“මට පෙර කිසිවෙකුට පිරි නො නැමූ කරුණු පහක් මට පිරිනමනු ලැබීය
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“මට පෙර කිසිවෙකුට පිරි නො නැමූ කරුණු පහක් මට පිරිනමනු ලැබීය. මසක දුරක් ගමන් කරන තරමට (සතුරා තුළ මා ගැන) බිය ඇති කරවීමෙන් මම උදව් කරනු ලැබුවෙමි. මහපොළොව මුළුමණින්ම නමදින ස්ථානයක් ලෙස ද පිරිසිදු ස්ථානයක් ලෙස ද පත් කරන ලදී. එබැවින් මාගේ සමූහයා අතරින් කවර මිනිසෙකු හෝ වේවා සලාතයේ වේලාව ළඟා වූ විට ඔහු සලාතය ඉටු කළ යුතුයි. සතුරා විසින් යුධ බිමේ දමා යන වස්තුව මට අනුමත කරන ලදී. මට පෙර කිසිවකුට එය අනුමත කර තිබුණේ නැත. තවද මැදිහත්වීම ද මට පිරිනමන ලදී. නබිවරු තම ප්‍රජාවට පමණක් සුවිශේෂී වූ අතර මම මුළු මිනිස් සංහතියටම පොදුවේ එවන ලද්දෙමි.”
«أُعْطِيتُ خَمْسًا لَمْ يُعْطَهُنَّ أَحَدٌ قَبْلِي: نُصِرْتُ بِالرُّعْبِ مَسِيرَةَ شَهْرٍ، وَجُعِلَتْ لِي الأَرْضُ مَسْجِدًا وَطَهُورًا، فَأَيُّمَا رَجُلٍ مِنْ أُمَّتِي أَدْرَكَتْهُ الصَّلاَةُ فَلْيُصَلِّ، وَأُحِلَّتْ لِي المَغَانِمُ، وَلَمْ تَحِلَّ لِأَحَدٍ قَبْلِي، وَأُعْطِيتُ الشَّفَاعَةَ، وَكَانَ النَّبِيُّ يُبْعَثُ إِلَى قَوْمِهِ خَاصَّةً وَبُعِثْتُ إِلَى النَّاسِ عَامَّةً».
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුට පෙර කිසිවෙකුට පිරි නො නැමූ කරුණු පහක් අල්ලාහ් ඔහුට පිරිනමා ඇති බව දන්වා සිටියහ. පළමුවැන්න: මා හා මාගේ සතුරන් අතර මසක දුරක් ගමන් කරන තරම් දුරක් පැවතුණ ද ඔවුන්ගේ සිත් තුළ බිය ඇති කරවීමෙන් මම උදව් කරනු ලැබුවෙමි. දෙවැන්න: අප කොතැනක සිටිය ද මහපොළොවම නමදින ස්ථානයක් බවටත්, ජලය ලබන්නට අපොහොසත් වන අවස්ථාවක පස් භාවිත කරමින් පිරිසිදු කළ හැකි ස්ථානයක් බවටත් එය පත් කරන ලදී. තුන්වැන්න: සතුරා විසින් යුධ බිමේ දමා යන වස්තුව මට අනුමත කරන ලදී. එනම් යුධ බිමේ දී සතුරන් විසින් ඔවුන්ගේ වස්තුව අත් හැර දමා පළා ගිය විටෙක මුස්ලිම්වරුන් විසින් අත්පත් කර ගන්නා දෑය. සිව්වැනුව: මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ භීෂණයෙන් මිනිසුන් මුදවා ගැනීම සඳහා මා විසින් සිදු කරන ඉමහත් මැදිහත්වීම ද මට පිරිනමන ලදී. පස්වනුව: පොදුවේ මිනිස් හා ජින් යන මුළු සංහතියටම මා දේව දූතයකු ලෙස එවනු ලැබුවෙමි. එය මට පෙර වූ නබිවරුන් හට දෙනු ලැබූවක් නොවීය. ඔවුහු තම ප්‍රජාව වෙත පමණක් එවනු ලැබූවෝ වූහ.
අල්ලාහ් පිරිනැමූ ආශිර්වාද ඔහුට දන්වා සිටිනු පිණිසත් ඒ සඳහා අල්ලාහ්ට තම කෘතඥතාව පුද කරනු පිණිසත් ගැත්තා ඒවා ගණන් කිරීම ආගමානුගත කරුණකි.
මෙම සමූහයාට හා එහි නබිවරයාණන්ට මෙම කරුණු ලබා දීමෙන් අල්ලාහ් ඔවුන් භාග්‍යවන්තයින් බවට පත් කළේය.
සලාතය කවර අවස්ථාවක වුව ද එහි නියමිත වේලාවේ ඉටු කළ යුතුය. එහි දී තමන්ට හැකි පමණින් එහි කොන්දේසි, මූළිකාංග හා වගකීම් පිළිපදිමින් ඉටු කළ යුතුය.
නබිවරුන් අතරින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට පමණක් සුවිශේෂී වූ ෂෆාඅත් හෙවත් මැදිහත් වීමේ ක්‍රියාවලිය වර්ග කිහිපයකින් පිහිටනු ඇත. පළමුවැන්න: විනිශ්චය තීරණය කිරීමේ දී මැවීම් සඳහා පෙනී සිටීමේ ෂෆාඅතය. ස්වර්ගවාසීන් ස්වර්ගයට පිවිසීමේ දී එතුමාණන්ගේ පෙනී සිටීම, විශේෂයෙන්ම තම බාප්පා කෙනෙකු වූ අබූ තාලිබ් දේවත්වය ප්‍රතික්ෂේප කළ තත්ත්වයේ මියගිය බැවින් ඔහු නිරයෙන් මුදවා ගැනීමට නොව, අපා ගින්නේ වේදනාව සැහැල්ලු කිරීම සඳහා ඉල්ලා සිටීමට පෙනී සිටීම.
මෙම හදීසයේ සඳහන් නො කළා වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සතු වූ සුවිශේෂී කරුණු බොහෝමයක් ඇත. ඒ අතරින් ජවාමිඋල් කලිම් හෙවත් පුළුල් අර්ථයෙන් යුත් කෙටි ප්‍රකාශ, නබිවරුන් පැමිණීම මෙතුමාගෙන් අවසන් වීම, අපගේ පේළී මලක්වරුන්ගේ පේළි මෙන් සකසනු ලැබීම යනා දී වෙනත් සුවිශේෂී කරුණු ද එතුමාණන් සතු විය.
සහීහුුල් බුහාරි (1/ 74) (335).
සහීහ් මුස්ලිම් (1/ 370) (521).
තවත් බලන්න (4)
تيسير العلام شرح عمدة الأحكام.
للبسام (ص74).
تنبيه الأفهام شرح عمدة الأحكام.
لابن عثيمين (1/ 94).
පොත්වල උපුටා දක්වා ඇත
5 පොත්තවත් බලන්න (4)
- الخطب المنبريةموسوعة الخطب المنبرية (القسم الثالث)«وَجُعِلَتْ لِيَ الْأَرْضُ مَسْجِدًا وَطَهُورًا، فَأَيُّمَا رَجُلٍ مِنْ أُمَّتِي أَدْرَكَتْهُ الصَّلَاةُ فَلْيُصَلِّ»
- مباحث في أصول الدين1«أعطيت خمسًا لم يعطهنّ أحدٌ قبلي: نصرت بالرّعب مسيرة شهرٍ، وجعلت لي الأرض مسجدًا وطهورًا، فأيّمـا رجلٍ من أمّتي أدركته الصّلاة فليصلّ، وأحلّت لي المغانم ولم تحلّ لأحدٍ قبلـي...»
- مجموعة زاد التربية الإسلامية (1)، والسيرة النبوبة (1)، والعقيدة (1)، والفقه (1)التربية الأسلامية 1«وكان النبي يُبعث إلى قومه خاصة وبُعثت إلى الناس عامة».
- مشروع المنهج التعليميمادة الفقه مستوى 3«وجُعلتْ لي الأرضً مسجدًا وطهورًا».