අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ප්‍රාර්ථනා අතරින් එතුමා අධිකව කළ ප්‍රාර්ථනාව වූයේ, رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً، وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ (අහෝ පරමාධිපතියාණනි! මෙලොව යහපත ද මතුලොවෙහි යහපත ද අපට පිරිනමනු මැනව. නිරයේ ගින්නේ දඬුවමින් අප ආරක්ෂා කරනු මැනව) යන්නයි
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ප්‍රාර්ථනා අතරින් එතුමා අධිකව කළ ප්‍රාර්ථනාව වූයේ, رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً، وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ (අහෝ පරමාධිපතියාණනි! මෙලොව යහපත ද මතුලොවෙහි යහපත ද අපට පිරිනමනු මැනව. නිරයේ ගින්නේ දඬුවමින් අප ආරක්ෂා කරනු මැනව) යන්නයි.
كَانَ أَكْثَرُ دُعَاءِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «اللَّهُمَّ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً، وَفِي الآخِرَةِ حَسَنَةً، وَقِنَا عَذَابَ النَّارِ».
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රාර්ථනා ගොනුවකින් අධික ලෙස ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. ඒවා අතරින්: "අල්ලාහුම්ම රබ්බනා ආතිනා ෆිද් දුන්යා හසනතන් වෆිල් ආහිඃරති හසනතන් වකිනා අදාබන්නාර්" (අහෝ පරමාධිපතියාණනි! මෙලොව යහපත ද මතුලොවෙහි යහපත ද අපට පිරිනමනු මැනව. නිරයේ ගින්නේ දඬුවමින් අප ආරක්ෂා කරනු මැනව) මෙලොව යහපත යන්නෙහි, අනුමත සමෘද්ධිමත් රසවත් පෝෂණය, දැහැමි බිරිය, නෙතට සිසිල ගෙන දෙන දරුවන්, සැනසුම, ප්‍රයෝජනවත් දැනුම, ධාර්මික ක්‍රියාව හා එවැනි ප්‍රිය මනාප හා අනුමත වෙනත් පැතුම් ද ඇතුළත් වේ. එමෙන්ම මතුලොව යහපත යන්නෙහි, මිනීවලෙහි නවාතැනෙහි හා අපා ගින්නේ දඬුවමින් ආරක්ෂාව, අල්ලාහ්ගේ තෘප්තිය ලැබීම, සදා සුවපහසුකම් තුළින් සාර්ථකත්වය සහ මහාකාරුණි පරමාධිපතියාණන්ගේ සමීපත්වය යනාදී කරුණු එහි ඇතුළත් වේ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ආදර්ශය අනුගමනය කරමින් ගොනු කරන ලද අනුවාද තුළින් ප්‍රාර්ථනා කිරීම ප්‍රිය ජනකය.
වඩාත් පූර්ණවත් ප්‍රාර්ථනාව යනු මිනිසා මෙලොව මෙන්ම මතුලොව යහපත අතර තම ප්‍රාර්ථනාව ඒකාබද්ධ කිරීමය.
සහීහුුල් බුහාරි (8/ 83) (6389).
සහීහ් මුස්ලිම් (4/ 2070) (2690).
තවත් බලන්න (8)
توضيح الأحكام من بلوغ المرام.
للبسام (7/ 578).
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (10/ 463).
فتح ذي الجلال والإكرام.
لابن عثيمين (6/ 504).
سبل السلام بشرح بلوغ المرام.
للصنعاني (2/ 714).
පොත්වල උපුටා දක්වා ඇත
4 පොත්තවත් බලන්න (3)
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 7«اللّهم آتنَا في الدُّنيا حسنةً، وفي الآخرة حسَنَةً، وقِنَا عذابَ النَّار».
- صلاتنا الخاشعة"رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً، وَفِي الآخِرَةِ حَسَنَةً، وَقِنَا عَذَابَ النَّارِ" ([35])
- مجموعة زاد الفقه (3)الفقه 3«ربنا آتنا في الدُّنيا حسنةً، وفي الآخرةِ حسنةً، وقنا عذابَ النارِ»