نبراس طالب (3)نبراس طالب 3أَوْصَانِي خَلِيلِي صلى الله عليه وسلم بِثَلاَثٍ: «صِيَامِ ثَلاَثَةِ أَيَّامٍ مِنْ كُلِّ شَهْرٍ، وَرَكْعَتَيِ الضُّحَى، وَأَنْ أُوتِرَ قَبْلَ أَنْ أَنَامَ»