Skip to content

ප්‍රශ්න අංක 31: බිය යනු කුමක්ද? බලාපොරොත්තුව යනු කුමක්ද? මේ සඳහා සාක්ෂි මොනවාද?

الباب / الفصل
قسم العقيدة

السؤال

س31: ما هو الخوف؟ وما هو الرجاء؟ وما الدليل؟

ප්‍රශ්න අංක 31: බිය යනු කුමක්ද? බලාපොරොත්තුව යනු කුමක්ද? මේ සඳහා සාක්ෂි මොනවාද?

الجواب

ج:الخوف: هو الخشية من الله ومن عقابه.

الرجاء: هو الطمع في ثواب الله ومغفرته ورحمته.

الدليل: قوله تَعَالَى:

﴿أُوْلَٰٓئِكَ ٱلَّذِينَ يَدۡعُونَ يَبۡتَغُونَ إِلَىٰ رَبِّهِمُ ٱلۡوَسِيلَةَ أَيُّهُمۡ أَقۡرَبُ وَيَرۡجُونَ رَحۡمَتَهُۥ وَيَخَافُونَ عَذَابَهُۥٓۚ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحۡذُورٗا﴾

[الإسراء: 57].

وقال تَعَالَى:

﴿نَبِّئْ عِبَادِي أَنِّي أَنَا الْغَفُورُ الرَّحِيمُ 49 وَأَنَّ عَذَابِي هُوَ الْعَذَابُ الْأَلِيمُ 50﴾

[الحجر: 49-50]

පිළිතුර: බිය: එනම් අල්ලාහ්ට සහ ඔහුගේ දඬුවමට ඇති බිය වේ.

බලාපොරොත්තුව වනාහි, එය අල්ලාහ්ගේ යහපත් ප්‍රතිඵල, සමාව සහ දයාව පිළිබඳ අපේක්ෂාවයි.

මෙය සම්බන්ධව, අල්ලාහ් මෙසේ පවසා සිටියි.

ඔවුන් කවරෙකුට අයැද සිටින්නේද එවැන්නන් වනාහි, ඔවුන්ගෙන් වඩාත් සමීප වූවන් ඔවුන්ගේ පරමාධිපති වෙත මං සොයති. තවද ඔහුගේ කරුණාව බලාපොරොත්තු වෙති. තවද ඔහුගේ දඬුවමට බිය වෙති. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතිගේ දඬුවම ප්‍රවේශම් විය යුත්තකි.

(අල් ඉස්රාඃ: 57)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

නියත වශයෙන්ම මම අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බව මාගේ ගැත්තන්හට (නබිවරය!) නුඹ දන්වා සිටිනු. තවද නියත වශයෙන්ම මාගේ දඬුවම වන එය වේදනීය දඬුවම බවද ඔවුනට දන්වා සිටිනු.

(අල් හිජ්ර්: 49-50)